මොබියිල් ඕ.එස් නැත්නම් ස්මාර්ට් ෆෝන් වල මෙහෙයුම් පද්ධති.අද ටිකක් මේ මොබයිල් ඔපරෙටින්ග් සිස්ටම් ගැන ටිකක් බලමු.ඉතින් අද ඉන්න පොල් කඩන මනුස්සය ලග තියෙන්නෙත් Android තියෙන ස්මාට්ෆෝන් එකක්.ඒ තරමට Androidජනප්‍රියයි.දැනට ලෝකේ ජනප්‍රියම මොබියිල් ඕ.එස් එකත් Android ඕ.එස් ඒක.ඉතින් අපි මේ දැනට ලෝකේ වැඩියෙන්ම පාවිච්චි කරන මොබියිල් ඕ.එස් කිහිපයක් ගැන බලමු.මේ මොබියිල් ඕ.එස් එකින් ඒක ඒවායේ තියෙන ඉන්ටර්ෆේස් ඒක නැත්නම් පෙනුම,ඒවායේ ඉතිහාසය,ඒවායේ පාවිච්චි වෙන ඇප්ස් ගැන එකින් ඒක බලමු.මුලින්ම Android ගැන….
Tuesday, January 22, 2013
Friday, January 18, 2013
අපි නොදන්න ඉන්ගිරීසි - part 5
ඔන්න මම අදත් අවා
මතකද කලින් පාඩම . මතක නැත්නම් මෙතනින් යන්න
අපි අද මුලින්ම කතා කරමු Had Been ගැන .
Had Been
මතකද කලින් පාඩම . මතක නැත්නම් මෙතනින් යන්න
අපි අද මුලින්ම කතා කරමු Had Been ගැන .
Had Been
Had been කියන්නේ have been/has been වල අතීතය. have been/has been වලින් කතා කලේ අතීතයේ යම් කාලයක සිට වර්තමානය දක්වා තියනවා, සිටිනවා, ඉන්නවා, , කියන ඒවා. නමුත් Had been වලින් කියන්නේ අතීතයේ එක් අවස්තාවක සිට අතීතයේම අවස්තාවක් දක්වා තිබුනා, සිටියා, වුනා, කියන එක. බලන්න පහත රූප දෙක. එතනින් හදුනාගන්න ඒ දෙක අතර වෙනස.
Friday, January 11, 2013
අපි නොදන්න ඉන්ගිරීසි - part 4
ඔන්න මම අදත් අවා
මතකද කලින් කියපුවා . මතක නැත්නම් මෙතනින් යන්න
අපි මතක් කරගම්මු අපි ඉගෙන ගත්ත ඒවා.
අපි Am,Is,Are භාවිත කරනව වර්තමානයේදී ඉන්නවා තිබෙනවා සිටිනවා කියන්න.
අපි Was,Were භාවිතා කරනවා අතීතයේදී තිබුනා සිටියා වුනා කියන්න.
අපි Will be Shall be භාවිතා කරනවා අනාගතයේදී තිබේවි සිටීවි වේවි කියන්න.
අද කියන්න යන්නේ Has been, Have been ගැන.
මතකද කලින් කියපුවා . මතක නැත්නම් මෙතනින් යන්න
අපි මතක් කරගම්මු අපි ඉගෙන ගත්ත ඒවා.
Am - සිටිනවා , වෙනවා ( යට එකේ තියන 'තිබෙනවා' කියන එක මෙතන නැත්තේ ඇයි කියලා පස්සේ කියන්නම්.
Is -තිබෙනවා , සිටිනවා , වෙනවා
Are - තිබෙනවා , සිටිනවා , වෙනවා
Was - තිබුනා, සිටියා , වුනා (අතීතයේදී )
Were - තිබුනා, සිටියා , වුනා (අතීතයේදී )
will be - තිබේවි , සිටීවි , වේවි ( අනාගතයේදී )
shall be - තිබේවි , සිටීවි , වේවි ( අනාගතයේදී )
Has been - කාලයක් තිස්සේ තිබෙනවා , සිටිනවා , වෙනවා
Have been -කාලයක් තිස්සේ තිබෙනවා , සිටිනවා , වෙනවා
Had been - කාලයක් තිස්සේ තිබුනා, සිටියා , වුනා (අතීතයේදී )
Will have been - කාලයක් තිස්සේ , තිබේවි , සිටීවි , වේවි ( අනාගතයේදී )
Shall have been,- කාලයක් තිස්සේ , තිබේවි , සිටීවි , වේවි ( අනාගතයේදී )
May be -තිබෙන්න පුලුවන් , සිටින්න පුලුවන් , වෙන්න පුලුවන්
Might be - තිබෙන්න පුලුවන් , සිටින්න පුලුවන් , වෙන්න පුලුවන්
අපි Am,Is,Are භාවිත කරනව වර්තමානයේදී ඉන්නවා තිබෙනවා සිටිනවා කියන්න.
