Monday, February 25, 2013

ඔබේ ඇස් හඳුනා ගන්න


අපේ ඇස් සෙලවෙන විට ඒවා සම්පූර්ණයෙන් ම අන්ධය. එහෙත් යම් ද්‍රව්‍යයකට ඇස් තුඩු දුන් පසු එම ද්‍රව්‍යය සෙලවෙන විට ඇස් ද ඒ සමග ම සෙලවෙන කල අන්ධ කමක් නැත. මෙහි ඇත්ත නැත්ත අපට පහසුවෙන් අත්හදා බැලිය හැකිය.

කන්නාඩියක් ඉදිරියේ සිට ඔබේ එක් ඇසක් දෙස බලන්න. පළමුව ඒ ඇසේ දකුණු කෙළවර දෙස බලන්න. ඊ ළඟට ඒ ඇසේ ම වම් කෙළවර දෙස බලන්න. ඔබට ඇස ගමන් කරනවා පෙනුනේ නැත. එයට හේතුව ඇස සෙලවෙන්නට පටන් ගත් මොහොතේ එය අන්ධ වීමය. මේ අන්ධ මොහොත අපට නො දැනේ. එයට හේතුව ඇසට අන්තිමට පෙනුන රූපය අන්ධ වූ ස්වල්ප වේලාව තුළ මොළයේ රදා පැවතීම ය.


මෙසේ ඇස අන්ධ වීමෙන් මොහොතින් මොහොත දර්ශන පටලයට විවේකය ලැබේ. එය ඇසට මහත් පහසුවකි. ඒ හැරත් ඇස සෙලවෙන විට පෙනෙන්නේ සෙලවෙන චිත‍්‍රයක් නිසා එය පැහැදිලි නැත. මෙම ව්‍යාකූල චිත‍්‍රය වැළැක්වීම පිණිස ඇස සෙලවෙන විට එය අන්ධ වෙයි.

අපේ ඇස් ගැන තව කිව යුතු පුදුම රහසක් නම් ඇස් ඇති කාගේත් එක් ඇසක් ස්වාමි ඇසත්, අනෙක ඇස් වහල් ඇසත් බව ය. සතුන්ගේ ඇස් දෙක ඡායාරූප ගන්නා කැමරා දෙකක් වැනි ය. එක එක ඇසින් වෙන වෙන චිත‍්‍රයක් ලබයි. මිනිසාගේ මොළයේ දී පමණක් මේ චිත‍්‍ර දෙක එක් චිත‍්‍රයක් වෙයි. එසේ වුව ද ඇස් දෙකෙන් ම එක සමාන චිත‍්‍ර දෙකක් මොළයට ලැබෙන්නේ නැත. දකුණත්කරුවකුගේ දකුණු ඇස ද, වමත්කරුවකුගේ වම් ඇස ද මොළයට වැටෙන චිත‍්‍රයෙන් වැඩි කොටසක් ලබා දෙයි.

ඉතිරි ඇස එම චිත‍්‍රයෙහි අඩු ලූහුඬු යමක් සැපයීම කරයි. එම නිසා ප‍්‍රධාන චිත‍්‍රය සපයන ඇසට ස්වාමි ඇස ය, අනෙක් ඇසට වහල් ඇස ය කියා, කියනු ලැබේ. එසේ හෙයින් අප සියලූ දෙනාම පාහේ දකුණැස්කාරයෝ ය. වම් ඇස දකුණැසහෙි උදව්ව පිණිස සේවය කරයි. එහෙත් දකුණු ඇස වැහුවොත් එකෙණෙහිම වම් ඇස දකුණු ඇසේ වැඩ ද බාර ගනියි. මේ කරුණ ද අපට අත්හදා බැලිය හැකි ය.

ඔබ ඉදිරියේ යාර දෙකක් පමණ ඈත තිතක් දෙස බලන්න. ඊළඟට තිත දෙස බලා සිටිද්දී ම ඇඟිලිවල පලඳින මුද්දක් ගෙන අත සම්පූර්ණයෙන් ම දිග හැර ඒ මුද්ද මැදින් තිත පෙනෙන සේ මුද්ද අල්ලන්න. ඊළඟට අත හෝ හිස හෝ නොසොල්වා ම වම් ඇස පියා ගන්න. ඔබ දකුණත්කාරයකු නම් ඒ තිත තවමත් මුද්ද මැදින් පෙනිය යුතු ය. දැන් දකුණු ඇස පියා වම් ඇසෙන් බලන්න. මුද්ද මැදින් පෙනෙන්නේ තිත නොව වෙන තැනකි. ඔබ වමත් කාරයෙක් නම් ඔබේ ස්වාමි ඇස වම් ඇස බව මේ අයුරින් ඔප්පු කළ හැකි ය.


