Sunday, August 4, 2013

Email එකක් අපු ගමන් sms එකකින් ඒක දැනගන්න

Email එකක් අපු ගමන් sms එකකින් ඒක දැනගන්න

මුලින්ම කියන්න ඕනේ මේක වැඩ කරන්නේ Gmail වලට විතරයි.තමන්ට email එකක් ආපු ගමන් ඒ ගැන sms එකක් එන විදිහට හද ගන්න හැටි තමා කියන්න යන්නේ.
ලිපිය ටිකක් දිගයි,ඒත් අවශ්ය අයට මේක සිරාම වැදගත්.

එන හැම email එකටම sms එන්ඩ ගත්තොත් ඒක වදයක් වෙනවනම් තමන්ට අවශ්‍ය අයගෙන් විතරක් email එකක් ආවම විතරක් දැනුම්දෙන විදිහට උනත් මේක හදාගන්න පුළුවන්.මම ඒක කරන හැටි පියවර වශයෙන් කියන්නම්!
මේකෙදි වෙන්නේ ඔයාලට email එකක් ආවම ඒක google calender එකට reminder එකක් විදිහට ඇතුලත් වෙනවා.ඊට පස්සේ ඒ reminder ඒක ගැන sms එකක් එනවා.
මේ විදිහට email notifications දෙන sites තියනවා.එත් ඒ හැම එකකටම සල්ලි ඉල්ලනවා.ඒ නිසයි මේ ක්‍රමේ හොයා ගන්න මම try කරේ.එහෙනම් දැන් වැඩේට බහිමුකො.

01. මුලින්ම Gmail එකට log වෙලා එකේ දකුණු පැත්තේ උඩ තියන gear icon එක click කරලා settings වලට යන්ඩ.ඊට පස්සේ label tab එකට ගිහිං එකෙන් "Create new label" කියන එකට යන්න.

02. ඊට පස්සේ sendsms කියලා නම දීල label එකක් හද ගන්ඩ.(නම වෙනස් කරන්ඩ එපා.මේකේ පොඩි program එකෙක් කියලා තියෙන්නේ ඔය නමට)

03. ඊළගට Filter Tab එකට ගිහිං Create a new filter කියන එකෙන් ගිහිං filter එකක් හදා ගන්න.ඔයාට හැම email එකක්ම ආව ගමන් sms එකක් එන්ඩ ඕනෙනං has the words කියන තැන is:inbox කියලා type කරන්න.එහෙම නැතුව කවුරු හරි විශේෂ කෙනෙක්ගෙන් විතරක් එන email වලට sms එන්ඩ ඕනෙනම් From කියන තැන එයාගේ email address එක ලියන්න.



04. Create filter with this search කියන එක click කරලා ඉස්සරහට යන්ඩ.එතකොට එන window එකේ apply the label එකට පොඩි ටික් එකක් දාලා එකෙන් sendsms කියන එක තෝරලා දෙන්න.ඊට පස්සේ create filter කියන එක click කරන්න.

05. දැන් google docs වලට log වෙන්න

06. ඊළගට මෙතන click කරලා ඉස්සරහට යද්දී එන එකේ yes, make a copy කියලා දෙන්න.

07. දැන් එකේ tools වල Script editor එකට යන්න.ඊළගට එකේ Resources කියන එකට ගිහිං එකේ Current Projects triggers එකට ගිහිං click here to add one now කියන එක click කරලා from spreadsheet කියන එක වෙනුවට Time-driven කියන එක දෙන්න.ඊට පස්සේ hour timer කියන එක වෙනුවට minutes timer කියලා දීල save කරන්න.ඊට පස්සේ එන එකේ Authorize කියන එක click කරන්න.ඊටත් පස්සේ Grant access කියන එක දෙන්න.

08. දැන් මෙතනින් google calender එකට යන්න.දැන් එකේ settings වලට යන්න.ගිහින් එකේ mobile setup කියන tab එකටත් යන්ඩකෝ.ඊට පස්සේ phone number කියන තැනට ඔයාලගේ phone number එක දෙන්න(+94 කියන country code එක ඉස්සරහට දාන්න)

09. ඊට පස්සේ send verification code කියලා දෙන්න.එතකොට ඔයාලගේ phone එකට pin අංකයක් එනවා.ඒක vrrification code කියන තැන ලියලා Finish setup කියලා දෙන්න.

දැන් ඉතින් වැඩේ හරි.email එකක් ඇවිත් විනාඩි 5ක් ඇතුලත ඔයාලට sms එකක් එයි.

( වැඩ කරේ නැත්තන් ඔයාලගේ notifications එන්න හදලා ඇත්තේ email විදිහට වෙන්න ඇති.ඒ නිසා sms වලින් notifications එවන්න කියල google calander එකේ settings හදන්න.)

