Friday, January 18, 2013

අපි නොදන්න ඉන්ගිරීසි - part 5

ඔන්න මම අදත් අවා
මතකද කලින් පාඩම  . මතක නැත්නම් මෙතනින් යන්න

අපි අද මුලින්ම කතා කරමු Had Been ගැන .

Had Been


Had been කියන්නේ have been/has been වල අතීතය.  have been/has been වලින් කතා කලේ අතීතයේ යම් කාලයක සිට වර්තමානය දක්වා තියනවා, සිටිනවා, ඉන්නවා, , කියන ඒවා. නමුත් Had been වලින් කියන්නේ අතීතයේ එක් අවස්තාවක සිට අතීතයේම අවස්තාවක් දක්වා තිබුනා, සිටියා, වුනා, කියන එක. බලන්න පහත රූප දෙක. එතනින් හදුනාගන්න ඒ දෙක අතර වෙනස.







ඔයාලා මතක තියාගන්න ඔනි වැදගත්ම දේ තමයි මෙන්න මේක. ඔයා දැන් had been ගැන කතා කරන්නේ අතීතයේ යම් අවස්ථාවක ඉදලා. ( ඔය රූපෙ ,මැද තියන කනුව ලග ඉදලා )..එතකොට ඔයා වාක්‍ය කියන කොට ඒ අවස්තාව ගැන යම් සදහනක් කරන්න ඕනි. නැතන්ම් වාක්‍ය අසම්පූර්ණයි වගේ.


ඒ වගේම මුල තියන කනුව ගැන සදහන් කරන්නම ඔනි ඒ සදහන් කරද්දි අපි කලින් වගේම since/for කියන ඒවා යොදා ගන්නවා.ඒ වගේම Had been සදහා ඒක වචන subjects බහු වචන subjects භේදයක් නෑ.


අපි බලමු උදාහරණයක්


මම මෙහෙම කියනවා  -:

 ඒ පන්සල අවුරුදු 5 ක් තිස්සේ නුවර තිබුනා මට අවුරුදු 20 ක් වෙනකොට

 (That temple had been in Kandy for 5 years when i was 20 years old)


 හොදට තේරුම් ගන්න බලන්න. මේ වාක්‍යයේදී මට අවුරුදු 20 ක් වෙනකොට තමා ඒ පන්සල අවුරුදු පහක් තිස්සේ නුවර තියෙන්නේ.( වර්තාමානයේදී මට 23 යි)..එතකොට මට 20 යි කොයන්නේ අතීතයේ යම් අවස්තාවක්..ඒ අවස්ථාව තමයි ඉහත රූපයේ තියන මැද කනුව.ඒක සම්බන්ද කරලා තියෙන්නේ When කියන පදයෙන්. When කියන එකේ අදහස තමා විට, කොට, වනවිට, වනකොට කියන ඒවා.


ඒ පන්සල අවුරුදු 5 ක් තිස්සේ නුවර තිබුනා(Taat temple had been in Kandy for 5 years) මේ විදියට කියන්නත් පුලුවනි. නමුත් අවුරුදු 5 ක් තිස්සේ තිබුනේ මොන අවස්ථාව වෙනකොටද කියලා මෙතන නැති නිසා ඒක ටිකක් අසම්පූර්ණයි වගේ නේද.   අපි බලමු තව එකක්.


ඇය උදේ 9 යේ ඉදන් ගහක් යට ඉදලා තිබුනා මම එතනට යනකොට

(She had been under a tree since 9 Am when I went there 


බලන්න ඒ කෙල්ල උදේ 9 යේ ඉදන් ගහක් යට ඉන්නේ දැන් වෙනකන් නෙමේ මම එතනට යනකොට. එතකොට අන්න ඒ මම එතනට යන අතීත  අවස්ථාව වෙනකොට තමා ඇය ගහ යට ඉදලා තිබුනේ

When කියන පදයෙන් ඒ අවස්ථාව දක්වලා තියනවා. ඔතන Went  කියන්නේ Go කියන ක්‍රියා පදයේ අතීතය. Go කියන්නේ  යනවා, Went කියන්නේ ගියා.( මේ හැම දේම ඉදිරි පෝස්ට් වලින් ඔයාලට මම කියන්නම්. )There කියන්නේ එතන කියන අදහස


More Examples


1) අපි අවුරුදු 5 ක් තිස්සේ ගම්පහ ඉදලා තිබුනා  අපේ මල්ලි මැරෙනකොට

    (We had been in Gampaha for 5 years when our brother died)


2)අපේ බල්ලා උදේ ඉදලා කාමරේ ඉදලා තිබුනා අපි ගෙදරට ලගා වෙනකොට. 

  (Our dog had been in room since morning when we arrived Home)


3)මගේ අම්මා උදේ ඉදලා මමත් සමග තරහෙන් ඉදලා තිබුනා මම ගෙදරට යන   කොට

   (My mother had been angry with me since morning when I went home)


බලන්න ඔය 3 වැනි උදාහරණය සදහා මම හොද රූප සටහනක් දාලා තියනවා පහත. ඒක බලලා හොදට තේරුම ගන්න.





අපි ඊලගට කතා කරමු will have been ගැන.

will have been

මෙතනදි අපි කතා කරනනේ දැන් අපි කතා කරන මොහොතේ සිට ඒ කියන්නේ යමෙක් හෝ යම් දෙයක්  වර්තමානයේ සිට අනාගතයේ යම් අවස්ථාවක් දක්වා  තිබේවි, සිටිවි, වේවි කියන දෑ ගැන.

මෙතන්දී අපි ඒ අනාගතයේ යම් අවස්ථාව මේ වාක්‍යට සම්බන්ද කරන්නේ Till කියන පදය යොදාගෙන. Till  කියන පදයේ තේරුම තමා   තුරු , වනතුරු,   කියන ඒවා.

 ඒ වගේම Will have been සදහා ඒක වචන subjects බහු වචන subjects භේදයක් නෑ.

අපි බලමු උදාහරන ටිකක්.


1) අපේ තාත්තා ගෙදර සිටීවි හවස් වෙනතුරු (Our farther will have been at home till evening)(දැන් සිට හවස් වනතුරු)


2) මේ ගොඩනැගිල්ල මෙතන තිබේවි මම මැරෙනකන්. (this building will have been here till I die)


බලන්න ඉහත උදාහරන 2 න් පලවෙනි එකේ till එකත් සමග සම්බන්ද වුනේ තනි පදයක්. Evening කියන පදය. නමුත් දෙවෙනි එකේදී සම්බන්ද උනේ  I die (මම මැරෙනවා ) කියන වාක්‍ය.

ඒ වගේ අපිට කැමති පරිදි යොදන්න පුලුවන්.


3) ඒ කොල්ලා පාසලේ සිටිවි ඔයා යනතුරු (That boy will have been in school till you go )


4)උබ හොදට ඉදීවි ලබන අවුරුද්ද වෙනකන්.ඊට පස්සේ උබ මැරෙනවා නියතයි.

   (You will have been good till next year. After that you will definitely die)


එහෙනම් ඊලග කොටසින් ඉක්මනින්ම හමුවෙමු.


ඔයාලට ප්‍රශ්න තියනවා නම් comment එකෙක් දාන්න.


සුභ දවසක්

No comments:

Post a Comment