Thursday, February 21, 2013

මිනිස් මොළය ගැන නොදත් කරුනූ....

> මොලයේ සිට අවයව වලට සහ අවයව වල සිට මොලයට ස්නායු අවේග පැයට සැතපුම් 170-270 තරම් වේගයෙන් ගමන කරයි.

> සංගීතය අපගේ මොලයේ හැකියාවන් සහ සංවිධානාත්මක බව ඉහල නංවයි.

> ශරීරයේ උණුසුමෙන් 40% පමණ පමානයක් හානි වෙන්නේ හිසින්. එක නිසා සීතල වෙලවාට ඔලුව ආවරණය කර ගන්න අමතක කරන්න එපා.

> අඩු නින්ද අපගේ අලුත් මතකයන් ඇති කිරීමට බාධා ඇති කරයි. ඒක නිසා මතක ඇතුව දවසට පමාණවත් නින්දක් ලබා ගන්න.
> අපගේ මොලය මගින් වොට් 10ක බල්බය පමාණයේ බලයක් ඇති කරයි.(නිදාගෙන සිටින විටදී පවා.)
> අපගේ මොලයට Britannica විශ්ව කෝෂයේ ඇති කරුණු පමාණය මෙන් 5ස් ගුණයක කරුණු පමාණයක් මතක තබා ගත හැක. මිනිස් මොලයේ මතක දාරිතාව නිශ්චිත වශයෙන් පැවසිය නොහැකි වුවද සාමන්යෙන් මොනිස් මොලයට terabyte 3 සිට 1000 දක්වා මතක දාරිතාවක් ඇත.

> අපගේ රුධිරයට ඇතුළු වන ඔක්සිජන් පමාණයෙන් 20% පමණ භාවිතා කරන්නේ මොලය මගිනි.

> දහවල් කාල්යෙදීට වඩා රාත්*රි කාලයේදී මොලයේ ක්*රියාකාරිත්වය අධික වේ. (හේතුව තාම රහසක්)

> අපගේ මොලයට එහි වේදනාව නොදැනේ.
මොලයේ වේදනා පතිගරාහක නොමැති බැවින් එහි වෙදානාවක් නොදැනේ.


> අපගේ මොලයෙන් 80% පමණ ඇත්තේ ජලය වේ.

> මොලයට තප්පර 8-10ක් පමණ රුධිරය නොලැබුණහොත් අපට සිහිය නැතිවේ.
මොලයට ඔක්සිජන් නොමැතිව විනාඩි 4-6 පමණ ජීවත් විය හැක.නමුත් මෙලෙස විනාඩි 5-10 පමණ තිබුනොත් ස්ථීර ලෙස මොලයට හානේ සිදුවේ.


> ඇහැනුමක් යන විටදී මොලයට යන රුධිර පමාණය වැඩි වෙයි.
> අපට අපව කිති කවා ගත නොහැක. මෙයට හේතුව මොලය විසින් අපගේ ස්පර්ශය සහ වෙනත් පුද්ගලයෙකුගේ ස්පර්ශය පැහැදිලිව වටහා ගන්න බැවිනි.

> අපි ඇසිපිය ගසන සෑම වෙලාවකම මොලය එයට සම්බන්ද වී සියලුම දෑ පතිදීප්තව තබා ගනී. මේ නිසා ඇසිපිය ගසන අවසතාවලදී ලෝකය අඳුරු වී නොයයි.

Saturday, February 16, 2013

මූත්‍රා ගල් ඇති වන්නේ ඇයි ?

මූත්‍රාශයේ ගල් සෑදීම ආහාර නිසාම හැදෙන දෙයක් නොවෙයි. එයට ශරීරයේ ස්වභාවය හේතු වෙනවා. එක පවූලේ එකම ආහාර ගන්නා දෙදෙනෙකු ගෙන් එක් අයෙකුට පමණක් මේ ගල් සෑදෙන්න පූළුවන්. එයට හේතුව ඒ අය ගේ ශරීරයේ ස්වභාවයයි. එහෙත් වැඩියෙන් ජලය පානය කිරීම මේ රෝගය වැළක්වීමට හේතුවක් වෙනවා.


මේ රෝගය සෑදීමට ප්‍රධාන හේතුව මූත්‍රාවල සාන්ද්‍රතාව වැඩි වීමයි. ජලය පානය කිරීම මඟින් සිදු කරන්නේ මූත්‍රාවල සාන්ද්‍රණය අඩූ කිරීමයි.


