Friday, January 11, 2013

අපි නොදන්න ඉන්ගිරීසි - part 4

ඔන්න මම අදත් අවා
මතකද කලින් කියපුවා . මතක නැත්නම් මෙතනින් යන්න



අපි මතක් කරගම්මු අපි ඉගෙන ගත්ත ඒවා.

Am  -  සිටිනවා , වෙනවා  ( යට එකේ තියන 'තිබෙනවා' කියන එක මෙතන නැත්තේ ඇයි  කියලා පස්සේ කියන්නම්.
Is     -තිබෙනවා , සිටිනවා , වෙනවා
Are   - තිබෙනවා , සිටිනවා , වෙනවා 


Was   - තිබුනා, සිටියා ,  වුනා (අතීතයේදී )
Were   - තිබුනා, සිටියා ,  වුනා (අතීතයේදී )


will be - තිබේවි , සිටීවි , වේවි ( අනාගතයේදී )
shall be  - තිබේවි , සිටීවි , වේවි ( අනාගතයේදී )

Has been  - කාලයක් තිස්සේ තිබෙනවා , සිටිනවා , වෙනවා
Have been  -කාලයක් තිස්සේ තිබෙනවා , සිටිනවා , වෙනවා 


Had been    - කාලයක් තිස්සේ තිබුනා, සිටියා ,  වුනා (අතීතයේදී )


Will have been   - කාලයක් තිස්සේ  ,   තිබේවි ,  සිටීවි , වේවි ( අනාගතයේදී )
Shall have been,- කාලයක් තිස්සේ  ,   තිබේවි ,  සිටීවි , වේවි ( අනාගතයේදී )


May be  -තිබෙන්න පුලුවන් ,  සිටින්න පුලුවන් , වෙන්න පුලුවන්
Might be   - තිබෙන්න පුලුවන් ,  සිටින්න පුලුවන් , වෙන්න පුලුවන්



අපි  Am,Is,Are භාවිත කරනව වර්තමානයේදී ඉන්නවා තිබෙනවා සිටිනවා කියන්න.
අපි Was,Were භාවිතා කරනවා අතීතයේදී තිබුනා සිටියා වුනා කියන්න.
අපි Will be Shall be භාවිතා කරනවා අනාගතයේදී තිබේවි සිටීවි වේවි කියන්න.

අද කියන්න යන්නේ Has been, Have been ගැන.




මේ දෙකේම තේරුම තමා අතීතයේ සිට මේ දැන් වෙනකන් කාලයක් තිස්සේ තිබුනා, සිටියා, වුනා, කියන එක..මේවායින් කියන්නේ අතීතය ගැන නෙමේ වර්තමානය ගැන කියල්ල හොදට මතක තියාගන්න. 
බලන්න අපි කලින් කතා කරපුවගේ කාලයක් තිස්සේ වුනේ නෑ. "මම මෙතන සිටිනවා" කියලා කිව්වොත් ඒකේ තේරුම මම දැන්  මෙතන ඉන්නවා කියන එක. මම කිච්චර වෙලාවක ඉදන්න මෙතන ඉන්නේ කියලා ඒකෙන් අදහස් වෙන්නේ නෑ. 


මේ වාක්‍ය වලදී අපි සදහන් කරන්න ඕනි ,ඉන්නේ ,සිටින්නේ, වෙන්නේ කොයි වෙලාවේ ඉදන්ද කියලා. අන්න ඒ වෙලාව කිසියම් කාල පරාසයක් නම් අපි For වලින් සම්බන්ද කරනවා. 

For Five years ( අවුරුදු පහක් තිස්සේ )
For a week (සතියක් තිස්සේ )
for 2 days  (දවස් දෙකක් තිස්සේ )

ඒ වෙලාව කිසියම් අවස්තාවක ඉදල නම් අපි Since භාවිතා කරනවා. 

since yesterday (ඊයේ ඉදලා )
since last year ( ගිය අවුරුද්දේ ඉදලා )

since 9 PM  ( 9 යේ ඉදලා )

 Has been( කාලයක් තිස්සේ , තිබුනා, සිටියා, වුනා) 

අපි Has been යොදන්නේ ඒක වචන Subjects සමග පමනයි. ඒ කියන්නේ (He , She ,Dog ,My car ,Nimal)
 මතක තියාගන්න 


He has been here since morning  (ඔහු මෙතන සිටින්නේ උදේ ඉදලා )
She has been at home since yesterday  (ඇය ගෙදර සිටිනවා ඊයේ ඉදලා )
This temple has been in this place for 5 years (මේ පන්සල මේ ස්ථානයේ තිබෙන්නේ අවුරුදු 5 ක් තිස්සේ)
My car has been in my friend's house for two days  ( මගෙ කාර් එක මගෙ යාලුවගේ ගෙදර තියෙන්නේ දවස් දෙකක් තිස්සේ )

Have been( කාලයක් තිස්සේ , තිබුනා, සිටියා, වුනා) 
අපි Have been යොදන්නේ බහු  වචන Subjects සමග පමනයි. ඒ කියන්නේ (We,They,You,Cars,My pens,That buildings )

you have been here since 9 Am (ඔයා මෙතන ඉන්නේ 9 ඉදලා )
we have been in jungle for 3 days (අපි කැලෑව තුල ඉන්නේ දවස් තුනක් තිස්සේ )
My friends have been in my house for 2 year (මගෙ යාලුවෝ මගෙ ගෙදර ඉන්නේ අවුරුදු 2 ක් තිස්සේ )

එහෙනම් ඉතුරු ටික ඊලග  පොස්ට් එකෙන් ලියන්නම්. ඉක්මනටම


ප්‍රශ්න තියනව නම් Comment එකක්  දාන්න හොදේ 


සුභ දවසක් 
 



No comments:

Post a Comment