ෆිල්ම් වල DVDRip, CAM , BDRip, TS, SRC ෆෝමැට් ගැන දැන ගන්න.

චිත්‍රපට බලන්න අපි කවුරුත් කැමතියි.ඒ නිසාම අන්තර්ජාලය භාවිතා කරන අප බොහෝ දෙනාඅප කැමති චිත්‍රපට සොයා බාගත කරගන්න උත්සුක වනවා. මෙයටපහසුම හාවිශ්වාසදායීම ක්‍රමය නම් ටොරන්ට් හරහා අදාල චිත්‍රපටය බාගත කිරීමයි.කෙහෙන් චිත්‍රපටයක් ඩවුන්ලෝඩ් කළත් ඒ සම්බන්ධව නිතරම අහන්න දකින්න ලැබෙනවචන මාලාවක් තියනවා. ඒ තමයි CAM, DVD Rip, TS, SRC වැනි ඒවා.
නමුත් ඔබහරියාකාරවම මේ කෙටි යෙදුම් වල අර්ථයන් දන්නවාද ? නොදන්නවානම් ඊළඟචිත්‍රපටය බාගත කිරීමට කලින් මෙය කියවන්න. මේ කෙටි යෙදුම් වලින් චිත්‍රපටයේගුණාත්මක භාවය හඳුනා ගන්නට පුළුවන්. එමගින් අර්ථ ගන්වා තිබෙන්නේ ඔබ බාගතකිරීමට සූදානම් වන චිත්‍රපටයේ අදාළ පිටපත පිටපත් ගන්වා තිබෙන ආකාරයයි.බෝහෝ අවස්ථා වළදී මෙය නීති විරෝධී කටයුත්තක්.
නමුත් චිත්‍රපට බැලීම සඳහාවූ ලාභදායීම ක්‍රමය එය වනවා.



CAM
අප පොදු වහරේදී කැමරා කොපි ලෙසහඳුන්වන්නේ මේ ඛාණ්ඩයේ චිත්‍රපට පිටපත්. බොහෝ අවස්ථා වලදී මෙවැනි පිටපත්සාදන්නේ චිත්‍රපට ශාලාවට වීඩියෝ කැමරාවක් ගෙන ගොස්චිත්‍රපට ශාලාවේචිත්‍රපටය පෙන්වන තිරය රූගත කිරීමෙනුයි. සමහර අවස්ථා වල කුඩා තෙපා භාවිතාකොට තිබුණත් බොහෝ අවස්ථාවල තිරය චලනය වනු දැකිය හැකියි. එමෙන්ම රූගතකරන්නා වාඩිවන ස්ථානය අනුව තිරය පෙනෙන කෝණයද වෙනස් වනවා. තිරයේ ඇති අකුරුවැනි දෑ කියවීමට අපහසුයි. හඬ ලබා ගැනීම සඳහා කැමරාවේම ඇති මයික් එක භාවිතාකරනවා. කළාතුරකින් අවස්ථාවකදී හැරුණු කොට cam ගුණාත්මක භාවයෙන් ඉතාමත් පහළමට්ටමකයි පවතින්නේ. චිත්‍රපටයක් නිකුත් වී සතියක් යාමට මත්තෙන් මේ වර්ගයටඅයත් පිටපතක් බාගත හැකියි.

TELESYNC (TS)
මෙයත් බොහෝ දුරට cam වලම ගති ලක්ෂණඋසුලනවා. නමුත් මෙහි ඇති විශේෂත්වය වන්නේ හඬ ලබාගන්නේ කැමරාවේ ඇතිමයික්‍රෝෆෝනයෙන් නොව පැහැදිළි හඬ පටයක් ජැක් එකක් මාර්ගයෙන් කැමරාවටසම්බන්ධ කිරීමෙන් වීමයි. විදේශීය සිනමා ශලා වල ඇසීම අඩු අයට ශ්‍රවණය කිරීමසඳහා තම ආසනයේ හෙඩ් ෆෝන් සවිකර තිබෙනවා. එම ජැක් භාවිතා කරමින් කැමරාවට හඬඇතුල් කිරීම සිදු වනවා. මේ නිසා cam වලදී මෙන් නොව TS වලදී හඬ පැහැදිළිවඇසීමට පුළුවන්.පින්තූර වල ගුණාත්මක භාවය cam ආකාරයමයි.

TELECINE (TC)

TC ආකාරයට නිකුත්වන චිත්‍රපට පිටපත්අපට වැඩියෙන් දකින්න ලැබෙන්නේ නැහැ. සිනමා ශාලාවේ චිත්‍රපටය පෙන්වීම සඳහාභාවිතා කරන reels ඩිජිටල් පිටපත් බවට හරවා නිකුත් කරන පිටපත් TC ලෙසහඳුන්වනවා. මේ කාර්‍ය කිරීම සඳහා අවශ්‍ය උපකරණ හිඟ වීමත්, දුශ්කර භාවයත්නිසා බොහෝ අවස්ථා වල දැක ගැනීමට නොහැකියි. නමුත් හඬ සහ පින්තූර වලගුණාත්මක භාවය ඉහල මට්ටමක පවතිනවා.