මූත්‍රා ගල් සෑදීමට බලපාන ප්‍රධාන හේතු මොනවාද?

අපි දන්නවා මූත්‍රාශ පද්ධතියට වකුගඩූ, මූත්‍ර ප්‍රනාල, මූත්‍රාශය සහ මූත්‍රා මාර්ගය අයත් වන බව. ස්ත්‍රියක ගේ මූත්‍ර මාර්ගය ඉතාමත් කෙටියි. එය සෙන්ටි මීටර 4ක් පමණ වෙනවා. පිරිමියකු ගේ මූත්‍රා මාර්ගය ශරීරය තුළත් ශරීරයෙන් පිටතටත් දිගට පිහිටනවා. මේ ආකාරයට මූත්‍රා මාර්ගය පිහිටා තිබෙන ආකාරය දිහා බලන කොට ස්ත්‍රී පූරුෂ යන දෙවර්ගය ම මූත්‍රා ගල් සෑදීමේ රෝගයට ගොදුරු වෙන්න පූළුවන්.


 ශරීරය තුළ මෙවැනි රෝග තත්ත්වයක් තිබෙන විට හට ගන්නා රෝග ලකෂණ මොනවාද?

සාමාන්‍ය මූත්‍රා ආසාදනයක දී හට ගන්නා රෝග ලකෂණ දක්නට ලැබෙනවා. උණ ගැනීම, ඇඟ ශීතල වීම, මූත්‍රා පහවීමේ දී වේදනාව හටගැනීම වැනි ලකෂණ අතරට විශේෂ ලකෂණ කීපයක් ද දක්නට ලැබෙනවා. එයින් යටි බඩ පෙදෙසේ අධික වේදනාව විශේෂයෙන් දකින්නට ලැබෙනවා, මේ වේදනාව හටගත් විට රෝගියාට කෙළින් වී සිටින්න හරිම අමාරුයි. ඊට අමතර ව මූත්‍රා සමඟ ලේ පිටවීමක් ද සිදු විය හැකියි.


මූත්‍රා ගල් සෑදෙන ස්ථාන කීපයක් තිබෙනවා ද? නැත්නම් එකම ස්ථානයක ද හැදෙන්නේ?

මූත්‍රා ගල් වකුගඩූවේ, මූත්‍ර ප්‍රණාලයේ ආරම්භ වන ස්ථානයේ තිබෙන පිරමීඩයක් වැනි කොටසේ, මූත්‍ර මාර්ගය ඇතුළේ, හා වකුගඩූවේ පටක ඇතුළේ යන ස්ථානවල ඇති විය හැකියි.


 මූත්‍රා ගල් හඳුනාගන්නා ක්‍රම මොනවාද?

 ශරීරයේ බාහිර ලකෂණවලින් අපි කලින් කිව් ආකාරයට හඳුනා ගන්න පූළුවන්. ඒ හැරුණාම එක්ස් කිරණ පරීක්ෂණවලින් හඳුූනා ගන්නත් පූළුවන්. එහෙත් එක්ස් කිරණ පරීක්ෂණයෙන් හඳුනාගන්න පූළුවන් වන්නේ සෙන්ටි මිටර 2ට වඩා විශාල ගල් පමණයි. කුඩා ගල් හඳුනාගන්න අපහසූයි. ස්කෑන් පරීක්ෂණ මගිනූත් හඳුනාගන්න පූළුවන්.


සෙන්ටි මිටර 2ට වඩා කුඩා ගල් හඳුනාගන්න අපහසූ වීමට හේතු මොනවාද?

ප්‍රධාන හේතුව තමයි මූත්‍රාගල්වල තිබෙන කැල්සියම් සාන්ද්‍රණය. කැල්සියම් සාන්ද්‍රණය අඩූවෙන් තිබෙන කුඩා ගල්වලින් එක්ස් කිරණ විනිවිද යන නිසා එවැනි ගල් එක්ස් කිරණ පර්යේෂණ මඟින් හඳුනාගන්න අපහසූයි.

Tuesday, February 12, 2013

උරුමයෙන් දේපල බෙදීයන්නේ මෙහෙමයි

උරුමයෙන් දේපල හිමිවීම යනූ යමෙකු නිෂ්චල දේපලක් ඉතිරි කර තබා අන්තිම කැමති පත්‍රයක් නොතබා මියගිය අවස්ථාවකදී ඔහූගේ උරුමකරුවන් අතර එකී දේපල බෙදීයාමයි.

