Wednesday, January 2, 2013

සමාගමේ මීලග මෙහෙයුම් පද්දතිය WIN BLUE


ඔක්තෝම්බර් මාසයේ Windows 8 නිකුත් කිරීමෙන් අනතුරුව , මේ දින වල Microsoft කාර්යබහුල වෙලා තියෙන්නේ එයාලගේ Windows  පරම්පරාවේ නවතම සාමාජිකයා සුදානම් කිරීමට කාලය යෙදවීම නිසා. මෙයට Windows Blue ලෙස නම් කිරීමට බලාපොරාත්තු වන බව තමයි බොහෝ දෙනෙක් පවසන්නේ. Windows Blue සමඟ පාරිබෝගිකයාට ක්‍රමවත් ලෙස වැඩිපුර updates ලබා දෙන්නට බලාපොරොත්තු වන බවත් මේ වනවිට ආරංචි වෙලා තියෙනවා.
Microsoft ලගේ පරමාර්ථය මෙය හැමෝම අතරේ ඉතා ජනප්‍රිය කිරීමයි. හැම පරිගණකයකම මෙහෙයුම් පද්ධතිය Windows Blue ලෙස දැකීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. මෙයට ඇත්තේ ඉතා සරල පිවිසුම් මාර්ගයක්. මොකද Microsoft බලාපොරොත්තු වෙන්නේ මෙය අඩු මිලකට ඔබට ලබා දෙන්නත් ඒ වගේම නොමිලේ එහි upgrades ලබා දීමටත්. Windows Blue නිකුත් කිරීමෙන් අනතුරුව Microsoft ල අපේක්ෂා කරනවා ඔවුන්ගේ Windows SDK එක update කරන්න. එය Windows Blue සඳහා සුවිශේෂී වෙන ලෙස update කෙරෙන අතර ඉන්පසු Windows 8 සඳහා පමණක් අලුතෙන් නිර්මාණය කරන apps බාරගැනීමෙන් වැලකි සිටීමටත් ඔවුන් බලාපොරොතු වෙනවා. මෙලෙස සිදු කරන්නේ Windows Blue සඳහා apps නිර්මාණයට නිර්මාණකරුවන් පෙළඹවීමක් ලෙසටයි. Windows 8 සඳහා දැනට නිමවූ apps Windows Blue සඳහා සුවිශේෂී Windows SDK හි සුපුරුදු පරිදි run වේවි.



Windows වල genuine copy එකක් ඔයාල ළඟ තියෙන්න ඕනේ Windows Blue වලට ඔයාලගේ මෙහෙයුම් පද්ධතිය upgrade කර ගන්න නම්. Built-in apps සහ Windows Store හි ක්‍රියාකාරීත්වය pirate වලින් ලබාගත්ත පිටපත් වලට ලැබෙන්නේ නැහැ. Apple සහ Google නිෂ්පාදන වල සිදුවෙනවා වගේ Microsoft මෙහෙයුම් පද්ධති වල වසරක් පතා upgrade කිරීමේ ක්‍රියාවලියේ පළමු පියවර ලෙස Windows Blue දැක්විය හැක. කෙසේ නමුත් මේ වන තුරු Microsoft සමාගම Windows Blue ගැන නිල වශයෙන් කිසිදු නිවේදනයක් කර නොමැත.

No comments:

Post a Comment