SCREENER (SCR)

චිත්‍රපටයක් නිකුත් වූ විට එහිපිටපත් preview එකක් ලෙස VHS ආකාරයෙන් විවිධ ස්ථාන වලට යැවෙනවා. මේ VHS ටේප් එකකින් ඩිජිටල් කරණය කරන ලද පිටපත් scr ලෙස හඳුන්වනවා. VHS එක අලුත්නම් පිටපත පැහැදිළි වනවා. නමුත් ප්‍රකාශන අයිතිය සඳහන් වැකි, කොපි කරඇත්නම් දැනුම් දෙන්න යැයි පවසන වැකි ආදිය චිත්‍රපටය පුරාවට දර්ශනය වියහැකියි.

DVD-SCREENER (DVDscr)
SRC මෙන් නොව මෙය පෙර සඳහන් කළ පරිදියවන DVD එකකින් උපුටා ගනු ලබනවා. නමුත් ප්‍රකාශන අයිතිය සඳහන් වැකි, කොපිකර ඇත්නම් දැනුම් දෙන්න යැයි පවසන වැකි ආදිය මෙහිදීත් චිත්‍රපටය පුරාවටදර්ශනය විය හැකියි.

DVDRip
ජනප්‍රියම පිටපත් ක්‍රමය යැයිකිවහොත් නිවැරදියි. චිත්‍රපටය සිනමා ශාලාවල ප්‍රදර්ශනය කොට අවසානයේ මිළ දීගැනීම සඳහා නිකුත් කරන DVD තැටි වලින් මේ පිටපත් නිර්මාණය වනවා. හඬ මෙන්මරූප වලද ගුණාත්මක භාවය ඉහලයි. නමුත් මෙහි ප්‍රධානම අවාසිය වන්නේ චිත්‍රපටයනිකුත්වී DVD නිකුත් වන තුරු විශාල කාලයක් බලා සිටීමමට සිදු වීමයි.

VHSRip
DVDRip ලෙස චිතපටය සිනමා ශාලාවල ප්‍රදර්ශනය කොට අවසානයේ මිළ දී ගැනීම සඳහා නිකුත් කරන VHS වලින් මේ පිටපත් නිර්මාණය වනවා.

BDRip
මිළදී ගැනීම සඳහා නිකුත් කළ BluRay තැටියකින් පිටපත් කරන ලද පිටපත් මෙළෙස හඳුන්වනවා. ගුණාත්මක භාවය DVDRip වලට වඩා ඉහලයි. (1080p හෝ 720p)

TVRip
රූපවාහිනියේ විකාශය වන අතරතුටග්‍රහණය කරගන්නා ලද හෝ චන්ද්‍රිකා මගින් රූපවාහිනී නාලිකා වලට විකාශය වීමටනියමිත චිත්‍රපට එවමින් සිටිනා අතරතුර ග්‍රහණය කරගන්නා ලද පිටපත් මේ ලෙසහඳුන්වනවා. සමහ අවස්ථා වල තිත් වැනි දෑ දර්ශනය විය හැකියි.

HDRip

HD TV මාර්ගයෙන් පිටපත් කරගන්නා ලද සිනමා පිටපත් HDRip වනවා. TVRip වලට වඩා ගුණාත්මක භාවය ඉහළ වුනත් BDRip වලට වඩා අඩුයි.

DivX Re-Enc
චිත්‍රපටය DVD හෝ VCD තැටියකින්ලබාගෙන පමාණයෙන් කුඩා DivX ෆයිල් එකකට හරවා මේ පිටපත් නිම කරනවා. බොහෝඅවස්ථාඅ වල 350mb, 200mb ලෙස ප්‍රසිද්ධව ඇත්තේ මේවායි.

DivX / XviD
DivX හෝ Xvid ලෙස හඳුන්වන්නේ මෙතෙක්සඳහන් කළ පිටපත් වර්ගයක් නොව මහු මාධ්‍ය සඳහා වූ ෆයිල් ෆෝමැට් එකක්. මෙහි codecs වර්ග දෙකක් භාවිතා වනවා. ඒ low motion හා high motion වශයෙන්. දැන්බොහෝ විට යොදා ගැනෙන්නේ high motion codecs පමණයි.

XVCD/XSVCD

පෙර සඳහන් කළ ලෙසම මෙයත් ෆයිල් ෆෝමැට් එකක්. වඩා වැඩි තිර විභේධනයකින් යුත් වීඩියෝ සඳහා යොදා ගැනෙනවා.