Saturday, December 29, 2012

අපි නොදන්න ඉන්ගිරීසි - part 1

ඔන්න කඩ්ඩ නොදන්න අයට ඉගෙන ගන්නයි දන්න අයට තවත් තේරුම් ගන්නයි..ඉන්ගිරීසි පාඩම අරන් ආවා.


වැඩි කතා ඕනි නෑ වැඩේට බහිමු

මුලින්ම මම ඔයාලට කියන්න යන්නේ ඉන්ගිරීසි ඉගන ගනිද්දී බාවිතා වන වැදගත් වන යෙදුම් ටිකක්.
ඉස්සෙල්ලම බලමු subject එක කියන්නෙ මොකක්ද කියලා


SUBJECT

subject එකක් කියන්නෙ හැමවෙලේම ක්‍රියාව කරන පුද්ගලයා හෝ වස්තුව..අපි නිර්මාණය කරන හැම වාක්‍යකටම subject එකක් තිබිය යුතුයි.( PASSIVE VOICE වල්දී හැර )PASSIVE කියන්නේ මොකක්ද කියලා පස්සේ කියන්නම්.
බලන්න පහත උදාහරණ

1) I work in SAMPATH Bank
(මම වැඩ කරන්නේ සම්පත් බැංකුවේ )
   බලන්න මේ වාක්‍යයේ වැඩ කරන්නෙ මම,,ඒ කියන්නෙ subject එක වෙන්නේ I කියන පදය

2) He goes to colombo( ඔහු කොළබ යනවා)
බලන්න මේ වාක්‍යයේ කොළබ යන්නේ කවුද? "ඔහු". ක්‍රියාව කරන්නේ ඔහු , එහනම් subject එක වෙන්නේ He((ඔහු)

3) we are students (අපි සිසුවෝ වෙමු)
මෙහි වෙනවා කියන ක්‍රියාව කරන්නේ අපි ඒ කියන්නේ we ,,එහෙනම් subject  එක විය යුත්තේ WE

4) kamal fights with my friend (කමල් මගෙ යලුවෙක් සමග සටන් කරනවා)
මෙහිදී සටන් කරනවා කියනා ක්‍රියාව කරන්නේ කමල් නැතුව මගෙ යලුවා නෙමෙයි . එතකොට SUBJECT එක වෙන්නේ KAMAL

5) He will tell me the truth (ඔහු මට ඇත්ත කියාවි)
මෙතන SUBJECT එක වෙන්නේ ඔහු .ඒ කියන්නේ HE...මොකද කියනවා කියන ක්‍රියාව කරන්නේ ඔහු නිසා

මතක තියගන්න සෑම විටම subject එක විය යුත්තේ ප්‍රධාන ක්‍රියාව කරන පුද්ගලයා හෝ වස්තුව බවට කියලා 

VERB

verb එකක් කියනේ සෑම විටම පුද්ගලයකු හෝ යම් වස්තුවක් කායිකව හෝ මානසිකව කරන ක්‍රියාවකට.
.මතක තියාගන්න සෑම වාක්‍යකටම verb එකක් තිබිය යුතුමයි.(every sentence should have a verb)

අපි බලමු උඩින් තියන පලවෙනි උදාහරනය

1) I work in SAMPATH Bank
(මම වැඩ කරන්නේ සම්පත් බැංකුවේ )
බලන්න මෙහි මම් කරන ක්‍රියාව තමයි වැඩ කිරීම..එහෙනම් මෙහි Verb එක විය යුත්තේ වැඩ කරනවා  (WORK) කියන පදය


2) He goes to colombo( ඔහු කොළබ යනවා)
මේ වාක්‍යයේ Verb එක වෙන්නේ "යනවා(Goes)" කියන පදය.

3)we are students (අපි සිසුවෝ වෙමු)
මෙහි  Verb එක වෙන්නේ "වෙමු (Are)" කියන පදය..මතක තියාගන්න are කියන්නේ BE කියන verb එකේ
එක් මුහුනක් පමනයි.BE කියන්නේ ක්‍රියා ධාතුව(ඒ කියන්නේ verb stem) එක ඒ ක්‍රියා ධාතුව subject එක අනුව වර්තමාන කාලයේදී ආකාර තුනකින් යොදනවා..එනම් Am /Is /Are කියලා.( ඒ ගැන ලොකු විස්තරයක් පස්සේ දාන්නම් හොදේ) මේ BE verb එකේ තේරුම් තුනක් තියනවා එනම් ඉන්නවා ,තියනවා ,සිටිනවා කියලා.

4) kamal fights with my friend (කමල් මගෙ යලුවෙක් සමග සටන් කරනවා)
.බලන්න මෙහි subject එක නොහොත් කමල් විසින් කරන්නේ මොකක්ද?? ඒ සටන් කිරීම..එහෙනම් verb එක විය යුත්තේ සටන් කිරීම (Fight)

OBJECT

object එක කියන්නේ සෑම විටම ක්‍රියා පදයට භාජනය වන වස්තුව හෝ පුද්ගලයා.

1) I work in SAMPATH Bank
(මම වැඩ කරන්නේ සම්පත් බැංකුවේ )

බලන්න මෙහි වැඩ කරන්නේ මම(I) ඒ කියන්නේ subject එක මම..මම කරන ක්‍රියාව මොකක්ද?වැඩ කිරීම(work) එහෙනම් verb එක වැඩ කිරීම..එතකොට මම වැඩ  කරන්නේ කොහොද කියල මම ඔයාගෙන් ඇහුවොත් ඔයා කියයි SAMPATH බැංකුවේ කියල..එහකොට ක්‍රියාවට භාජනය වෙන්නේ සම්පත් බැංකුව..එක තමයි OBJECT එක.

.අපි තව එකක් බලමු

4) kamal fights with my friend (කමල් මගෙ යලුවෙක් සමග සටන් කරනවා)
බලන්න මෙහි 
සටන් කරනේ කමල් ඒ කියන්නේ subject එක කමල්.verb එක සටන් කිරීම. එතකොට කමල් සටන් කරනේ කා සමගද ?
මගෙ යලුවත් සමග නේද? ගුටි සටන් කිරීමට ලක් වෙන්නේ කවුද?? මගෙ යාලුවා (my friend)
එහෙනම් object එක විය යුත්තේ මගෙ යාලුවා.

ඔයාල මතක තියා ගත යුතු තවත් දෙයක් තමයි OBJECT එක වාක්‍යකට අනිවාර්‍ය නෑ.

අපි මේ උදාහරනය බලමු

They eat (ඔවුන් කනවා )

බලන්න මෙතන ඔවුන්( they) කියන්නේ subject එක..කනවා(eat) කියන්නේ verb එක..එතකොට ක්‍රියාවට භාජනය වන දේ හෙවත් කන්නේ මොනවද කියලා මෙතන තියනවද?? නෑ නේද?? ඒ කියන්නේ මේ වාක්‍යයේ OBJECT එකක් නෑ.

මේකත් බලමු

I think  (මම සිතනවා)

බලන්න මෙතන මම සිතන දෙය නෑ.

He see (ඔහු දකිනවා )

මෙත්න ඔහු දකින්නේ මොකද්ද කියල කියල නෑ නේද??
මේ වාක්‍යයෙත් OBJECT එකක් නෑ

එහෙනම් අදට ඇති නේද??

අපි ඊලග post එකෙන් බලමු කොහොමද සරල වාක්‍යක් සාදන්නේ කියලා (In next post we shall see how to create a simple sentence)

ඔයාලට ප්‍රශ්න එහෙම තියනව Comment කරන්න...............

සුබ දවසක්








1 comment: