ඔන්න අපි අද කතා කරන්න යන්නේ අපේ Helping verb වල අන්තිම කොටස් දෙක
ඒ කියන්නේ May be & Might be
හරි අපි බලමු ..බොහෝ දුරට මේ දෙකේම තියෙන්නේ එකම තේරුම. ඒ කියන්නේ තිබෙනවා ඇති, සිටිනවා ඇති, වෙනවා ඇති කියන තේරුම්.
මේ May be & Might be වල තියෙන්නේ නිශ්චිත නොමැති බව.
අපි කිව්වොත් * නිමල් ගෙදර ඉන්නවා (Nimal is at home) කියලා එතනදි කියවෙනවා නිමල් නිසැකවම ගෙදර ඉන්නවා කියලා. නමුත් අපි කිව්වොත් * නිමල් ගෙදර ඉන්නවා ඇති (Nimal May be at home ) කියලා ඒකෙන් අදහස් වෙන්නේ නිමල් ගෙදර සිටිය හැක කියලා. ඉන්නත් පුලුවන්, නොයින්නත් පුලුවන්.
අපි බලමු උදාහරන ටිකක්.
මගෙ පොත තියනවා ඇති මගේ කාමරේ.
(My book may be in my room) Or (My book might be in my room)
අපේ පුතා පාසලේ ඉන්නවා ඇති.
(Our son may be in school) Or (my son might be in school)
ඔහු දැන් ගුරුවරයෙක් වෙන්න ඇති.
(He might be a teacher now)
ඇය ගෙදර සිටිය හැක.
(She may be at home)
එයා දැන් ඉන්න්වා ඇති ගුවන් තොටුපලේ
(Now he might be in air port)
අපි බලමු අපි මේ වෙනකන් කරපුවා එකට අරගෙන.
Am - සිටිනවා , වෙනවා ( යට එකේ තියන 'තිබෙනවා' කියන එක මෙතන නැත්තේ ඇයි කියලා පස්සේ කියන්නම්.
Is -තිබෙනවා , සිටිනවා , වෙනවා
Are - තිබෙනවා , සිටිනවා , වෙනවා
Was - තිබුනා, සිටියා , වුනා (අතීතයේදී )
Were - තිබුනා, සිටියා , වුනා (අතීතයේදී )
will be - තිබේවි , සිටීවි , වේවි ( අනාගතයේදී )
shall be - තිබේවි , සිටීවි , වේවි ( අනාගතයේදී )
Has been - කාලයක් තිස්සේ තිබෙනවා , සිටිනවා , වෙනවා
Have been -කාලයක් තිස්සේ තිබෙනවා , සිටිනවා , වෙනවා
Had been - කාලයක් තිස්සේ තිබුනා, සිටියා , වුනා (අතීතයේදී )
Will have been - කාලයක් තිස්සේ , තිබේවි , සිටීවි , වේවි ( අනාගතයේදී )
Shall have been,- කාලයක් තිස්සේ , තිබේවි , සිටීවි , වේවි ( අනාගතයේදී )
May be -තිබෙන්න පුලුවන් , සිටින්න පුලුවන් , වෙන්න පුලුවන්
Might be - තිබෙන්න පුලුවන් , සිටින්න පුලුවන් , වෙන්න පුලුවන්
බලන්න මම ඉහත Highlight කරල තියල පාටට අදාල වාක්‍ය වල ඒ පාටම යොදලා තියනවා.
එතකොට උඩ රතුපාට තියෙන Am/Is/Are කියන ඒවයින් මම අරන් තියෙන්නේ Is කියන එක. මොකද ඔහු( He) කියන්නේ ඒක වචන Subject එකක්. තේරෙනවනේ . හැම එකෙක්ම එහෙම තමයි.
ඔහු ගෙදර සිටිනවා.
(He is at home)
ඔහු ගෙදර සිටියා.
(He was at home)
ඔහු ගෙදර සිටීවි.
(He will be at home)
ඔහු අද උදේ ඉදලා ගෙදර සිටිනවා
He has been at home since this morning)
ඔහු ගෙදර ඉදලා තිබුනා ඊයෙ ඉදලා මම එහෙට යනකොට.
He had bee at home since yesterday when I went there
ඔහු හවස් වනතුරු ගෙදර ඉදීවි.
(He will have been at home till evening)
ඔහු ගෙදර සිටිය හැක.
(He may be at home) Or (He might be at home)
එහෙනම් තවත් හොද කොටසකින් අපි හමුවෙමු.
සුභ දවසක්
No comments:
Post a Comment