Friday, January 4, 2013

ශ්‍රී ලංකාවේ උග්‍ර විෂ සහිත සර්පයින් සර්පයින්

ඔන්න යලුවනේ ඔයාලට කැමති ඇතිනේ සර්පයෝ ගැන දැනගන්න අපි අද සර්පයෝ ගැන කතා කරමු 
 
නයා එහෙමත් නැත්නම් නාගයා ( Indian Cobra/ Spectacled Cobra) 
කියන්නේ Elapidae කුළයේ  Elapinae කියන උප කුළයට අයිත් උග්‍ර විෂ තියෙන සර්පයෙක්නේ. Naja naja  තමයි මෙයාගේ විද්‍යාත්මක නම. නයා ලංකාවේ සෑම දේශගුණික කලාපයකම වගේ දැක ගන්න පුලුවන්. මේ සර්පයාගේ ශරීරය  දිගයි සිලින්ඩරාකාරයි.
අපි හැමෝම වගේ දන්න විදිහට නයා අනෙකුත් සර්යින්ගෙන් වෙන්කර හදුනාගන්න පුලුවන් පැහැදිලි හිසක් තියෙනවා.  මධ්‍යම ප්‍රමාණයේ හිස පැතලියි. මෙම හිස “පෙනය‍  (hood)  කියලා හදුන්වනවා.  හිස ගෙලින් පැහැදිලිව වෙන්වෙලා තියෙනවා.  ඒ වගේම හිසේ අඩ කවයක් ආකාරයට කලු පාට පැල්ලමක් තියෙනවා.  මේ පැල්ලම සිංහල“ප අකුරේ හැඩය ගන්නවා.  සමහර නාගයිනන්ගේ මේ පැල්ලම පැහැදිලිව දිස් වුනත්ඇතැම් සර්පයින්ගේ  මෙම සළකුණ එතරම් පැහැදිලි නෑ.

 
නයාට මධ්‍යම ප්‍රමාණයේ ඇස් තියෙනවා.ඒ වගේම  මධ්‍යම ප්‍රමාණයේ නාස් පුඩුත් මෙයාලගේ දැක ගන්න පුලුවන්.
අපේ රටින් විවිධ ශරීර වර්ණ දරන නාගයින් හමුවුනත්  බොහෝ විට  තද දුඹුරු පාටට හුරු කලු පාට ශරීර අතිනාගයින් බහුලව දැක ගන්න පුලුවන්.  ඇතැම් නාගයින් ලා දුඹුරු පාටක් ගන්නවා.  ශරීරය පුරා සුදු පාට සහ දුඹුරු පාට මිශ්‍රව පවතිනවා. ඒ විතරක් නෙමෙයි සුදු පාට නාගයින්ද ලංකාවෙන් වාර්තා වෙනවා.  
අපි කවුරුත් දන්න විදිහට නයා උග්‍ර විෂ සහිතයි.  සර්ප දෂ්ඨනයෙන් අපේ රටේ සිදුවන මරණ වැඩි සංඛ්‍යාවකට හේතුවෙනවා.   නාගයින්ට ශරීරයේ පුර්වයේ පිහිටි දළ  පිහිටනවා.
 

