මුලින්ම කරන්න ඕනි නැති වන විට දුරකතනයේ තිබු සිම් කාර්ඩ් එක අදාල සමාගමට call එකක් ලබා දී විසන්දි කල යුතුය. පසුව ජංගම දුරකථනය නැතිවී දින 7 - 14 කාලය ඇතුලත සිද්ධියට සම්බන්ධ ප්‍රදේශයේ
ලගම පොලිස් ස්ථානය වෙත තම ජාතික හැදුනුම්පත සහ නැතිවූ ජංගම දුරකතනයේ IMEI
අංකය (අදාළ පෙට්ටිය සමග නම වඩාත් පහසුයි) රැගෙන යන්න. එහි යන විට A4 කොලයක
රාජකාරි ලිපියක් ලියන අයුරින් එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තුමා නමට යොමු
වන ලෙස " නැතිවූ ජංගම දුරකතනයේ පැමිණිලි පිටපතක් ඉල්ලා " ලියුමක් ලියාගෙන
යන්න.
පොලිස් ස්ථානයේ සුළු පැමිණිලි අංශයට ගොස් පොලිස් පැමිණිල්ල සටහන් කරන්න.
මතක ඇතුව කියන්න පැමිණිල්ලේ පිටපතක් ඔබට අවශ්‍ය බව. එවිට ඔබගෙන් ඔවුන්
ජාතික හැදුනුම්පත ඉල්ලා ගෙන, දුරකථනය නැතිවූ ස්ථානය, දිනය, එහි නිෂ්පාදිත
වර්ගය, model එක, නැති වන විට තිබු සිම් පතේ දුරකථන අංකය, IMEI අංකය වැනි
දේ ඔබෙන් අසාවි. ඒවා සටහන් කරගත් පසු කියවා බලා එහි අත්සන යොදන්න. එය අවසන්
වූ පසු රැගෙන ආ ලියුම ලබා දී පිටපත ඉල්ලා සිටින්න.ඊලගට ඔබගෙන් රු.25 ක
මුදලක් ලබාගෙන පැමිණිල්ලේ පිටපතක් ඔබට ටික වෙලාවකින් ලබා දෙයි.
එය රැගෙන නාරාහේන්පිට ඇති TRC (විදුලි සංදේශන හා නියාමන කොමිෂන් සභාව) ට යන්න. ඔබගේ නැති වූ දුරකතනයේ sim පත ඔබ නමට ලියාපදිංචි නොවුණු එකක් නම්, එහි අයිතිකරු එය ඔබට භාවිත කිරීමට ඉඩ දුන් බවට ලිපියක් රැගෙන යන්න. නැත්නම් එය ඔබේ නමට නැවත රෙජිස්ටර් කරගෙන එන ලෙස ඔබට ඔවුන් දැනුම් දේවි.http://x.co/mobiles
අනතුරුව එහිදී ඔබට පිරවීමට ආකෘති පත්‍රයක් ලබා දෙයි. එය පුරවා ඔබගේ
ජාතික හැදුනුම්පතේ චායා පිටපතක් සහ පොලිස් පැමිණිල්ලේ පිටපත සමග බාර දෙන්න.
එය ලබා දුන් දිනයේ සිට මාස 3ක් යන තෙක් ඔවුන් එහි ඇති IMEI මගින් සෙවීම
ආරම්භ කරයි. ඒ කාලය තුල නොලැබුණහොත් එය නැවත නැවතත් අයදුම් කරන්න.
ඒ අතර තුර කාලයේ හෝ පසුව උසාවියේ නඩු පැවරීමක් සිදුවුවහොත් නඩු තීන්දුවක් මගින් එය හැකි ඉක්මන්ට ඔබ වෙත ලබා දීමට ඔවුන් බැදී සිටී.
තවත් හොද පෝස්ට් එකකින් හමුවෙමු.
සුභ දවසක්
ඇත්තටම නියම ලිපියක්
ReplyDeletethank youu..දිගටම රැදී සිටින්න....
ReplyDelete