Monday, December 31, 2012

නිවැරදිව payza ගිණුමක් සාදමු - 2 (Add credit card)

ඔන්න අදත් මම අවා අලුත් දෙයක් ඔයාලට අරගෙන.

මම අද කියන්න යන්නේ කොහොමද ඔයාලගෙ account එකට credit/debit card එකක් add කරන්නේ කියලා. මේ ඇඩ් කරන card එක හරහා තමයි ඔයල්ලට පුලුවන් වෙන්නේ ඔයාලගෙ account එක verify කරගන්න.

 ඔයාල හැමෝටම credit card නෑනේ. ඒ නිසා  debit card එකක් මේ සදහා යොදාගන්න පුලුවනි. ඒ debit card එක VISA විය යුතුයි. මොකද Master card මේ සදහා යොදාගන්න බෑ.
දන් ඔයාලට ප්‍රශ්නයක් එයි මොන debit card ද යොදා ගන්න පුලුවන් කියලා. 

මේ සදහා HNB bank එකෙන් නිකුත් කරන Debit card එක පුලුවන්. ඒ වගේම Commercial Bank Visa shopping card එකත් පුලුවන්.  මේ වර්ග දෙක තමා හොදටම හරියන්නේ. 

එහෙනම් පටන් ගමු. 

 
ඔයාගෙ account එකට ලොග් වෙන්න.ඊට පස්සේ MY Payza Account කියල කොල පාට බොත්තමක් ඇති (ඔය අංක 1 න් පෙන්වලා තියෙන්නේ )   එතන ක්ලික් කරන්න. එහකොට මෙන්න මෙහෙම එකක් එයි. 


ඊලගට අංක 2 න් පෙන්වලා තියන MY Credit Cards කියන තැන ක්ලික් කරන්න.පස්සේ මෙන්න මෙහෙම එකක් එයි. 



ඊලගට අංක 1 න් පෙන්වලා තියන තැන ක්ලික් කරන්න.(ඔය 2 න් පෙනවලා තියෙන්නේ මම දැනටමත් ඇඩ් කරල තියන ක්‍රෙඩිට් card තමා)
දැන් එයි මෙහෙම window එකක්. 


දැන් මම කියන විදියට කරන්නකෝ. picture එකේ තියන අංක පිලිවලට මම් කියන්නම්.

1-ඔයාගෙ මුල් නම (ඔයාගෙ නම මුදියන්සේලාගේ සමන් කුමාර නම් ,,මුල් නමට ගහන්න මුදියන්සේලාගේ     සමන් කියලා. last name එකට ගහන්න කුමාර කියලා.)

2- ඔයාගෙ වීසා කාර්ඩ් එකේ ඉස්සරහා පැත්තේ තියන අංක ටික ගහන්න.අංක 16 ක් ඇති.(ඉඩ නොතියා එක දිගටම ගහගෙන යන්න. )

3- ඔයාගෙ කාර්ඩ් එක ඉස්සරහා පැත්තේ තියන වලංගු කාලය ගහන්න.

4-ඔයාගෙ කාර්ඩ් එක පිටි පස්සේ ඇති අංක 3 ක් ..ඒක ගහන්න 

5- ඔයාගෙ ගෙදර ලිපිනය.(ඔයා payza account එක හදද්දි දුන්න ලිපිනය මෙත්නට නිකන්න එනවා. ඒක වැරදී කීවොත් යටින් තියනව change address කියලා. එතනින් ගිහින් ඔයාගෙ බැංකුවට දුන්න address එක දාන්න.මතක තියාගන්න 195/5 කියල ගහන්න බෑ. " / " වෙනුවට " -" ගහන්න..ඒ කියන්නේ 195-5 කියලා.

දැන් NEXT කියන එක දීලා ඉදිරියට යන්න. වැඩේ ඉවරයි. 

card එක ඇඩ් කරගත්තට මේක හරහා ගනුදෙනු කරන්න බෑ. VERIFY කරන්න ඕනි.
ඔයා card එක VERIFY කලාට පස්සේ Automatically ඔයාගෙ account එකත් VERIFY වෙනවා.

එහෙනම් ඊලග පොස්ට් එකෙන් කියන්නම් කොහොමද card එක VERIFY කරන්නේ කියලා. 

ඔයාලට මේ පෝස්ට් එක වැදගත් උනා කියලා හිතනව නම් හෝ ප්‍රශ්න තියනව නම් comment එකක් හරි Like එකක් හරි දාලා යන්න. 

********සුභ දවසක්*******



No comments:

Post a Comment