Monday, March 18, 2013

වෙන්වීම දරාගන්න අපහසූ ද??

වෙන්වීම දරාගන්න අපහසූ ද? සිතින් දුක් විඳිමින් ලත වෙන ඔබට


සාංකාව හෙවත් පාළු ගතිය මානසික රෝගයක් විදිහට සලකන්නේ නැහැ. සාංකා ගතිය බොහෝ වෙලාවට සිත් තුළ ඇති වෙන්නේ තමන් ඉතාම ළඟින් ඇසූරු කරන කෙනෙකුගෙන් වෙන්වෙන්න වූණාම, එවැනි පූද්ගලයෙක් ජීවිතයෙන් සමූගත්තාම වැනි අවස්ථාවලදී තමයි


වෙන්වීම කියන කාරණාව විවිධ දේ නිසා වෙන්න පූළුවන්. සබඳතා බිඳීම තුළින්, කෙනෙකු හැරයාම තුළින්, තමන් දුරස්ථවීමෙන් පවා මේ දෙය වෙන්න පූළුවන්. මෙතනදී වෙන්නේ මෙම තත්ත්වයට මූහූණ දෙන පූද්ගලයා තුළ යම් කිසි නොසන්සූන්බවක් ඇති වෙනවා. මෙය මනෝ විද්‍යාව තුළදී වියෝ දුක ලෙස හඳුන්වනවා. වියෝදුක ඇතිවීම සොබාවිකයි. මෙය රෝගී තත්ත්වයක් නෙවෙයි කියලා අපි හඳුන්වන්නේ ඒ නිසයි. හැබැයි මේ තත්ත්වය දිගින් දිගටම පැවතුණොත් රෝගී තත්ත්වයක් ලෙස වර්ධනය වෙන්න පූළුවන්.


සාමාන්‍යයෙන් කෙනෙකුට වියෝවක් වූ විට වියෝ දුක දෑනෙනවා. ඔවූන් එයට විවිධ විදිහට ප්‍රතිචාර දක්වනවා. අපි දන්නවා මරණයකදී කෙනෙකු වෙන්වීම නිසා මූල් මාස හයක කාලය තුළ වෙන්වීම නිසා ඇති වූ කම්පනය හේතුවෙන් එම පූද්ගලයා තුළ නොයෙක් නොයෙක් වෙනස්කම් ඇති කරන්න පූළුවන්. මෙය අපි මනෝ විද්‍යාව අනූව අවධි තුනකට බෙදනවා. මූල් අවධිය අපි හඳුන්වන්නේ වෙන්වීම බාර ගැනීම ප්‍රතික්ෂේප කරන අවධිය විදිහට. ඒ කියන්නේ එහෙම දෙයක් සිදුවූ බව පිළිගන්න ලැහැස්ති නැහැ. එහෙම දෙයක් නොවූණා සේ තමයි ඔවූන් හිතන්න කැමති. මෙම තත්ත්වය එක්තරා විදිහකට අපේ මනස රැක ගැනීමට පාවිච්චි කරන සංරක්ෂණ ප්‍රයෝගයක් ලෙසත් හඳුන්වනවා.


මෙවැනි තත්ත්වයකදී කෙනෙකුට බලාපොරොත්තු වන හැඟීම් පවා ඇති වෙන්නේ නැහැ. හැඟීම්වල මොටවීමක් පවා ඇතිවෙන්න පූළුවන්. නැත්නම් අපි මෙම අවස්ථාවේදී චිත්තවේගවල හිරි වැටීමක් ඇති වෙනවා කියලා හඳුන්වනවා. මෙය කායික හිරිවැටීමක් වගේ දුක දෑනෙන්නේ නැති වෙනවා. දුක දෑනෙන්නේ නැතිව කටයූතු කරන්න පූළුවන්. මෙය මූල් අවධිය ලෙස හඳුන්වනවා. මෙම තත්ත්වය පැය කිහිපයක සිට දින කිහිපයක් දක්වා තියෙන්න පූළුවන්.