නාග විෂේ ප්‍රධාන අන්තර්ගතය neurotoxin වේ.  මේවා මගින් ස්නායු පද්ධතියට ප්‍රබල හානි ඇතිකරනවා.  මීට අමතරව මාංශ පේශිවල  අකර්මන්‍යතා ඇති කිරීම වගේම හෘදයට බලපෑම් ඇති කරන්නත් මේ විෂ සමත්කම් දක්වනවා.  විෂේ අන්තර්ගත එන්සයිම අතර හයලුරොනිඩේස් තමයි ප්‍රධාන අන්තර්ගතය.
නාගයෙක් දෂ්ඨ කලාට පස්සේ සපා කෑ ස්ථානයේ පටක ක්ෂය වීමක් සිදුවෙනවා.  රෝගියාට හුස්ම ගැන්න අපහසු වෙනවා.  සුදුසු ප්‍රතිකාර කඩිනමින් ලබා දුන්නේ නැත්නම්  රෝගියා මරණයට පත්වෙනවා.
නාගයා වැඩිපුර  ක්‍රියාශීලී වෙන්නේ දවල් කාලයේ.  ඇතැම් විට රාත්‍රී කාලයේද වාර්තා වෙලා තියෙනවා.
නයා කියන්නේ භෞමික සර්පයෙක්.  ඇතැම් විට කුඩා පදුරු වලද ඉන්නවා  දකින්න පුලුවන්. වැසි කාලයේ පදුරු ආශ්‍රිතව දිවි ගෙවනවා.
නාගයින්ට පිහිනීමේ යම් හැකියාවක්ද පවතිනවා.  මේ සර්ප විෂේශය ඇතැම් විට මිනිස් වාසස්තාන වලටද ඇතුලු වෙනවා.
ක්‍රියාශීලී සර්පයෙකුවන මොහු බිය ගැන්වූ විට වේගයෙන් පලා යනවා.  නැත්නම් පෙනය එසවීම සිදුකරනවා. අවසානයේ පහර  දීමට පෙළඹෙනවා. පහර දීමකදී තම ශරීරයෙන් 1/3 එසවීමේ හැකියාව නයෙකුට පවතිනවා.
අප්‍රේල් - ජූලි අතර කාලයේදී බිජු ලෑම සිදු කරනවා.   එක් වරකට බිත්තර 5-25 අතර ප්‍රමාණයක් පොළවේ සකස් කළ කූඩු වල දැමීම සිදු කරනවා.
නාගයෙක් මීටර 1.5 පමණ දිගකට වර්ධනය වෙනවා.
 නාගයින්ගේ ආහාර ගැන කතා කරන කොට මෙයාලත් අනෙක් සර්පයෝ වගේම මීයන් ,ගෙම්බන්, කුරුල්ලන්, මාලුන් ආහාරයට ගන්නවා. ඒ විතරක් නෙමෙයි මෙයාලා වෙනත් සර්පයන් වගේම ඔවුන්ගේ බීත්තරත් ආහාරයට ගන්නවා.
නාගයින් හා බැදුනු මිත්‍යා විෂ්වාස බොහොමයක් අපේ සමාජය පුරා පැතිරිලා තියෙනවා.
අපේ රටේ වගේම වෙනත් රට වලත් ඇතැම් ජන කොට්ඨාශ  නාගයින් මත තම ජීවිකාව පවත්වා ගන්නවා. අපේ රටේ අහිගුන්ඨකයින් කියන්නේ ඒ වගේ ජන කොට්ඨාශක්. ඒ වගේම සමහර ජන කොට්ඨාශ වල මිනිසුන්නාගයන්ට දේවත්වයෙන් සලකනවා.