අපි Was,Were භාවිතා කරනවා අතීතයේදී තිබුනා සිටියා වුනා කියන්න.
අපි Will be Shall be භාවිතා කරනවා අනාගතයේදී තිබේවි සිටීවි වේවි කියන්න.
අද කියන්න යන්නේ Has been, Have been ගැන.
Thursday, January 10, 2013
අපි නොදන්න ඉන්ගිරීසි - part 3
ඔන්න මම අදත් ආවා ඉංගිරීසි පාඩමත් අරගෙන
මතකද අපි කලින් කතා කරපුවා..මතක නැත්නම් මෙතනින් ගිහින් බලන්න
මම ගිය පෝස්ට් එකෙන් කීවා මතකද Am,Is,Are උපකාරක ක්‍රියා පද යොදන්නේ වර්තමානයේ ඉන්නවා ,තියනවා ,වෙනවා, කියන්න. මෙම Am,Is,Are පද වල මව් පදේ වෙන්නේ BE කියන Verb එක.
අද මම කියන්න යන්නේ BE කියන පදේ අතීත පද ගැන. ඒ කියන්නේ Was , were ගැන.
Was , were කියන පද දෙකේම තේරුම තමා සිටියා , තිබුනා , වුනා කියන එක .

Tuesday, January 8, 2013
ජංගම දුරකතනයක් නැතිවූ විට පළමුවෙන්ම කලයුතු දේ..
ජංගම දුරකතනයක් නැතිවූ විට පළමුවෙන්ම කලයුතු දේ..
මුලින්ම කරන්න ඕනි නැති වන විට දුරකතනයේ තිබු සිම් කාර්ඩ් එක අදාල සමාගමට call එකක් ලබා දී විසන්දි කල යුතුය. පසුව ජංගම දුරකථනය නැතිවී දින 7 - 14 කාලය ඇතුලත සිද්ධියට සම්බන්ධ ප්‍රදේශයේ
ලගම පොලිස් ස්ථානය වෙත තම ජාතික හැදුනුම්පත සහ නැතිවූ ජංගම දුරකතනයේ IMEI
අංකය (අදාළ පෙට්ටිය සමග නම වඩාත් පහසුයි) රැගෙන යන්න. එහි යන විට A4 කොලයක
රාජකාරි ලිපියක් ලියන අයුරින් එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තුමා නමට යොමු
වන ලෙස " නැතිවූ ජංගම දුරකතනයේ පැමිණිලි පිටපතක් ඉල්ලා " ලියුමක් ලියාගෙන
යන්න.
පොලිස් ස්ථානයේ සුළු පැමිණිලි අංශයට ගොස් පොලිස් පැමිණිල්ල සටහන් කරන්න.
මතක ඇතුව කියන්න පැමිණිල්ලේ පිටපතක් ඔබට අවශ්‍ය බව. එවිට ඔබගෙන් ඔවුන්
ජාතික හැදුනුම්පත ඉල්ලා ගෙන, දුරකථනය නැතිවූ ස්ථානය, දිනය, එහි නිෂ්පාදිත
වර්ගය, model එක, නැති වන විට තිබු සිම් පතේ දුරකථන අංකය, IMEI අංකය වැනි
දේ ඔබෙන් අසාවි. ඒවා සටහන් කරගත් පසු කියවා බලා එහි අත්සන යොදන්න. එය අවසන්
වූ පසු රැගෙන ආ ලියුම ලබා දී පිටපත ඉල්ලා සිටින්න.ඊලගට ඔබගෙන් රු.25 ක
මුදලක් ලබාගෙන පැමිණිල්ලේ පිටපතක් ඔබට ටික වෙලාවකින් ලබා දෙයි.
Sunday, January 6, 2013
නිවැරදිව payza ගිණුමක් සාදමු - 3 (Fund Account)
මම මේ කියලා දෙන්නේ අපේ Visa debit Card එකේ සල්ලි payza ගිණුමට ගන්න විදිහ දැන් බලමු.
