දැන් ටොරන්ට් කියන්නේ නැතුවම බැරි දෙයක් වෙලානේ තියෙන්නේ. එක අතකින් එහෙම නොවී කොහොමද? ටොරන්ට් වලින් මේ ලෝකෙ ඇති නැති ඕනෙ දෙයක් හොයාගන්න පුලුවන් නේ. ටොරන්ට් බාන ගමන් මම අර කලින් කියපු පාරිභෝගිකයො මෙන්න මේ ගැනත් හිතුවොත් හොඳයි.

ඩවුන්ලෝඩ් කරනවානම් අප්ලෝඩ් කල යුතුමයි! ඒක ටොරන්ට් වල විශ්ව නීතියක්. ඒ නිසා අපිට මේ අප්ලෝඩ් එක නවත්වන්න බෑ (අප්ලෝඩ් වෙන වේගය සීමා කරන්න විතරයි පුලුවන්. ඒත් 5kbps වලට වඩා අඩු කල විට ඩවුන්ලෝඩ් වීමද අඩාල වෙනවා)
ප්‍රශ්නෙ තියෙන්නේ අපේ පාරිභෝගිකයන් මේ අප්ලෝඩ් වෙන ප්‍රමාණය අමතක කරන එකයි. වැඩිදෙනෙක් ගණන් බලන්නෙ ඩවුන්ලෝඩ් කරපු හරිය විතරයි. ඒත් සේවා සපයන සමාගම නම් තිතට ඩවුන්ලෝඩ් එකත් සමගම අප්ලෝඩ් ප්‍රමාණයත් ගණන් බලලා තමයි බිල හදන්නේ.
ඒ නිසා ඔබ මම කලින් කියපු වර්ගයේ පාරිභෝගිකයෙක් නම් ප්‍රවේශමෙන් ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්න. ඒ වගේම මතක තියාගන්න data usage එක කියන්නේ ඩවුන්ලෝඩ් පමණක් නොවන බවත්, අප්ලෝඩ් එකත් ඊට අයත් බවත්
No comments:
Post a Comment