මම අද ඔයාලට කියන්න යන්නේ ඉංගිරීසියේ තියන වාක්‍ය රටා ගැන..
ඉංග්‍රීසි භාෂාවේ ප්‍රධාණ වාක්‍ය දෙවර්ගයක් තියනවා..(Mainly,there are two type of sentences in English)
1.ප්‍රධාන ක්‍රියා පදයක් රහිත වාක්‍ය.
2. ප්‍රධාන ක්‍රියා පදයක් සහිත වාක්‍ය.
අපි බලමු මුලින්ම ක්‍රියා පදයක් රහිත වාක්‍ය ගැන. (Let's see sentences which do not have a main verb)
ඊට කලින් කියන්නම් ප්‍රධාන ක්‍රියා පදයක් කියන්නේ මොකක්ද කියලා
ප්‍රධාන ක්‍රියා පදයක් කියන්නේ කය වෙහෙසා හෝ මනස වෙහෙසා කරන ක්‍රියාකාරකමකට
උදා-
කනවා (Eat)
සිතනවා (Think)
බලනවා (Watch)
දකිනවා (See)
ඔන්න ඕවා තමයි.
දැන් බලන්න පහත වාක්‍ය දෙස.
ඔහු මිනිසෙක් වේ.
මම මෙහි සිටිමි.
මම අවුරුදු 3 ක් තිස්සේ ඉන්නේ අපේ අක්කාගේ ගෙදර
ඔහු අනාගතයේදී පිස්සෙක් වේවි.
පෙට්ටියේ බෝලයක් තිබුනා .
වහලය උඩ පූසෙක් සිටී
බලන්න ඉහත වාක්‍ය වල ප්‍රධාන ක්‍රියා පදයක් නෑ. මම මෙහි සිටිමි කීවට එහි තියනවද කායිකව හෝ මානසිකව කරන ක්‍රියාවක් පිලිබදව.
මෙන්න මෙවැනි වාක්‍ය අපි ඉංග්‍රීසියෙන් ලියන කොට අපි භාවිතා කරන්නේ උපකාරක ක්‍රියා පද (Helping Verbs). මොකද ප්‍රධාන ක්‍රියා පදයක් නැති නිසා එයාව නියෝජනය කරන්න කෙනෙක් ඕනි . අන්න එයා තමයි Helping verbs.
අපි බලමු අපිට යොදාගන්න පුලුවන් helping verbs මොනවද කියලා.(let's see what are the helping verbs that we can use)
Am
Is
Are
Was
Were
Has been
Have been
May be
Might be
Had been
Will have been
Shall have been
ඔන්න ඕවා තමයි අපි ප්‍රධාන ක්‍රියා පදයක් නොමැති අවස්ථා වලදී යොදා ගන්නේ. මතක තියා ගන්න මේ හැම Helping verb එකකම තේරුම් තුනක් තියනවා.ඒ තමයි තිබෙනවා , සිටිනවා , වෙනවා කියන ඒව.ඒවා යොදන කාලය අනුව තේරුම චුට්ටක් වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට තිබෙනවා කියන එක අතීතයේදී තිබුනා කියලා වෙනස් වෙනවා.
අපි බලමු ඒවගේ තේරුම
Am - සිටිනවා , වෙනවා ( යට එකේ තියන 'තිබෙනවා' කියන එක මෙතන නැත්තේ ඇයි කියලා පස්සේ කියන්නම්.
Is -තිබෙනවා , සිටිනවා , වෙනවා
Are - තිබෙනවා , සිටිනවා , වෙනවා
Was - තිබුනා, සිටියා , වුනා (අතීතයේදී )
Were - තිබුනා, සිටියා , වුනා (අතීතයේදී )
will be - තිබේවි , සිටීවි , වේවි ( අනාගතයේදී )
shall be - තිබේවි , සිටීවි , වේවි ( අනාගතයේදී )
Has been - කාලයක් තිස්සේ තිබෙනවා , සිටිනවා , වෙනවා
Have been -කාලයක් තිස්සේ තිබෙනවා , සිටිනවා , වෙනවා
Had been - කාලයක් තිස්සේ තිබුනා, සිටියා , වුනා (අතීතයේදී )
Will have been - කාලයක් තිස්සේ , තිබේවි , සිටීවි , වේවි ( අනාගතයේදී )
Shall have been,- කාලයක් තිස්සේ , තිබේවි , සිටීවි , වේවි ( අනාගතයේදී )
May be -තිබෙන්න පුලුවන් , සිටින්න පුලුවන් , වෙන්න පුලුවන්
Might be - තිබෙන්න පුලුවන් , සිටින්න පුලුවන් , වෙන්න පුලුවන්
Highlight කරලා තියෙනේ කාලය අනුව කියලා මතක තියාගන්න.
අපි දැන් එකින් එක ගනිමු
බලන්න උඩිනම තියන රතු පාටින් Highlight කරලා තියන ටික (Am,Is,Are)
බලන්න රතුපාටින් Highlight කරලා තියන ටික සෑම විටම යෙදෙන්නේ වර්තමානයේදී.සෑම විටම එහි තේරුම් තුනයි තිබෙනවා , සිටිනවා , වෙනවා , කියන ඒවා. මේ පද තුනේ මව් පදය තමයි BE.
BE ක්‍රියා පදය තමයි Am,Is,Are කියලා වර්තමානයේදී අපි භාවිතා කරන්නේ. BE කියන ක්‍රියා පදයටත් තියෙන්නේ තිබෙනවා , සිටිනවා , වෙනවා කියන තේරුම් ම තමා .Be කියන පදය යොදන අවස්තාව අනුව අපි Am,Is,Are කියලා භාවිතා කරනවා.
දැන් අපි එකින් එක ගනිමු.
Am - සිටිනවා , වෙනවා
Be කියන අම්මගේ පුතෙකු වන මෙය යොදන්නේ වර්තමානයේදී I(මම ) කියන Subject එක සමග පමනයි.
උදා -
මම මෙතන ඉන්නවා ( I am Here)
මම ගෙදර ඉන්නේ. (I am at home)
මම හොද දරුවෙක් වෙමි (I am a good child)
මම යකෙක් වෙමි. (I am a devil)
Is -තිබෙනවා , සිටිනවා , වෙනවා
Be කියන අම්මගේ පුතෙකු වන මෙය යොදන්නේ වර්තමානයේදී ඒක වචනමය Subjects [He(ඔහු),she(ඇය ),it(ඒක),Nimal , Kamal] සමග පමනයි
ඔහු පිස්සෙක් වේ (He is a mad man)
කමල් වහලය උඩ සිටී. (Kamal is on roof)
එය මහේ ලග වේ (It is with me)
පොත මේසය උඩ තිබේ (The book is on the table)
Are - තිබෙනවා , සිටිනවා , වෙනවා
මෙය යොදන්නේ වර්තමානයේදී බහු වචනමය Subjects [you(ඔබ) , ඔවුන්(they) , සත්තු(Animals) , බල්ලෝ(Dogs) , පැන්සල්(pencils)] සමග පමනයි
ඔයා මෝඩයෙක් (You are fool)
ඔවුන් රියදුරන් වේ (They are drivers)
පැන්සල් මේසය උඩ තිබේ (Pencils are on the desk)
බල්ලෝ මගෙ ගෙදර සිටී. (Dogs are in my house)
එහෙනම් ඉතුරු ටික ඊලග පොස්ට් එකෙන් ලියන්නම්. ඉක්මනටම
ප්‍රශ්න තියනව නම් Comment එකක් දාන්න හොදේ
No comments:
Post a Comment