ඔබ තාමත් ඔබේ Debit card එක payza වලට ලින්ක් කරගෙන නොමැති නම් කරන ආකාරය මෙතනින් බලා ගන්න.
ඔබ තාමත් ඔබේ Debit card එක payza වලට ලින්ක් කරගෙන නොමැති නම් කරන ආකාරය මෙතනින් බලා ගන්න.
ඉස්සෙල්ලම ඔයාගේ payza ගිණුමට ලොග් වෙන්න.
.පහත රූපයේ පරිදි Add funds කියන තැන ක්ලික් කරන්න.
Friday, January 4, 2013
ශ්‍රී ලංකාවේ උග්‍ර විෂ සහිත සර්පයින් සර්පයින්
ඔන්න යලුවනේ ඔයාලට කැමති ඇතිනේ සර්පයෝ ගැන දැනගන්න අපි අද සර්පයෝ ගැන කතා කරමු
නයා
එහෙමත් නැත්නම් නාගයා ( Indian
Cobra/ Spectacled Cobra)
කියන්නේ
Elapidae කුළයේ Elapinae කියන උප කුළයට අයිත් උග්‍ර විෂ තියෙන
සර්පයෙක්නේ. Naja
naja තමයි මෙයාගේ විද්‍යාත්මක නම. නයා ලංකාවේ සෑම දේශගුණික
කලාපයකම වගේ දැක ගන්න පුලුවන්. මේ සර්පයාගේ ශරීරය දිගයි සිලින්ඩරාකාරයි.
අපි
හැමෝම වගේ දන්න විදිහට නයා අනෙකුත් සර්යින්ගෙන් වෙන්කර හදුනාගන්න පුලුවන් පැහැදිලි
හිසක් තියෙනවා. මධ්‍යම ප්‍රමාණයේ හිස
පැතලියි. මෙම හිස “පෙනය” (hood)
කියලා හදුන්වනවා. හිස ගෙලින්
පැහැදිලිව වෙන්වෙලා තියෙනවා. ඒ වගේම
හිසේ අඩ කවයක් ආකාරයට කලු පාට පැල්ලමක් තියෙනවා.
මේ පැල්ලම සිංහල“ප” අකුරේ හැඩය ගන්නවා.
සමහර නාගයිනන්ගේ මේ පැල්ලම පැහැදිලිව දිස් වුනත්ඇතැම් සර්පයින්ගේ මෙම සළකුණ එතරම් පැහැදිලි නෑ.
අපි නොදන්න ඉන්ගිරීසි - part 2
ඔන්න හුග දවසකින් තමා කඩ්ඩ ගැන පොස්ට් එකක් ලියන්නේ..
මම අද ඔයාලට කියන්න යන්නේ ඉංගිරීසියේ තියන වාක්‍ය රටා ගැන..
ඉංග්‍රීසි භාෂාවේ ප්‍රධාණ වාක්‍ය දෙවර්ගයක් තියනවා..(Mainly,there are two type of sentences in English)
1.ප්‍රධාන ක්‍රියා පදයක් රහිත වාක්‍ය.
2. ප්‍රධාන ක්‍රියා පදයක් සහිත වාක්‍ය.
අපි බලමු මුලින්ම ක්‍රියා පදයක් රහිත වාක්‍ය ගැන. (Let's see sentences which do not have a main verb)

Thursday, January 3, 2013
ඔබත් ජලය බොනවා නම් මේවත් දැනගන්න.
ජලය යනු ජීවයේ උල්පතයි. අප දන්නා පරිදි ජීවය පැවතීමට ජලය අත්‍යාවශ්‍යය. ජලය
නොමැති තැන ජීවයද නැත. එසේ වන්නේ ඇයි? ජලය යනු පුදුමාකාර ලෙස ජීවය
පවත්වාගෙන යාමට අවශ්‍ය ගතිගුණ සියල්ලකින්ම සපිරි රසායණික ද්‍රව්‍යයකි.
ජීවයේ පෝශණය සඳහා අවශ්‍ය පෝශක ද්‍රව්‍ය ද්‍රාවණය කර අවශෝෂණය කරගැනීමට,
ජීවයේ පැවැත්ම සඳහා අත්‍යාවශ්‍ය රසායන ද්‍රව්‍ය ප්‍රවාහණයට, අපද්‍රව්‍ය
බැහැර කිරීමට වැනි ජීව ක්‍රියා සඳහා ජලය මෙන් සුදුසු මාධ්‍යයක් තවම
විද්‍යාඥයින් හට හමුවී නොමැත.