නයි නැටවීම

කෑවොත් මරණය-තෙල් කරවලා Common Indian Krait


අපි කවුරුත් හොදින් හදුනන ලංකාවේ ඉන්න උග්‍ර විෂ තියෙන සර්පයෙක් වෙන නයා ගැන එදා කතා කලානේ,  අපි කතා කරන්න යන්නේ අපේ රටේ හම්බුවෙන තවත් උග්‍ර විෂ තියෙන සර්පයෙක් වෙන තෙල් කරවලා එහෙමත් නැත්නම් සමහර අය මගමරුවා (Common Indian Krait)  කියලා හදුන්වන සර්පයා ගැන. මේ සර්පයා Elapidae කුළයේ  Elapinae කියන උප කුළයට අයිති වෙනවා. මෙයාගේ විද්‍යාත්මක නම Bungarus caeruleus.
තෙල් කරවලා පහතරට වියළි කලාපයේ සහ අතරමැදි කලාප වල බහුලව හමුවෙනවා. අනුරාධපුර, බලංගොඩ, නාච්චදූව, මින්නේරිය, කතරගම, නකල්ස්, පුත්තලම, කුරුණෑගල ආදී ප්‍රදේශ වලින් මෙම සර්පයා හමුවූ බව වාර්තා වෙලා තියෙනවා.
 මේ සර්පයා මධ්‍යම ප්‍රමාණයේ සිලින්ඩරාකාර ශරීරයක් දරනවා. ගෙල ශරීරයෙන් පැහැදිලිව වෙන්වෙලා නෑ. කලු පාට කෙටි වලිගයක් තියෙනවා. කලු පාට ශරීරය පුරා සුදු පාට වලලු පිහිටනවා. මේක තමයි මේ සර්පයා හදුනාගන්න තියෙන ප්‍රධානතම ලක්ෂණය. මෙයාලගේ යටි පැත්ත සුදු පාටයි.
 හිස දෙපස කුඩා ඇස් පිහිටනවා.
කලිනුත් කිව්වා වගේ මෙයා උග්‍ර විෂ සහිත සර්පයෙක්.  තෙල් කරවලෙකුගේ දෂ්ඨනයෙන් පස්සේ සපා කෑ ස්ථානය තදින් ඉදිමෙනවා. සර්ප දෂ්ඨනයෙන් පසු  හුස්ම ගැනීම අපහසු වෙනවා. දිව එලියට දැමීම වගේම කථා කරන්නත් අපහසු වෙනවා. තෙල් කරවලෙකුගේ දෂ්ඨනයක් සිදුවූ විගසම නිවරදි ප්‍රථමාධාර ලබා දීම සිදුකර වහාම නිවරදි වෛද්‍ය ප්‍රථිකාර සදහා රෝගියා යොමු කරන්න ඕනි.  නැත්නම් මරණය වුවත් සිදු වෙන්න පුලුවන්.
තෙල් කරවලා කියන්නේ නිශාචර සර්පයෙක්. දිවා කල කොළ රොඩු යට සහ පසේ කුහර තුළ  වෙසෙනවා. භෞමික  සර්පයෙක්.
කුපිත කිරීමකින් තොරව වුවත් පහර දීමට පෙළඹීමේ ස්වාභාවයක් මේ සර්පයා තුළින් දකින්න පුලුවන්.
වැඩුනු තෙල් කරවලෙක් සෙන්ටිමීටර 80 ත් 150 ක් පමණ දිගකට වැඩෙනවා.
මීයන්, ගෙම්බන්, හූනන්, සිකනලුන් විතරක් නෙමෙයි වෙනත් නිර්විෂ කුඩා සර්පයින්ද මෙයාලා ආහාර වශයෙන් ගන්නවා..


තවත් කරවලෙක් - මුදු කරවලා Sri Lankan Krait


Elapidae කුළයේ  Elapinae කියන උප කුළයට අයිති කරවල්ලු දෙන්නෙක් ශ්‍රී ලංකාවෙන් හමුවෙනවා. මෙයාලගෙන් එක්කෙනෙක් තමයි මීට කලින්  අපි කතා කරපු තෙල් කරවලා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ අනිත් කරවලා ගැන. මෙයා තමයි මුදු කරවලා. මෙයත් උග්‍ර විෂ තියෙන සර්පයෙක්.  
මුදු කරවලා අපේ රටට ආවේනික සර්පයෙක්. Bungarus ceylonicus ceylonicus සහ Bungarus ceylonicus karavala කියලා උප විෂේශ දෙකක් මෙරට ජීවත් වෙනවා.
 මේ සර්පයා බහුලව හම්බු වෙන්නේ තෙත් සහ අතරමැදි කලාප වලින් Bungarus ceylonicus ceylonicu කියන උප විෂේශය බලංගොඩ, පේරාදෙනිය, මතුගම,මහනුවර, රත්නපුර, ප්‍රදේශ වලින් වාර්තා වෙලා තිබුනත් Bungarus ceylonicus karavala කියන උප විෂේශය හම්බුවෙලා තියෙන්නේ කදුකර ප්‍රදේශ වලින් විතරයි.
 මේ සර්පයාට තියෙන්නේ මධ්‍යම ප්‍රමාණයේ සිලින්ඩරාකාර ශරීරයක්. ගෙල පැහැදිලිව ශරීරයෙන් වෙන් වෙලා නෑ. මෙයාට තියෙන්නේ කුඩා ඇස් වගේම කෙටි වලිගයක්.
මුදු කරවලාගේ ශරීරය අදුරු දුඹුරු පාටයි.  ලා පැහැති වලලු ශරීරය පුරා තියෙනවා. Bungarus ceylonicus ceylonicus උප විෂේශයේ වලලු දකින්න පුලුවන් වර්ධනය වූ සතුන්ගේ විතරයි. හිස පිටුපස සුදු පාටයි.  යටි පැත්ත ක්‍රීම් පාටයි. තද පාට පටි දැක ගන්න පුලුවන්. Bungarus ceylonicus karavala ගේ හිස පිටුපස වැඩි කොටසක් සුදු පාටයි. වර්ධනය වූ විට හිස කලු පාට වෙනවා.
 මුදු කරවලා කියන්නේ උග්‍ර විෂ තියෙන සර්පයෙක්.  සපා කෑ ස්ථානය තදින් ඉදිමෙනවා. සර්ප දෂ්ඨනයෙන් පසු  හුස්ම ගැනීම අපහසු වෙනවා. දිව එලියට දැමීම අපහසු වෙනවා. ඇතැම් වෙලාවට කථා කරන්නත් අපහසු වෙනවා. මේ සර්පයාගේ දෂ්ඨනයක් සිදුවූ විගසම නිවරදි ප්‍රථමාධාර ලබා දීම සිදුකර වහාම නිවරදි වෛද්‍ය ප්‍රථිකාර සදහා රෝගියා යොමු කරන්න ඕනි.  නැත්නම් මරණය වුවත් සිදු වෙන්න පුලුවන්.
මුදු කරවලා නිශාචර සර්පයෙක් හින්දා දවල් කාලයට ඉන්නේ කොළ රොඩු යට හැංගිලා. සමහර වෙලාවට පසේ තියෙන කුහර තුළ දිවා කාලය ගත කරනවා. මෙයත් භෞමික  සර්පයෙක් ඒ කියන්නේ ගොඩබිම ජීවත් වෙන සර්පයෙක්.
මුදු කරවලත් තෙල් කරවලා වගේම කුපිත කිරීමකින් තොරව වුවත් පහර දීමට පෙළඹෙනවා.
Bungarus ceylonicus ceylonicus සෙන්ටිමීටර 80 ත්150 ක් පමණ දිගකටත් Bungarus ceylonicus karavala සෙන්ටිමීටර 70 ක් පමණ දිගකටත් වැඩෙනවා.
මේ සර්පයා විෂ රහිත කුඩා සර්පයින්, මීයන්, ගෙම්බන්, හූනන්, සිකනලුන් කටුස්සන් වැනි සතුන් තම ආහාරය වශයෙන් ගන්නවා.


තවත් විෂ සහිත සර්පයෙක්- තිත් පොළගා Russell's Viper


ශ්‍රී ලංකාවේ හම්බුවෙන උග්‍ර විෂ තියෙන සර්පයෝ පස් දෙනා අතරට පොළන්ගු දෙන්නෙක් අයිති වෙනවා. එයාලගෙන් එක් කෙනෙක් වෙන තිත් පොළගා එහෙමත් නැත්නම් තවත් සමහර අය දාර පොළගා කියලා හදුන්වන සර්පයා     ( Russell's Viper)  ගැන තමයි අපි   කතා කරන්න යන්නේ. Daboia russelii තමයි මෙයාගේ විද්‍යාත්මක නම. Daboia russelii russelii (Indian Russell's viper)    ලෙසට උප විෂේශයක් මෙරටින් හමුවෙනවා.   
තිත් පොළගා මධ්‍යම කදුකරයේ තැනිතලාවල වගේම වියළි කලාපයේ තියෙන ලදු කැලෑවල සහ  තෘණ භූමි වල හමුවෙනවා. ඒ වගේම මේ ප්‍රදේශ වල මිනිස් වාසස්ථාන වලින්ද මේ සර්පයා හමුවෙලා තියෙනවා.
තිත් පොළගාට මහත  සිලින්ඩරාකාර ශරීරයක් තියෙනවා. හිස තරමක් පැතලි ත්‍රිකෝණාකාර හැඩයෙන් යුක්තයි. අනිත් සර්පයින්ට සාපේක්ෂව හිස ගෙලෙන්  වෙන්වෙලා තියෙනවා. මේ සර්පයාගේ විශාල නාස් පුඩු දැක ගන්න පුලුවන්. විශාල ඇස් වල ඉලිප්සාකාර කණිනිකාවක් පිහිටනවා.  ඉතා සිහින් වලිගයක් තමයි තිත් පොළගාට තියෙන්නේ.
 මේ විෂඝෝර සර්පයාගේ ශරීරය දුඹුරු පාටට හුරු කහ පාටක් ගන්නවා. තද දුඹුරු පාට තිත් පේළි තුනක් ශරීරය දිගේ පිහිටනවා.  ඒ තිත් වටේ කලු පාට පටියක් දැක ගත ගන්න පුලුවන්.  ශරීරය යටි පැත්ත සුදු පාටට හුරු ලා කහ පාටක් ගන්නවා.
රතු පාට දිගු දිවක් තිත් පොළගාට පිහිටලා තියෙනවා.
 කලින් කිව්වා වගේම තිත් පෙළගා කියන්නේ උග්‍ර විෂ සහිත සර්පයෙක්. මේ සර්පයාගේ දෂ්ඨනයකට පසු සපා කෑ ස්ථානයේ අධික වේදනාවක් හට ගන්නවා. දෂ්ඨ කළ ස්ථානයේ ඉදිමීමක් මෙන්ම රුධිර වහනයක්ද දැකින්න පුලුවන්.  වකුගඩු අක්‍රිය වීම මෙන්ම හෘදයේ අක්‍රිය වීම් ඇතිවෙන්න පුලුවන්. නිසි ප්‍රතිකාර කඩිනමින් ලබා නොදුනහොත් මරණය සිදුවිය හැක. මේ හින්දා තිත් පොළොන් දෂ්ඨනයක් සිදුවූ විගසම නිවරදි ප්‍රථමාධාර ලබා දීම සිදුකර වහාම නිවරදි වෛද්‍ය ප්‍රථිකාර සදහා රෝගියා යොමු කරන්න ඕනි. 
 තිත් පොළගා කියන්නේ භෞමික සර්පයෙක්. රාත්‍රී කාලයට වැඩිපුර ක්‍රියාශීලී වුනත් නමුත් දවල් කාලයටත් දැකගන්න පුලුවන්.  විවෘත තෘණ භූමි ආශ්‍රිතව වැඩිපුර හමුවෙනවා.
මේ  සර්පයා මීයන් වැනි සතුන් ආහාරයට ගැනීම සදහා කෘෂිබිම් වලට පැමිනෙනවා. මේ නිසා සිදුවූ පහර දීම් බොහෝ විට වාර්තා වෙනවා.  සෙන්ටිමීටර් 150ක්  පමණ දිගකට වැඩෙනවා.
තිත් පොළගා ප්‍රධාන ලෙසටම මීයන් ආහාරයට ගන්නවා මීට අමතරව සිකනලුන් පක්ෂීන් වගේම කුඩා ක්ෂීරපායින් සතුන්ද ආහාරයට ගන්නවා.