1876 අංක 15 දරණ විවාහක හිමිකම් හා උරුම ආඥා පනතේ (මෙයට 1889 අංක 2 හා 1923 අංක 18 යන පනත්වලින් සංශෝධන ඉදිරිපත් කර තිබේ) ප්‍රතිපාදන වලට අනූව දේපල හිමිකර නොතබා යමෙකු මියගිය විට ඔහූගේ,ඇයගේ දේපල පහත ආකාරයට උරුමවීම සිදුවේ.

ස්වාමියා මියගිය විට මූළු දේපලින් භාගයක් බිරිඳට අයිතිවේ. බිරිඳ මියගියවිට භාගයක් සැමියාට හිමිවේ.

දරුවන් සිටිනවිට බිරිඳට,ස්වාමියාට දේපලින් භාගයක් හිමිවන අතර ඉතිරි භාගය දරුවන් අතර සමසේ බෙදීයයි. යම් දරුවෙකු විවාහකනම් ඔහූ,ඇය මියගොස් සිටී නම් ඔහූට හිමි කොටස ඔහූගේ බිරිඳ,සැමියා සහ දරුවන් අතර නැවත බෙදීයයි.


යම් විවාහක පූද්ගලයෙකු දරුවන් නොමැති නම් ජිවත්ව සිටින ස්වාමියාට,භාර්යාවට මූළු දේපලින් හරි අඩක උරුමය හිමිවන අතර ඉතිරි භාගය මියගිය පූද්ගලයාගේ මව්පියන්ට අයිතිවේ.


දරුවන් නොමැති විවාහක පූද්ගලයෙකුගේ දේපලෙන් හරි අඩක් මව්පියන්ට හිමිවන විටකදී මව්පිය දෙපලගෙන් එක් පාර්ශවයක් ජීවත්ව නොසිටීනම් ජීවත්ව නොසිටින මව,පියාගේ කොටස ඔහූගේ,ඇයගේ සහෝදර සහෝදරියන් අතර සමානව බෙදීයාම සිදුවේ.


යමෙකු මියයන විට ඔයූට,ඇයට දරුවන් නොසිටී නම් සහ දෙමව්පියන්ද ජීවත්ව නොසිටී නම් ජීවත්ව සිටින සැමියාට,භාර්යාවට හරි අඩක් හිමිවන අතර ඉති්රි භාගය මියගිය අයගේ සහෝදර සහෝදරියන් අතර සමානව බෙදීයාම සිදුවේ.


අවිවාහක පූද්ගලයෙකු මියගියවිට ඔහූගේ,ඇයගේ දේපල ජීවත්ව සිටින මව්පිය දෙදෙනාම සමසේ බෙදීයයි.


අවිවාහක පූද්්ගලයකුගේ මව,පියා මියගොස් සිටීනම් මියගිය පූද්ගලයාගේ දෙකෙන් පංගුව එකී අවිවාහක පූද්ගලයාගේ සහෝදර සහෝදරියන්ට සමානව බෙදීයයි


අවිවාහක පූද්ගලයෙකු මියගියවිට ඔහූගේ මව පියාද මියගොස් සිටී නම් ඔහූගේ සහෝදර සහෝදරියන් අතර සමානව දේපල බෙදීයයි. ජීවත්ව නොසිටින සහෝදර සහෝදරියන් වෙනවා නම් ඔවූන් විවාහකනම් විවාහක බිරිඳ� ස්වාමියා හා දරුවන් අතර නැවත දේපල බෙදීයයි.

අලුතෙන්ම තේරුණු සොබාදහමේ පුදුම හත

පුදුම හත සංකල්පයට ඇත්තේ ලොව පුරා ඇත්තේ ඉහල පිළිගැනීමකි .මද්‍යතන යුගයේ පුදුම හත,නුතන යුගයේ පුදුම හත ,සංචාරක ආකර්ෂණය දිනු පුදුම හත ,ස්භාවික පුදුම හත ,දිය යට පුදුම හත ලෙස මෙය විවිද වේ .ඒ අතර නව සොබාදහමේ පුදුම හත තේරීම සඳහා අන්තර්ජාලය ඔස්සේ මත විමසීමක් 2007-2011 දක්වා ලොව පුරා රටවල් 220 ක මිලියන 100 ක පමණ දෙනාගේ සහබාගීත්වය ඇතිව  සිදු කරන ලදී .එම ඡන්ද විමසීමේ ඡන්ද ගණනය පසුගිය නොවැම්බර් 11 වැනිදා සිදු විය .එදින තේරී පත්උනු සොබාදහමේ පුදුම හත පහත දැක්වේ .