ජලය සතු තවත් විස්මිත ගුණාංගයක් පෘථිවියේ ජීවය බිහිවීමට උපකාරී විය. එම
විස්මිත ගුණය නොවන්නට මිහිතලය මත ජීවය රැඳී පවතින්නට ඉඩ නොතිබුණි. ජලය සතු
මේ විස්මිත ගුණාංගය නම් ශීතල වී ඝණීභවනය වුනු අවස්ථාව ද්‍රව අවස්ථාවට වඩා
ඝණත්වයෙන් අඩු එකම රසායනික ද්‍රව්‍යය ජලය වීමයි.
මේ ගුණය පෘථිවියේ ජීවයේ පැවැත්මට මෙතරම් වැදගත් ඇයි? පෘථිවිය මත ජීවය බිහිවූයේ සාගර තුල බව අවිවාදයෙන් පිලිගැනෙයි. ජලය තුල බිහිවුනු ශාක මෙන්ම ජීවීන්ද කෙමෙන් කෙමෙන් ගොඩබිම ජීවිතයට හුරුවූහ. ජීවය සාගර තුල ආරම්භවී එය ගොඩබිම කරා පැතිරෙන්නට වසර බිලියන ගණනක් ගතවිය. දැනට විද්‍යාඥයින් විශ්වාස කරන අන්දමට පෘථිවිය කලින් කලට, එනම් වසර ලක්ශයකට පමණ වරක් අයිස් යුගයක ගිලෙයි. අවසාන අයිස් යුගය මීට වසර 10,000කට පමණ පෙර අවසන් විය. ජීවය ජලයේ පමණක් තිබූ වසර බිලියන ගණන තුල පෘථිවිය අයිස් යුග ගණනාවක් පසුකරන්නට ඇත.

සුපිරි දර්ශන නම් HD TV
අපි අද බලමු මොනවද HD TV කියන්නේ කියලා
High Definition Television (හයි ඩෙෆිනිශන් ටෙලිවිශන්) හෙවත්HDTV යනු ඉතා
ඉහල විභේදනයක් (resolution) සහිත රූපවාහිනී වර්ගයකි. ඩිජිටල් ටෙලිවිශන්
(Digital TV - DTV) ගණයට අයත්වන එච්.ඩී.ටීවී රූපවාහිනී වල රෙසොලූශන් ඉතා
ඉහල නිසා ඉතාමත් සුපැහැදිලි, තියුණු රූප තිරයේ මැවෙයි.උදාහරණයක් ලෙස දැනට
අප නිවෙස්වල තිබෙන පෑල් (PAL) වර්ගයට අයත් රූපවාහිනීවල තිරයේ දිවන දර්ශණයේ
රෙසොලූශන් එක (විභේදනය) 720×576 වෙයි. එනම්, තිරයේ රූපය නිර්මාණය කරන කුඩා
රූපාංග (පික්සෙල්-pixel) 414,720 සමන්විතවෙයි.
ඔබගේ පරිගණකයේ WXGA LCD එනම් (Wide XGA resolution) වර්ගයේ තිරයක් ඇත්නම්
ඔබට 800x600 (ලෝ රෙසොලූශන්) සිට 1360x768 (හයි රෙසොලූශන්) දක්වා පරාසයක්
තෝරාගත හැක. බොහෝ පරිගණක WXGA LCD තිර 1360x768 රෙසොලූශන් එකකින්
ක්‍රියාත්මක වීමට වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය මගින් සකසා ඇත්තේ තියුණු
රූපයක් ලබාදීම සඳහාය.
Wednesday, January 2, 2013
හයිබ්‍රිඩ් එන්ජිමක් සහිත මෝටර් රථයක් ක්‍රියාකරන්නේ කෙසේද?
Windows 8 Keyboard Shortcuts
ඔන්න මම අදත් ආවා ඔයාලට වැදගත් වෙයි කියල හිතන දෙයක් අරගෙනම.
මේ වනතුරු Microsoft විසින් නිමවූ හොදම මෙහෙයුම් පද්දතිය ලෙස Windows 8 හදුන්වන්න පුළුවන්. Windows 8 මෙහෙයුම් පද්දතිය බාවිතා කරන්නෙකු ලෙස ඔබ අනිවාර්යෙන්ම Windows 8 hotkeys ගැන දැනගත යුතුමයි. ඉතින් ඔබ Windows 8 හී hotkeys ගැන දන්නවා නම් ඔබට පුළුවන් තවත් ලේසියෙන්ම Windows functions ක්‍රියාකරවන්න. එයින් ඔබේ Windows 8 අත්දැකීම තවත් හොදින් ඔබට විදගන්න පුළුවන් වන බව මට විස්වාසයි. පහතින් දක්වා තිබෙන්නේ ඔබට ගොඩක් ප්‍රයෝජනවත් වන Windows 8 Keyboard Shortcuts කිහිපයකුයි.
