Saturday, February 2, 2013

අපි නොදන්න ඉන්ගිරීසි - part 7

ඔන්න කාලෙකට පස්සේ පෝස්ට් ලියන්නේ
පටන්  ගමු අපේ පාඩම
මම කලින් පාඩම් වලදි මම කීවා ඉන්ග්‍රීසියේදී මූලික වාක්‍ය රටා 2 ක් තියනවා

   01- ප්‍රධාන ක්‍රියාපදයක් රහිත වාකය.
   02- ප්‍රධාන ක්‍රියාපදයක් සහිත වාකය.

අපි කලින් පාඩම් වලදි කතාකලේ ප්‍රධාන ක්‍රියාපදයක් රහිත වාකය . මම කිවා ඒ වාකය වල ප්‍රධාන ක්‍රියාපදයක් නැති නිසා උපකාරක ක්‍රියා පද යොදාගන්නවා කියලා.

අපි අද කතා කරනා යන්නේ ප්‍රධාන ක්‍රියාපදයක් සහිත වාකය ගැන. ඔයාලට තේරුම ගන්න ලේසි වෙන්න මම එම වාකය ටික ප්‍රධාන කොටස් තුනකට කඩලා කතා කරනවා.

ඊට කලින් මම කියන්න යන්නේ ක්‍රියා පද ගැන.
ඉන්ග්‍රීසියේදී ක්‍රියාපදයක ප්‍රධාන ස්වරූප 3 ක් තියනවා.

 01. ක්‍රියා මූලය හෙවත් ක්‍රියා ධාතුව- Verb Stem
 02. අතීත ක්‍රියාව- Past verb
 03.අතීත කෘදන්තය - past participle


 01. ක්‍රියා මූලය හෙවත් ක්‍රියා ධාතුව- Verb Stem

මේක තමයි ක්‍රියා පදයක පලමු අවස්තාව. මේක තමා ක්‍රියාවේ මූලිකම අවස්තාව.

Go- යනවා
Eat - කනවා.
Sing - සින්දු කියනවා.
Take - ගන්නවා 
Divide - බෙදා වෙන් කරනවා.
Scold-  බනිනවා
Suggest - යෝජනා කරනවා 



 02. අතීත ක්‍රියාව- Past verb

Went- ගියා
Ate - කෑවා
Sang - සින්දු කිව්වා.
Took - ගත්තා
Divided - බෙදා වෙන්කලා
Scolded - බැන්නා.
Suggested - යෝජනා කලා.

විමසුම 
බලන්න අපිට පුලුවන් ක්‍රියා මූලය භාවිතා කරලා අදාල ක්‍රියා පදයේ අතීත ක්‍රියාව( Past verb) සාදා ගන්න. 
ඒ සාදා ගන්න ප්‍රධාන ක්‍රම දෙකක් තියනවා.ඊට කලින් කියන්න ඕනි verb stem, ඒ කියන්නෙ ක්‍රියා ධාතුව අපි ප්‍රධාන කොටස් දෙකකට කඩනවා. 

1.Regular Verbs
2.Irregular Verb

Regular Verbs වලදි අපිට පුලුවන් verb stem එක අගට ed දාලා past verb එක සාදා ගන්න.මතක තියාගන්න   Regular Verbs වල බොහෝ දුරට අකුරු ගනන 4 ක් හෝ ඊට වඩා වැඩී. 


Divide - බෙදා වෙන් කරනවා.
Scold-  බනිනවා
Suggest - යෝජනා කරනවා

බලන්න මේ ක්‍රියා පද  Regular Verbs
මේවායේ අගට ed දාලා තමයි අතීත ක්‍රියාව හදා ගන්නේ,
Divided - බෙදා වෙන්කලා
Scolded - බැන්නා.
Suggested - යෝජනා කලා

Irregular Verb වල නම් අතීත ක්‍රියාව හදා ගන්න එක ක්‍රමයක් කියලා නෑ. ඒවා මතක තියාගන්නම ඕනි.

මේවාගේ අකුරු ගනන බොහොම අඩුයි.

Go- යනවා
Eat - කනවා.
Sing - සින්දු කියනවා.
Take - ගන්නවා

past verb 

Went- ගියා
Ate - කෑවා
Sang - සින්දු කිව්වා.
Took - ගත්තා

අපි බලමු තව උදා හරන ටිකක්.

sleep                     slept
නිදා ගන්නවා         නිදා ගත්තා.

keep                      kept
තබනවා (යමක්)     තැබුවා

buy                        brought
මිලට ගන්නවා        මිලට ගත්තා.

drink                     Drank
බොනවා                බිව්වා

make                     made
හදනවා                  හැදුවා

මුකුත් හිතන්න නම් එපා. මට වෙලාවක් නෑ ගොඩක් Type කරන්න. ඒක නිසා පොතක තියන කොටසක් දාන්නම්. ඒ වචන හොදට පාඩම් කරගන්න.

 







 03.අතීත කෘදන්තය - past participle 

බොහෝ දුරට past participle වෙන්නෙ ක්‍රියාවක අතීත පදයම තමයි. 

උදාහරනයක් විදියට Divide කියන ක්‍රියාව ගත්තොත් එහි අතීත ක්‍රියාව එන්නේ Divided අතීත කෘදන්තයත් Divided ම තමා නමුත් සමහර ක්‍රියා වල මෙය වෙනස් වෙනවා. .බොහෝ දුරට මෙය වෙන්නේ  irregular verbs වල තමා.

උදාහරනක් ලෙස Take කියන ක්‍රියා පදයේ අතීත ක්‍රියාව took වෙනවා. අමුත් අතීත කෘදන්තය Taken.


තව ඉස්සරහට යනකොට මම හැම verb එකකම අතීත කෘදනතය දෙන්නම්. 

එහෙනම් ඊලග පාඩමෙන් බලමු කොහොමද ප්‍රධාන ක්‍රියා පදයක් සහිත වාකය නිර්මානය කරගන්නා අකාරය ගැන. 


සුභ දවසක්. 







No comments:

Post a Comment