Saturday, December 29, 2012

ඔබේ පරිගණකය වයිරස් ආසදනයකට ලක්වෙලාද යන්න දැනගන්න පුළුවන් ලේසිම ක්‍රමයක්‌


පසුගිය අවරුදු දෙක තුල බොහොමයක් Security ආයතන විසින් Cloud සේවාවන් බාවිතය ආරම්බ කළා. ඒ ඔවුන්ගේ දත්ත ගබඩාවන් රදවා තබමින්,  පාරිබෝගිකයන්ට ඉතා හොද සේවයක් සහ මෘදුකාංග යාවත්කාලීන කිරීමේ වේගය වැඩිකිරීම වැනි නොයෙක් අරමුණු සදහායි. BitDefender QuickScan කියලා කියන්නේ අපේ පරිගණකය ඔවුන්ගේ cloud සමග සම්බන්ද කරමින් පරිගණකය scan කර e-threats වලට නතු වෙලාද කියන එක දැනගන්න පුළුවන් advanced online tool එකක්. ඇත්තටම මෙය බාවිතය හරිම සරලයි. ඕනේ වෙන්නේ පුංචි  browser plugin එකක් ඔබේ web browser එකට ස්ථාපිත කිරීම පමණයි.  අනෙක් online virus scanners වලට වගේ අමතර මෘදුකාංග download කරන්න ඕනේ නැහැ.

 

කොහොමද BitDefender QuickScan බවිතාකරන්නේ?

ඉතින් මෙය ආරම්බ කරන්න කරන්න තියෙන්නේ  BitDefender QuickScan වෙබ් අඩවියට ගිහින් “Scan Now” කියල තියෙන button එක ක්ලික් කරන එකයි. එසැනින්ම ඔබට දැක ගණන පුළුවන් පොඩි popup window එකක් සමග මෙම Scan එක run කිරීමට අවශ්‍ය browser extension එක. එය install කරගන්න.

 අනතර්ජාලය හා සම්බන්දව තිබෙන ඕනෑම පරිගණකයක් මේ විදියට Scan කරගන්න පුළුවන්. Scan වන විට පරිගණකය Slow වීමක් සිදුවන්නේ නැහැ. Scan එක සම්පුර්ණ වීමට ගත වෙන්නේ විනාඩියකට වඩා අඩු කාලයක් පමණයි.
Scan එක අවසානයේ ඔබේ පරිගණකය කිසිදු බලපෑමකට නතු වී නොමැතිනම් කිසිදෙයක් හමු නොවූ බව දන්වමින් පණිවිඩයක් ද ඔබේ පරිගණකය යම් බලපෑමකට ලක් ව ඇති නම් ඔබේ පරිගණකය යම් ආසදනයකට ලක්ව ඇති බවත් එය ඉවත් කිරීමට අවශ්‍ය බව දක්වමින් පණිවිඩයක් ඔබට දැක ගන්නට පුළුවන්. මෙම Scan එකෙන් මුලිකවම සොයාබලනුගේ ක්‍රියාත්මක වෙමින් පවතින malwares, rootkits සහ keyloggers පිලිබදවයි.

No comments:

Post a Comment