ඊට පස්සේ එළඹෙන්නේ, දෙවන අවධියට. දෙවෙනි අවධියේදී තමයි දුක දෑනිලා යථාර්ථය අවබෝධ වෙන්නේ. කෙනෙකුගේ නැතිවීමේ අඩූව තේරෙනවා. දෑනෙන්න පටන් ගන්නවා. එතනදී ඇතිවන ප්‍රධානම දේ තමයි දුක. දුක ඇතිවීම තුළ කෙනෙකු අඬන්න පූළුවන්. වැලපෙන්න පූළුවන්. බලාගත් අතේ බලාගෙන ඉන්න පූළුවන්. ඒ වගේම වෙන්වූණ කෙනා නැතිවූණ කෙනා තමා ළඟ ඉන්නවා වගේ දෑනෙන්න පූළුවන්. තමන්ට එම පූද්ගලයාගේ කටහඬ ඇහෙන්න පූළුවන්. නැත්නම් අනෙක් අය අතරේ ඡායාව දකින්නත් පූළුවන්. සමහර විට වෙනත් පූද්ගලයන් ඒ හැටියට වරදවා තේරුම් ගන්න පූළුවන්. හූඟක් වෙලාවට මෙම අවදියේදී නින්ද අක්‍රමවත් වෙනවා. නිතර නිතර වෙන්වූණ කෙනා නැත්නම් වියෝ වූණ කෙනා ගැන හිතන්න පටන් ගන්නවා. මතක් කරමින් වැළපෙන්න ගන්නවා. මෙය වරින් වර එන තත්ත්වයක්. හරියටම කිව්වොත් මූහූදේ


රැල්ල වගේ. උදාරහණයක් විදිහට මළ ගෙදරක ගියාම අපට මෙම තත්ත්වයේ ඉන්න අය බලාගන්න පූළුවන්. එක පාරටම බලාගත්ත අතේ බලාගෙන ඉඳලා ඒ සැනින් කෑ ගහලා හඬන්න ගන්නේ දෙවැනි තත්ත්වයේ පසූවන අය.


තුන්වන තත්ත්වයේදී වෙන්නේ කෙනෙකු යථා තත්ත්වයට පත්වීමයි. දෑන් එතනදී මිය ගිය කෙනා හරි වෙන් වූණ කෙනා හෝ නැතිවූණ කෙනා නැතිව තමන්ගේ ජීවිතය සකස් කරගන්න පෙළඹෙනවා. අපි එම තත්ත්වයට හැඩ ගැසෙනවා. මෙම තත්ත්වයේදී වෙන කෙනෙකුගේ දෛනික කටයූතු ක්‍රමක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙන්න පටන් ගන්නවා. ඒ වගේම මිය ගිය පූද්ගලයා හෝ වෙන්වූන පූද්ගලයා ගැන හොඳ මතකයන් සිතමින් සතුටූවෙන්න පටන් ගන්නවා. එතකොට අනාගතය ගැන සිතමින් නැවත සැලසූම් සකස් කිරීම මෙම අවදියේදී සිද්ධ වෙනවා. අවසානයේදී තමන් වෙන්වීමට හැඩ ගැසිලා තමන්ගේ ජීවිතය නැවත සකස් කර ගන්නවා.


මෙම අවදි තුනම සූව වෙන්න පූළුවන්. විශේෂයෙන් වැදගත් වෙනවා දෙවැනි අවදියේදී දුක පිට කරගන්න එක. අඬන එක, වැළපෙන එක, ඒ ගැන කතා කරන එක, දුක තව කෙනෙක් එක්ක බෙදා ගන්න එක ඒ සියල්ලම වැදගත් වෙනවා. උදාහරණයක් විදිහට අපේ මළ ගෙදරක් වූණාම ඒ හා බැඳෙන චාරිත්‍ර සහ ආගමික කටයූතු හූඟක් උදව් වෙනවා වියෝ දුක පාලනය කරගන්න. ළඟපාත පිරිස එම නිවසට එකතු වෙන එක, ඥාතීන්ගේ පැමිණීම, මරණය ගැන සහ දුක ගැන කතාකිරීම, ආගමික කටයූතු කිරීම, දානමය පූණ්‍ය කර්ම බණ, පිරිත් වැනි දේවල් දුක තුනී කරගන්න හේතු වෙනවා.


