මතකද අපි කලින් කතා කරපුවා..මතක නැත්නම් මෙතනින් ගිහින් බලන්න
මම ගිය පෝස්ට් එකෙන් කීවා මතකද Am,Is,Are උපකාරක ක්‍රියා පද යොදන්නේ වර්තමානයේ ඉන්නවා ,තියනවා ,වෙනවා, කියන්න. මෙම Am,Is,Are පද වල මව් පදේ වෙන්නේ BE කියන Verb එක.
අද මම කියන්න යන්නේ BE කියන පදේ අතීත පද ගැන. ඒ කියන්නේ Was , were ගැන.
Was , were කියන පද දෙකේම තේරුම තමා සිටියා , තිබුනා , වුනා කියන එක .
මේ දෙකේ වෙනස තමා Was යොදන්නේ ඒක වචන Subject ( I , He ,She , Dog , Kamal )සමග Were යොදන්නේ බහු වචන Subject (You , We ,They , Dogs , Their Cars) සමග.
අපි උදාහරන ටිකක් බලමු.
Was (සිටියා , තිබුනා , වුනා)
I was at home ( මම ගෙදර සිටියා )
I was a teacher ( මම ගුරුවරයෙක් වෙලා හිටිය) (දැන් නෑ ඒත් කලින් සිටියා*බලන්න මේ අතීතය )
She was a good Friend (ඇය හොද මිතුරියක් වුනා )
My book was on the table (මගේ පොත මේසේ උඩ තිබුනා )
Were (සිටියා , තිබුනා , වුනා)
You were at home (ඔයා ගෙදර සිටියා )((ඔන්නම් ඔයා සිටියේ ගෙදර කියන්නත් පුලුවන් )
They were good friends (ඔවුන් හොද යාලුවෝ වෙලා සිටියා )දැන් නෑ ඒත් කලින් සිටියා*බලන්න මේ අතීතය)
Their Cars were in Colombo (ඔවුන්ගෙ කාර් කොලබ තිබ්බා )
Birds were on the roof (කුරුල්ලෝ වහලය මත සිටියා )(දැන් නෑ ඒත් කලින් සිටියා*බලන්න මේ අතීතය )
ඊලගට අපි කතා කරන්න යන්නේ Will be හා Shall be ගැන
මේ දෙකත් කලින් වගේම BE කියන පදයේ අනාගත පද
Will be හා Shall be දෙකේ තේරුම තමා තිබේවි , සිටීවි ,වේවි ,කියන එක
වෙනස තමා Shall be යොදන්නේ WE කියන පදය සමග පමනයි. අනිත් සියලුම Subjects සමග යොදන්නේ Will be ( ඔන්නම් we කියන එක වුනත් Will be සමග යොදන්න පුලුවන්)
Will be (තිබේවි , සිටීවි ,වේවි)
she will be a teacher in future (ඇය අනාගතයේදී ගුරුවරියක් වේවි ) (බලන්න මෙතනදී අපිට ඔන්නම් පුලුවන් අනාගත පදයක් (In future) සමග හෝ පදයක් නොයොදා වාක්‍ය සාදන්න. ඒ කියන්නේ අපිට පුලුවන් she will be a teacher (ඇය ගුරුවරියක් වේවි ) කියන්නත්
He will be the manager next year (ඔහු කලමනාකරුවා වේවි ලබන අවුරුද්දේදී )
This boy will be a problem (මේ පිරිමි ලමයා ප්‍රශ්නයක් වේවි )
cars will be here (කාර් මෙතන තිබේවි )* දැන් නෙමේ අනාගතයේදී
I am sure,you will be a fool (මට විශ්වාසයි, ඔයා මෝඩයෙක් වේවි )
I will be here by 10 AM ( මම මෙතන සිටීවි 10 වෙනකොට ) * දැන් නෙමේ 10 වෙනකොට
Shall be (තිබේවි , සිටීවි ,වේවි)
we shall be friends (අපි යාලුවෝ වේවි )
we shall be fools (අපි මෝඩයෝ වේවි )
එහෙනම් ඉතුරු කොටස ඉක්මනින්ම ඊලග පෝස්ට් එකෙන් කියන්නම්.
සුභ දවසක්
No comments:
Post a Comment