සමාගමේ මීලග මෙහෙයුම් පද්දතිය WIN BLUE
ඔක්තෝම්බර් මාසයේ Windows 8 නිකුත් කිරීමෙන් අනතුරුව , මේ දින වල Microsoft කාර්යබහුල වෙලා තියෙන්නේ එයාලගේ Windows පරම්පරාවේ නවතම සාමාජිකයා සුදානම් කිරීමට කාලය යෙදවීම නිසා. මෙයට Windows Blue ලෙස නම් කිරීමට බලාපොරාත්තු වන බව තමයි බොහෝ දෙනෙක් පවසන්නේ. Windows Blue සමඟ පාරිබෝගිකයාට ක්‍රමවත් ලෙස වැඩිපුර updates ලබා දෙන්නට බලාපොරොත්තු වන බවත් මේ වනවිට ආරංචි වෙලා තියෙනවා.
Microsoft ලගේ පරමාර්ථය මෙය හැමෝම අතරේ ඉතා ජනප්‍රිය කිරීමයි. හැම පරිගණකයකම මෙහෙයුම් පද්ධතිය Windows Blue ලෙස දැකීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. මෙයට ඇත්තේ ඉතා සරල පිවිසුම් මාර්ගයක්. මොකද Microsoft බලාපොරොත්තු වෙන්නේ මෙය අඩු මිලකට ඔබට ලබා දෙන්නත් ඒ වගේම නොමිලේ එහි upgrades ලබා දීමටත්. Windows Blue නිකුත් කිරීමෙන් අනතුරුව Microsoft ල අපේක්ෂා කරනවා ඔවුන්ගේ Windows SDK එක update කරන්න. එය Windows Blue සඳහා සුවිශේෂී වෙන ලෙස update කෙරෙන අතර ඉන්පසු Windows 8 සඳහා පමණක් අලුතෙන් නිර්මාණය කරන apps බාරගැනීමෙන් වැලකි සිටීමටත් ඔවුන් බලාපොරොතු වෙනවා. මෙලෙස සිදු කරන්නේ Windows Blue සඳහා apps නිර්මාණයට නිර්මාණකරුවන් පෙළඹවීමක් ලෙසටයි. Windows 8 සඳහා දැනට නිමවූ apps Windows Blue සඳහා සුවිශේෂී Windows SDK හි සුපුරුදු පරිදි run වේවි.
Windows වල genuine copy එකක් ඔයාල ළඟ තියෙන්න ඕනේ Windows Blue වලට ඔයාලගේ මෙහෙයුම් පද්ධතිය upgrade කර ගන්න නම්. Built-in apps සහ Windows Store හි ක්‍රියාකාරීත්වය pirate වලින් ලබාගත්ත පිටපත් වලට ලැබෙන්නේ නැහැ. Apple සහ Google නිෂ්පාදන වල සිදුවෙනවා වගේ Microsoft මෙහෙයුම් පද්ධති වල වසරක් පතා upgrade කිරීමේ ක්‍රියාවලියේ පළමු පියවර ලෙස Windows Blue දැක්විය හැක. කෙසේ නමුත් මේ වන තුරු Microsoft සමාගම Windows Blue ගැන නිල වශයෙන් කිසිදු නිවේදනයක් කර නොමැත.
Tuesday, January 1, 2013
නිවැරදිව payza ගිණුමක් සාදමු - 3 (Verify credit card)
ඔන්න මම අදත් අලුත් දෙයක් අරන් අවා.
අද මම කියාදෙන්න යන්නේ කොහොමද අපි ඇඩ් කරගත්තු VISA කාර්ඩ් එක verify කරගන්නේ කියලා.
එහෙනම් වැඩේ පටන් ගමු.
ඔයාගෙ payza account එකට ලොග් වෙන්න. ඊට පස්සේ පහල රූපයේ තියන විදියට අංක 1 තැන ක්ලික් කරලා අංක 2 කියන තැන තියන My Credit Cards කියන එකට යන්න .

Subscribe to:
Posts (Atom)