           ඇමේසන් වැසි වනාන්තරය
                                ඇමේසන් වැසි වනාන්තරය මෙන්ම ඒ හරහා ගලායන ඇමේසන් නදියද විශ්මජනක වේ .දකුනු ඇමෙරිකාවේ ඇමේසන් නදී නිම්නය ආවරණය කරන ඇමේසන් බ්‍රසීලය ,පේරු ,වෙනිසියුලාව ,කොළොම්බියාව,ප්‍රංශ ගයනාව ,ඉක්වදෝරය ,බොලීවියාව ,ගයනාව සහ සුරිනාමය යන රටවල් පුරා පැතිරී පවතී .මෙම වැසි වනාන්තරය ලෝකයේ විශාලතම වැසි වනාන්තරය වන අතර දැනට ලබගෙන ඇති දත්ත අනුව මෙම වනාන්තරයේ වර්ග කිලෝමීටරයක ඇති ශාක වල මුළු බර ටොන් 90,740 පමණ වන බව සඳහන් වේ .
                               වසර මිලියන ගණනාවක් පුරා නිර්මාණය වූ මෙම වනාන්තරය වර්ග කිලෝමීටර 5,500,000 ක පුරා පැතිරී ඇති අතර ඒ තුල යෝධ කුහුඹු කන්නා,ටේපරයා,ජගුවරයා ,ඇලිගේටරයා ,පිරන් හා මත්සයන් ,විදුලි ආදා ,ලේ උරා බොන වවුලා වැනි විවිදාකාර සතුන් මිලියන ගණනාවක් ජීවත් වේ .එමෙන්ම වනචාරී මිනිසුන් බොහෝ පිරිසකගේ වස භුමිය බවටද ඇමේසන් පත්ව තිබේ .

                 හා ලෝන්ග් බොක්ක 
                                           වියට්නාමයේ පවතින හා ලෝන්ග් බොක්ක වර්ග කිලෝමීටර  1553 ක ප්‍රදේශයක හුණුගල් සමුහයකින් හා නිසල ජල තලයකින් යුක්තව ස්බාවිකවම නිර්මාණය වන ලද්දකි .පැරණි පුරාවුර්ත වලට අනුව මකරකුගේ  පුරාවුර්තයකට අනුව මෙම බොක්කට හා ලෝන්ග් යන නම ලැබී තිබේ .විසිතුරු මුහුදු තීරයකට සහ විසිතුරු ගල්ගුහ රාශියකට උරුමකම් කියන මෙහි විශාලම ගල්ගුහාව ලෙස සන් ෂොට් හැදින්වේ .මුහුදු පතුලේ ඇති රමණීය කොරල් පරය සහ මනරම් මුහුදු තිරය නිසා ලොව පුරා සංචාරක ආකර්ෂණය මේ සඳහා ලැබී තිබේ .

                           ඉගුආසු ඇල්ල
                         
                           බ්‍රසීලයේ දකුණු දිග කලාපයටත් ආර්ජන්ටිනාවේ මිඩියන්ස් පළාතටත් අයත් ඉගුඅසු ඇල්ල,ඉගුආසු ගංගාවේ පිහිටි දර්ශනීයම ස්ථානයකි.විවිද ප්‍රමාණයේ දියඇලි 270 කින් නිර්මාණය වී ඇති මෙම දියඇලි සංකීර්ණයේ සම්පුර්ණ පළල මීටර 2700 පමණ වේ.ඇල්ලේ පළලින් මීටර 1900 ක් බ්‍රසීලයටත් ඉතිරිය අර්ජන්ටිනාවටත් අයත් වේ.මෙහි උසම ඇල්ලේ උස මීටර 82 වන අතර බහුතරයක උස මීටර 64 ක් පමණ වේ.
                             ඉගුආසු අල්ලේ ප්‍රදානතම ඇල්ල වන්නේ යක්ෂයාගේ උගුර නමින් හැදින්වෙන ඇල්ලයි.ඉංග්‍රීසි U අකුරේ හැඩයට පිහිට ඇති මෙම ඇල්ලේ පළල මීටර 150 ඉක්මවයි.මෙම ඇල්ල පිහිට ඇත්තේ බ්‍රසීලයත් අර්ජන්ටිනවත් වෙන්කරන සීමාවේ වීමද විශේෂත්වයකි.තත්පරයකට ජල ලීටර 15000 ක තරම් ජල ප්‍රවාහයක් අද හැලෙන මෙම දිය ඇල්ල ආශ්‍රිත රක්ෂිතයේ ඇමේසන් හි ජීවත් වන සතුන් වැනි දුර්ලබ සතුන් ජීවත් වේ.