තවත් මාරාන්තික පොළගෙක්- වැළි පොළගා Saw-scaled Viper


අපේ රටින් මාරාන්තික විෂ තියෙන පොළොන් විෂේශ දෙකක් හම්බුවෙනවා කියලා, මීට කලින්  තිත් පොළගා ගැන කියනකොට කිව්වා ඔයාලට මතක ඇතිනේ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ   අනික් සර්පයා ගැන, එයා තමයි වැළි පොළගා කියලා හදුන්වන සර්ප විෂේශය. මෙයාගේ විද්‍යාත්මක නම Echis carinatus. ඒ වගේම Echis carinatus carinatus (South Indian Saw-scaled Viper) කියලා උප විෂේශයකුත් මෙරටින් හමුවෙනවා.       
උතුරු නැගෙනහිර සහ වයඹ වෙරළබඩ  ප්‍රදේශ වල තමයි මෙයාලා බහුලව හමුවෙන්නේ. අර්ධ වශයෙන් වියළි, වැලි කදු ආශ්‍රිතව ප්‍රදේශ වල මෙම සර්ප විෂේශය ජීවත් වෙනවා. යාපනය, මුලතිව් , කුමන, මන්නාරම, පුත්තලම, යාල ආදී  ප්‍රදේශ වලින් වාර්තා වෙලා තියෙනවා.
තරමක් මහත  සිලින්ඩරාකාර ශරීරයක් තමයි මෙයාලට තියෙන්නේ. හිස තරමක් පැතලි ත්‍රිකෝණාකාර හැඩයෙන් යුක්තයි. අනෙක් සර්පයින්ට සාපේක්ෂව හිස ගෙලෙන්  පැහැදිලි ලෙස වෙන්වෙලා තියෙනවා. මෙයාලගේ  නාස් පුඩු තරමක් කුඩා උනාට ඇස් සාපේක්ෂව විශාලයි. මේ ඇස් වල ඉලිප්සාකාර කණිනිකාවක් පැහැදිලිව දැක ගන්න පුලුවන්. කෙටි වලිගයක් තමයි තියෙන්නේ.
 ශරීරය  ලා දුඹුරු පාටට හුරු කහ පාටයක් ගන්නවා. ඒ වාගේම ශරීරය පුරා සුදු පාට පැල්ලම් සහ සර්පිලාකාර හැඩයෙන් යුක්ත රේඛාවක් දැක ගන්න පුලුවන්. 
රතු පාට දිගු දිවක් මෙයාලට තියෙනවා.
උග්‍ර විෂ සහිත සර් විෂේශයක් විදිහට හදුන්වන්න පුලුවන්. විෂේ ප්‍රධාන අන්තර්ගතය Haemotoxin  වේ. ඒ කියන්නේ වැළි පොළොන් දෂ්ඨනයකට ලක් වුනාම ප්‍රධාන ලෙසටම හානි සිද්ධ වෙන්නේ රුධිර සංසරන පද්ධතියටයි.  සපා කෑ ස්ථානයේ අධික වේදනාවක් හට ගන්නවා. ඒ වගේම විදුරුමස් වලින් ලේ ගැලීමක්ද ඇතිවෙන්න පුලුවන්.
නිසි ප්‍රතිකාර කඩිනමින් ලබා නොදුනහොත් මරණය සිදුවිය හැකියි. මේ හින්දා වැලි පොළොන් දෂ්ඨනයක් සිදුවූ විගසම නිවරදි ප්‍රථමාධාර ලබා දීම සිදුකර වහාම නිවරදි වෛද්‍ය ප්‍රථිකාර සදහා රෝගියා යොමු කරන්න ඕනි.
 මේ සර්ප විෂේශය බොහෝ විට මුහුදු බඩ වැලි ආශ්‍රිතව හමුවෙනවා. බොහෝ වෙලාවට ඉන්නේ  වැලි යට හැංගිලා. නමුත් සමහර වෙලාවට වියළි කොල රොඩු යට ඉදලත් වාර්තා වෙලා තියෙනවා. මෙයාලා ගොඩක් වෙලාවට ඉන්නේ හිස මැදිවන සේ දගර ගසාගෙනයි.
සෙන්ටිමීටර 150 පමණ දිගකට වර්ධනය වෙනවා.
ප්‍රධාන ලෙසට මීයන් ද එයට අමතරව ගෙම්බන් සහ සිකනලුන්ද ආහාරයට ගන්නවා.


 මේක ඔයියලට වැදගත් උනා කියලා හිතනවා නම් comment එකක් එහෙම දාලා යන්න 





No comments:

Post a Comment