මොබියිල්
ඕ.එස් නැත්නම් ස්මාර්ට් ෆෝන් වල මෙහෙයුම් පද්ධති.අද ටිකක් මේ මොබයිල්
ඔපරෙටින්ග් සිස්ටම් ගැන ටිකක් බලමු.ඉතින් අද ඉන්න පොල් කඩන මනුස්සය ලග තියෙන්නෙත් Android තියෙන
ස්මාට්ෆෝන් එකක්.ඒ තරමට
Androidජනප්‍රියයි.දැනට
ලෝකේ ජනප්‍රියම මොබියිල් ඕ.එස් එකත් Android ඕ.එස් ඒක.ඉතින් අපි මේ දැනට
ලෝකේ වැඩියෙන්ම පාවිච්චි කරන මොබියිල් ඕ.එස් කිහිපයක් ගැන බලමු.මේ මොබියිල්
ඕ.එස් එකින් ඒක ඒවායේ තියෙන ඉන්ටර්ෆේස් ඒක නැත්නම් පෙනුම,ඒවායේ
ඉතිහාසය,ඒවායේ පාවිච්චි වෙන ඇප්ස් ගැන එකින් ඒක බලමු.මුලින්ම Android ගැන….
Android Mobile O.S

මේක
සම්පුර්ණයෙන්ම ඕපන්සෝස් ඕ.එස් එකක්.ප්‍රදාන දියුණු කරන්නන් විදියට ගුගල්
හා ඕපන් හෑන්ඩ්සෙට් එලායන්ස් කියන සමාගම් ඇතුළුව තවත් සමාගම් 90 ක් විතර
වැඩකරනවා.Android වල උපන් දිනේ 2008 ඔක්තෝම්බර් 21 වෙනිදා.එදා නිකුත් උනේ
Android
වල පළමුවන සංස්කරණය හෙවත් Cupcake කියන සන්ස්කරණේ.එදා ඉදන් අද වෙනකම්
තවත් Android සංස්කරණ 7ක් නිකුත් වෙලා තියෙනවා.ඒ සංස්කරණව පිලිවෙලින්
ලිව්වොත් මෙහෙමයි.1.6 Donut, 2.1 Eclair,2.2 Froyo,2.3 Gingerbread,3.0
Honeycomb,4.0 Ice Cream Sandwich හා 4.1 Jelly Bean.මේ අතරින් දැනටත්
ජනප්‍රියම සන්ස්කරණේ Ice Cream Sandwich සන්ස්කරණේ.ඉතින් මේ Android තුලම
අවශ්‍ය ඇප්ස් ඩවුන්ලෝඩ් කර ගැනීමට Google Play කියන App store එකත්
අන්තර්ගතයි.එසේම ගොඩක් දෙනෙක් නොදන්නා දේ තමා මේ Android ටච් ස්ක්‍රීන්
ෆෝන් වලට වගේම ට්‍රැක්බෝල් වර්ගයේ ෆෝන් වලටත් ගැලපෙනවා.
Apple iOS

Smart ෆෝන් ලෝකයේ දැවැන්තයා ඇපල් අයි ෆෝන් වලට පමණක්ම ආවේනික ඕ.එස් එකකි.2007 ජුනි මාසයේ 29 වෙනිදා
Apple
Mac OSX මෙහෙයුම් පද්දතියත් සමග එහි මොබයිල් සංස්කරණ ලෙස ලොවට එක්විය.එවිට
එහි නම Apple Mac OSX Mobile තිබුණු අතර පසුව 2010 ජුනි මාසයේදී එය
අයි.ඕ.එස් ලෙස වෙනස්කෙරුනි.අයි.ඕ.එස් සම්පුර්ණයෙන්ම ටච් ස්ක්‍රීන් සමහ
පමණක් සහය දක්වන අතර එහි ඉන්ටර්ෆේස් ඒක අනෙක් සියලුම මොබයිල් ඕ.එස් වලට වඩා
සිත්ගන්නා සුළු ලෙස සකසා ඇත.මෙහි අන්තර්ගත App store ඒක Apple’s App Store
වේ.මෙහි දැනට ඇප්ස් 700,000 පමණ අන්තර්ගතයි.දිනකට මෙම ඇප්ස් ඩව්න්ලෝඩ් වන
වාර ගණන ට්‍රිලියන 30 (30,000,000,000+)කට අදිකයි.අයි.ඕ.එස් හි අලුත්ම
සංස්කරණය මෙමස 22 වෙනිදා නිකුත් උනා.ඒ අයි ෆෝන් හි අලුත්ම සාමාජිකයා iPhone
5 සමගයි.
Symbian

Nokia
සමාගමේ බොහෝ ස්මාර්ට්ෆෝන් වල පැමිණි මෙම මෙහෙයුම් පද්දතිය දැන් නිෂ්පාදනය
කරන කිසිම ස්මාර්ට් ෆෝන් එකක බාවිතා නොකරයි.එයට ප්‍රදාන හේතුව වී ඇත්තේ
නොකියා සමාගම තම අලුත්ම ස්මාර්ට් ෆෝන් සමග මොබයිල් වින්ඩොව්ස් ඕ.එස් ඒක
හදුන්වාදීමයි.පළමු සිම්බියන් සංස්කරණය එළිදක්කේ 1997 දිය.සම්පුර්ණයෙන්ම
ඕපන් සෝස් ගණයට අයත් වේ.මෙහි ඉන්ටර්ෆේස් එක අනෙක් මොබයිල් ඕ.එස් වල
ඉන්ටෙර්ෆෙස් එකට සාපේක්ෂව සිත්ඇදගැනීම අඩුයි.මෙහි ඇති App store ඒක OVI
Store ලෙස හදුන්වයි.කෙසේවෙතත් ඉදිරියේදී සිම්බියන් ඕ.එස් ඒක වද වී
යාවි.Symbian ගැන තවත් දේවල් දැනගන්න
විකිපීඩියාඑකට යන්න.
BlackBerry OS

qwerty
අකාරයේ කී පෑඩ් ඒක සහිත ස්මාර්ට් ෆෝන් අතරින් මුලින්ම ඉන්නේ බ්ලැක්බෙරි
සමාගම.ඉතින් මේ බ්ලැක්බෙරි වල තියෙන්නේ එයාලටම ආවේනික වුනු ඕ.එස් එකක්.මේ
ඕ.එස් එකත් ටච් ස්ක්‍රීන් මෙන්ම ට්‍රැක් බෝල් ආකාරයටත් සහය දක්වන අකාරයේ
ඕ.එස් එකක්.ඉතා සරල ඉන්ටර්ෆේස් එකක් පැවතියත් මෙය ඉතා ජනප්රිය මොබයිල්
ඕ.එස් එකක්. මෙහි පළමු සංස්කරණය 1999 ජනවාරි මාසයේ එළිදුටු අතර දැනට ඇති
නවතම සංස්කරණය BlackBerry OS 7.1 පසුගිය අගෝස්තු මාසයේදී නුකුත් වුවා.2010
සැප්තැම්බර් මාසයේ මෙහි ටැබ්ලට් පරිගණක සදාහා සහය දක්වන ඕ.එස්
ඒක BlackBerry Tablet OS නමින් නිකුත් උනා.එසේම මෙහි ඇති ඇප්ස් ස්ටෝර්
ඒක BlackBerry App World ලෙස හදුන්වයි.BlackBerry OS ඒක ගැන තවත් දේවල්
දැනගන්නවානම්
විකිපීඩියා එක බලන්න.
Windows Phone OS

ලාබාලම
මොබයිල් ඕ.එස් ඒක.2010 නොවැම්බර් 8 දින එළිදකින වින්ඩොව්ස් ෆෝන් ඕ.එස් ඒක
ඉතාම්ම ඉක්මනින් ජනප්රියට පත් වුනු ඕ.එස් එකක්.සංවර්දනය කරන්නේ
Microsoft සමාගම
විසින්.ඉන්ටෙර්ෆෙස් එකත් අනිත් හැම මොබයිල් ඕ.එස් එකකටම වඩා වෙනස්.හෝම්
ස්ක්‍රීන් ඒක ස්ටාර්ට් ස්ක්‍රීන් ලෙසින් හදුන්වයි.එහි සාමාන්‍ය අයිකන්
වෙනුවට ඇත්තේ ටයිල්ස් ලෙස වෙන්වුණු කොටස්.මෙය Metro Interface ලෙසද හදුන්වන
අතර වින්ඩොව්ස් ෆෝන් ඕ.එස් අලුත්ම සංස්කරණය වන Windows Phone 8 මේ මාසයේ
29 නිකුත් වීමට නියමිතයි.2011 පෙබරවාරි මාසයේ මයික්‍රොසොෆ්ට් සමාගම නොකියා
සමාගම සමග නව ගිවිසුමකට එලබුනා.එ නොකියා සමාගමේ මින් එදිරියට එන ස්මාර්ට්
ෆෝන් වල මෙහෙයුම් පද්දතිය ලෙස Windows Phone ඕ.එස් ඒක යෙදාගනෙනවා කියල.එසේම
මෙහි ඇප්ස් ස්ටෝර් ඒක Windows Phone Store ලෙස හදුන්වනවා.මේ ගැනත් වැඩි
විස්තර සදහා
විකිපීඩියා
එක බලන්න. එහෙනම් දැනට ලෝකේ ජනප්‍රියම මොබයිල් ඕ.එස් 6ක් ගැන අපි බැලුව.මේ
දේවල් දාන්න අයත් ඇති.එත් නොදන්නා අයට බලන්නයි ලිව්වේ.කාටම හරි වැදගත්
වෙයිනේ..;)එහෙනම් අනිත් අයටත් බලන්න ශෙයා පාරක් දැම්මට වරදක් නැ..
No comments:
Post a Comment