                               කොමොඩෝ
         
                                    බාලි දිවයිනට නාවික සැතපුම් 200 කට ඔබ්බෙන් පිහිටි කොමොඩෝ ජාතික වන උද්‍යානය මේ ලෝකයේ සම්පුර්ණයෙන්ම වෙනස් වුවක් වැනිය.යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙසද නම් කර ඇති අතර රෝස පැහැ වෙරල තීර දිස්වෙන මෙම දුපත වඩාත් ප්‍රචලිත වී ඇත්තේ කොමොඩෝ මකරු ජීවත් වන නිසාවෙනි.වෙරල තීර වල දිස්වන මෙම රෝස පැහැයට හේතුවන්නේ රතු සහ සුදු මුහුදු වැලි මිශ්‍ර වී ඇති නිසාවෙනි.
                           වර්ග කිලෝමීටර 390 ක භුමි ප්‍රමාණයක පැතිරී ඇති මෙම දුපත ඉන්දුනීසියාවට අයත් දුපත් අතරින් එකකි.
                                       පුර්ටෝ ප්‍රින්සෙසා භූගත ගංගාව
                                              
                                        පුර්ටෝ ප්‍රින්සේසා  භූගත ගංගාව සහිත ජාතික වන උද්‍යානය පිහිටන්නේ පිලිපීනයේ  පුර්ටෝ ප්‍රින්සේසා  නගරයට කි.මී 50 කට පමණ ඔබ්බෙනි.ශාන්ත පෝල් කඳුකරයට උතුරු දිගින් පිහිටි මේ ජාතික වන උයන ශාන්ත පෝල් බොක්ක මායිමේ පිහිටයි.
                                             මෙම වන උයනේ සුවිශේෂී අංගය වන්නේ කි.මී. 8 දුරට විහිදුන භූගත ගංගාවයි.ලොව දිගම භුදත ගංගාව ලෙසද  පුර්ටෝ ප්‍රින්සේසා  නම් දරයි.
                                     යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙසටද නම් කරනු ලැබූ මේ භූගත ගංගාව සහ වන උද්‍යානය සුන්දර වනගහන්යක්ද වේ.කුරුළු විශේෂ 165 ක්‌ ක්ෂීරපායි විශේෂ 30 ක් උරග විශේෂ 19  ආදී වශයෙන් නොයෙක් සත්වයින්ගෙන්ද ශාක විශේෂයන්ගෙන්ද මෙම වන ගහනය සමන්විත වේ.

                                       ටේබල් මවුන්ටන්
                 
                                       ටේබල් මවුන්ටන් ලෙස නම් කෙරුණු කඳු ලෝකයේ බොහෝ ස්ථාන වල ඇතත් ලෝක පුදුමයක් ලෙස නම් කෙරුනේ දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් හි පිහිටි මේ නම් ගත් කඳුවැටිය පමණි.උතුරේ සිට දකුණට විහිදුනු කඳු වැටියේ මුදුන් ගණනාවක් විවිද නම් වලින් හඳුන්වනු ලබයි.සිංහ හිස,මේස කන්ද,යක්ෂගේ කන්ද,රිදී මුහුණත ඉන් ප්‍රදාන වේ.
                                              ඉහල කඳුවැටියේ පැතුරුණු වනාන්තරය සින්හයන්ගේද,දිවියන්ගේද,සිවලුන්ගේද,අප්‍රිකානු පඳුරු අලින්ගේද,කළු රයිනොසරුන්ගේද ,කඳුකර සීබ්‍රවන්ගේද නිජ බිම වේ.
                      
                                         ජේජු දුපත
                                 
                                දර්ශනීය දියඇලි තුනක ජන්ම භුමිය වූ ජේජු දුපත දකුණු කොරියානු අර්දද්වීපයට අයත් වුවකි.වැලි සහිත දිගු වෙරළවල් සහ වන ගහනයෙන්ද යුත් මේ දුපත සංචාරක අකර්ශනයද වැඩි වශයෙන් දිනා ඇත.     විවිද වර්ගයේ මැණික වර්ගයන්ට උරුමකම් කියන මෙම දුපත සීත ඉර්තුවෙදී අදික ශීතලකින් යුක්ත වේ.
                             මීටර් 1950 න් යුත් මහල කඳු මුදුනක්දතවත් යමහල් කීපයක්ද ඇති ජේජු දුපතේ පිහිටි හලසන් වන උද්‍යානය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.

                                       
                                             මෙකී නවතම සොබාදහමේ පුදුම හත හේතුවෙන් එම රටවලට විශාල සංචාරකයන් පිරිසක් ඇදී එයි.මෙසේ තෝරාගත් පුදුම හත ඉදිරි කාලයේදී උත්සවස්රියෙන් මුළු ලොවටම දැනුම් දෙනු ඇත.

Tuesday, February 5, 2013

සුරංගනාවියෝ ඇත්තටම ඉන්නවද???



මුලින්ම කියන්න ඕන මමත් මේ වැඩෙන් ගොඩක් දේවල් ඉගෙනගත්ත මේ ගොල්ලො ගැන අම්මල පොඩි බබාලට සුරංගනා කථා කියල දෙද්දි ඒ කථාවල ඉන්න සුරංගනාවියෝ මිත්‍යා විශ්වාසයන් විදියට තමයි අපි සලකන්නේ,ඉතින් අද මම කථා කරන්න යන්නේ මේ ගොල්ලන්ගේ සත්‍යතාවයක් තියෙනවද නැද්ද කියලයි. 












එල්සි රයිට් සහ ෆ්‍රාන්සස් ග්‍රිෆික් බ්‍රිතන්‍යයේ යෝක්ෂයර් ප්‍රාන්තයේ බ්‍රඩ්ව්ඩ් නගරය අසලවු කොටිගේල් හී දැරියන් දෙදෙනෙක්.මේ සොහොයුරියන් දෙදෙනා 1917 වසරේදි දිනක කුඩා දොළපාරක් අයිනේ සෙල්ලම් කල අතර දෙදෙනා කුඩා පෙට්ටි කැමරාවකින් මාරුවෙන් මාරුවට දොළපාර අයිනේ තිබු මල් පඳුරු අසල සිට ඡායාරූප අරගෙන තියෙනව.දැන් කස්ටිය අහන්න එහෙම එපා මමත් උන්නද කියල ඒ කාලෙ මම මොන යකෙක් වෙලා උන්නද කියල මමවත් දන්නේ නෑ.එල්සි සහ ෆ්‍රාන්සස් විසින් ගන්නා ලද ඡායාරූප සෝදා මුද්‍රණය කළ විට ඔවුන් දෙදෙනා අසල කුඩා සුරංගනාවියන් ඉගිලෙමින් සිටිනු දක්නට ලැබුන අතර එම ඡායාරූප දුටු අය පුදුම වී ඔවුන් දෙදෙනාගෙන් විමසුවිට ඔවුන් කීවේ ඒවේලාවේ ලස්සන සුරංගනාවියන් තමන් වටේ නටමින් සිටි බවයි.


අවවාදයයි! ඔබත් ෆෝබියාවෙන් පෙලෙන්නෙක් විය හැක.



ෆෝබියාව කියල කියන්නෙ යමකට තියෙන අධික සහ අසාමාන්‍ය බයට. ඒවගේම ෆෝබියාව කියන්නේ මානසික රෝග විශේෂයක්.
ෆෝබියාව සාමාන්‍ය භීතියෙන් වෙනස් වන්නේ කෙසේද?
එන්නතක් විදින්න කලින් එන්නත් ක‍ටුවක් දැක්කම බය හිතෙන එක සාමාන්‍යයි. නමුත්, ඒ හේතුවෙන් අතවශ්‍ය වෛද්‍යප්‍රතිකාර වලින් ඉවත්වී සිටී නම්, ඔබට ඇත්තේ ෆෝබියාවක් විය හැකියි.
යමෙකුට ෆෝබියාව වැලඳීමට නිශ්චිත හා ස්ථිර හේතුවක් කියන්න බැහැ. නමුත් ෆෝබියාවට හේතුකාරක වියහැකි දේවල් කීපයක් මෙසේ දක්වන්න පුලුවන්.
  • පාරම්පරික ෆෝබියා තත්වයන්.
  • තමන් ලැබූ බියජනක අත්දැකීමක් නිසා.
  • තමන් දු‍ටු බියජනක අත්දැකීමක් නිසා.
  • ෆෝබියාවෙන් පෙලෙන්නෙකු ඊට හේතුවන අත්දැකීමක් ලබද්දී ඒ සමීපයෙහි සිටීම.
  • බියජනක අවස්ථාවක් ගැන දැනගැනීමට ලැබීම.
ෆෝබියාව පහත ආකාරයට වර්ග කීපයකට බෙදා දක්වන්න පුලුවන්.
  1. Natural environment phobia - ස්වාභාවික සංසිද්ධීන්ට දක්වන අධික බිය
  2. Animal phobia - සත්ව වර්ග වලට දක්වන අධික බිය
  3. Blood-injection-injury phobia - රුධිරය/එන්නත් වැනි දෑට ඇති අධික බිය
  4. Situational phobia - ඇතැම් ස්ථාන හා අවස්ථා වලට ඇති අධික බිය
ඉහත මුල් අවස්ථා තුන බොහෝවිට ආරම්භ වන්නේ කුඩාකාලයේදී. Situational phobia යන්න බොහෝවිට වැඩිහිටි වයසේදී ආරම්භ වෙනවා. ඒවගේම කාන්තාවන් පිරිමින්ට වඩා ෆෝබියා තත්වයට පත්වීමේ හැකියාව වැඩි බවයි පර්යේෂකයන් සඳහන් කරන්නේ.
මේ වන විට හඳුනාගෙන ඇති ෆෝබියා වර්ග ගනන 500 කට අධිකයි. පහත දැක්වෙන්නේ එයින් මම ‍තෝරාගත් කිහිපයක ලයිස්තුවක්. කියවා බලන්න. සමහරවිට ඔබත් ෆෝබියාවෙන් පෙලෙන්නෙක් විය හැකියි.

Nokia secret codes


 මම අද ඔයාලට දෙන්න යන්නෙ Nokia phone වල තියෙන ඔයාලට වැදගත් වෙන secret code ටිකක්. මේ හැම code එකක්ම phone එකේ වැඩකරන එකකුත් නෑ මොකද සමහර codes වැඩකරන්නෙ විශේෂිත model වලට විතරක් වෙන නිසා.....

මේ codes පාවිච්ච් කරනකොට ටිකක් ප්‍රවේශමින් ඒ වැඩේ කරන්න.ඒකට හේතුව තමයි ඔයාට codes වලින් සිද්ධවෙන දේ ගැන වැඩි අවබෝධයක් නැතුව ඒ codes වලින් phone එකට ගැලපෙන්නෙ නැති විධාන ලබාදුන්නොත් phone එක වැඩකරන්නෙ නැතුව යන්න ඉඩතියෙනවා.....

*#0000# - Display the software version, the date when the software was built and the phone model. In some cases, the phone model is not the one used by marketing. It is the internal model used inside Nokia. For example, RM-36 is the internal name of Nokia 6680.
 
*#06# -  for checking the IMEI (International Mobile Equipment Identity).

*#7780# -  reset to factory settings.

*#67705646# This will clear the LCD display (operator logo).

*#2820# Bluetooth device address.

Saturday, February 2, 2013

අපි නොදන්න ඉන්ගිරීසි - part 7

ඔන්න කාලෙකට පස්සේ පෝස්ට් ලියන්නේ
පටන්  ගමු අපේ පාඩම
මම කලින් පාඩම් වලදි මම කීවා ඉන්ග්‍රීසියේදී මූලික වාක්‍ය රටා 2 ක් තියනවා

   01- ප්‍රධාන ක්‍රියාපදයක් රහිත වාකය.
   02- ප්‍රධාන ක්‍රියාපදයක් සහිත වාකය.

අපි කලින් පාඩම් වලදි කතාකලේ ප්‍රධාන ක්‍රියාපදයක් රහිත වාකය . මම කිවා ඒ වාකය වල ප්‍රධාන ක්‍රියාපදයක් නැති නිසා උපකාරක ක්‍රියා පද යොදාගන්නවා කියලා.

අපි අද කතා කරනා යන්නේ ප්‍රධාන ක්‍රියාපදයක් සහිත වාකය ගැන. ඔයාලට තේරුම ගන්න ලේසි වෙන්න මම එම වාකය ටික ප්‍රධාන කොටස් තුනකට කඩලා කතා කරනවා.

ඊට කලින් මම කියන්න යන්නේ ක්‍රියා පද ගැන.
ඉන්ග්‍රීසියේදී ක්‍රියාපදයක ප්‍රධාන ස්වරූප 3 ක් තියනවා.

 01. ක්‍රියා මූලය හෙවත් ක්‍රියා ධාතුව- Verb Stem
 02. අතීත ක්‍රියාව- Past verb
 03.අතීත කෘදන්තය - past participle


 01. ක්‍රියා මූලය හෙවත් ක්‍රියා ධාතුව- Verb Stem

මේක තමයි ක්‍රියා පදයක පලමු අවස්තාව. මේක තමා ක්‍රියාවේ මූලිකම අවස්තාව.

Go- යනවා
Eat - කනවා.
Sing - සින්දු කියනවා.
Take - ගන්නවා 
Divide - බෙදා වෙන් කරනවා.
Scold-  බනිනවා
Suggest - යෝජනා කරනවා