මෙම තත්ත්වයම අපි දකිනවා සබඳතාවක් කැඩූනාමත්. මගේ ළඟට ළඟඳි ආවා විශ්ව විද්‍යාල ළමයෙක්. ඒ ළමයා විශ්ව විද්‍යාලයේම ළමයෙක් එක්ක සම්බන්ධයක් තිබිලා ඒක කැඩිලා. අන්තිමට ඔහූ කළකිරිලායි මාව හමූවෙන්න ආවේ. ඔහූ අධ්‍යාපන කටයූතු පවා අතහැර දමා තිබූණා. ඔහූ දෙවන අවධියයි පසූූකරමින් තිබූණේ. නමූත් ඔහූ දෙවන අවදියේ ඉදලා තෙවන අවදියට යනකොට තත්ත්වය තේරුම් අරගෙන කටයූතු කරන්න ගත්තා. වැදගත් වූණේ දුක පිටකරගන්න අවස්ථාව ලබාදෙන එක. දුක බෙදා ගන්න උදව් වීම තුළින් සහ ඔහූගේ දෛනික කටයූතුවල නිරතවෙන්න උදව් කිරීමෙන් තත්ත්වය හොඳ අතට ගන්න හැකියාව ලැබූණා. නින්ද නොයන තත්ත්වයක් නම් නින්ද යන්න බෙහෙත් ලබා දෙන්න ඕන. නැතිව විශේෂ බෙහෙත් අවශ්‍ය වෙන්නේ නැහැ. නමූත් මනෝ උපදේශනය ඉතාම හොඳයි. රෝගියා කෙරෙහි විශ්වාසනීයත්වය දිනා ගැනීම තුළින් ඔවූන්ගේ හැඟීම් තේරුම් ගෙන කටයූතු කිරීම ඉතාම වැදගත්. එම නිසයි අපි මනෝ උපදේශනයක වැදගත්කම පෙන්වා දෙන්නේ. මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමෙන් වියෝ දුකින් පෙළෙන කෙනෙකු යථා තත්ත්වයට පත් කළ හැකියි.

ස්ත්‍රීන්ගේ ශරීරාංගවලින් ඇගේ චරිතය


ස්ත්‍රීන්ගේ ශරීරාංගවලින් ඇගේ චරිතය





යූවතියකගේ වටිනාම වස්තුව ඇයගේ මූහූණය. එය මූසාවක් යැයි පැවසිය නොහැකිය. කාන්තාවකගේ මූහණේ ඇතිවන හැඟීම් ප්‍රකාශ කිරීම තුළින් දිනාගත නොහැකි දෙයක් ලොවෙහි නැතිය.


ඔබේ රූ සපූව අලංකාර කර ගැනීමට විමසිලිමත් වූවා මිසක මූහූණ හැඩය පිළිබඳව හා එහි පිහිටි හැඩය අනූව ඔබේ චරිත ලකෂණ හෙළිවන බව ඔබ මොහොතකට හෝ නොසිතන්නට ඇති.


ස්ත්‍රීන්ගේ ශරීරාංගවලින් ඇගේ චරිතය හෙළිවන බව දෛවඥයන් මෙන්ම මනෝ විද්‍යාඥයන් ද පිළිගනී. ශරීරාංගවලින් ඔබේ ගති ගුණ හෙළිකරන ග්‍රහයෝග යටතේ අද අප සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ ඔබේ මූහූණේ හැඩය අනූව හෙළිවන චරිත ලකෂණ පිළිබඳවයි.


කිසියම් කාන්තාවකගේ මූහූණ කෘෂ (කෙටිටූ) ස්වභායකින් යූතු නම් ඈ තරමක් දරුණූ ගති ස්වභාවයක් පෙන්නම් කරයි. එසේ වූව ද ඇය සිය මිතුරන් අතරේ පරිත්‍යාගශීලී තැනැක්තියක ලෙස ඉතා ජනප්‍රිය වේ.


සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඔබේ මූහූණ සිහින්ව පිහිටා තිබේ නම් ඔබ කළහකාරී ගති ගුණවලින් යූතු වන අතර ඔබේම සොයූරු සොයූරියන් සමග වූවද ගැටූම් ඇතිකර ගනී. මේ නිසා ඔබට මිතුරු මිතුරියන් අඩූවේ. මෙසේ වූව ද ඔබට දැඩි ආත්ම විශ්වාසයක් ඇති බව පෙනේ.


මාංශවලින් පිරුණූ මූහූණක් පවතින්නේ නම් ඔබ නිදහස් සිතුවිලි දරන්නියකි. වෙහෙස මහන්සිවී උපයා ගන්නා ඇය අර පරිස්සමින් විය පැහැදම් කිරිමේ ශක්තියක් සහජයෙන්ම ඔබ සතු වන අතර යමක් නිවැරදි අයූරින්ම වටහා ගැනීමේ ශක්තියක් ඇතිවාක් මෙන්ම අන් අය සමග සූහදව කටයූතු කරන සමාජශීලි තැනැක්තියකි.


ඔබේ මූහූණ රවූම් ආකාරයට පිහිටා ඇතිනම් ඔබ බෙහෙවින්ම අනූකම්පා සහගත යූවතියකි. අනූන්ගේ දුක අවබෝධ කරගත හැකි මෘදු මොළොක් හදවතකින් යූතු ඔබට කුඩා දරුවන් බෙහෙවින්ම ඇල්මක් දක්වයි. එමෙන්ම එවැනි කාන්තාවන්ට වාසනාවන්ත දරුවන් ද ලැබේ.


මූහූණ වටකුරුව, කුඩාවට පිහිටා ඇත්නම් ඔබට උසස් අධ්‍යාපනයක් ලැබීමේ වාසනාව ඇත. දාර්ශනික අදහස්වලින් පරිපූර්ණ ඔබ පූහූ ආටෝප වලින් තොරව චාම් සරල දිවිපෙවෙතක් ගත කරයි.


මූහූණ දිගටි හැඩයෙන් යූතු නම් ඔබේ දැහැමි සිතුවිලි හා ගතිගුණවලින් යූතු වූවත් දුක් කම්කටොලුවලටද ඇය ගොදුරු වෙයි. එසේ වූවත් ඇය නිර්භීත කාන්තාවක් ලෙසට හැඳින්විය හැකිවේ.


ඔබේ මූහූණ පිරිමියෙකු මෙන්ම දිස්වේ නම් ඔබ විවාහවීමේදී වඩාත් සැලකිලිමත් විය යූතුයි.


දැලි රැවූල පිහිටා තිබේනම් ඇයට දුක්කම්කටොලුවලට මූහූණදීමට සිදුවෙයි. එහෙත් දෙකම්මූල්වල සාමාන්‍ය රෝම කූප තියෙනවානම් ඉතාමත් වාසනාවන්තයි.


ඇතැම් කාන්තාවන්ගේ මූහූණ පළල් හැඩයකින් පිහිටා තිබේ. එවැනි කාන්තාවන් ව්‍යාපාර කටයූතුවලට දකෂ මෙන්ම දියූණූවීමේ වාසනාවද ඇය සතුව පවතී.

සැමියාට කිසිදා නොකිය යූතු දේවල් දහයක්

සැමියාට කිසිදා නොකිය යූතු දේවල් දහයක්

 "ගෑනියෙකුගෙයි, මිනිහෙකුගෙයි හැලහැප්පිලි, රණ්ඩූ සරුවල් තියෙන්නෙ බත් මූටිටිය ඉදෙන කල් විතරයිනෙ" ගැමියන් අතර කියමනක් ඇත. එය බොහෝ දුරට සැබෑවකි. කටින් පිටවෙන වචනයකින්, දෙකකින් පවූල් අවූල් වන අවස්ථාත්, ඉහිරෙන අවස්ථාත් ඇතිවන වග නොදන්නා කෙනෙක් නැ.

"ඔයත් ඔයාගෙ අම්ම වගේම තමා"යි බිරිඳක් කිසියම් විටක ඇයගේ සැමියාට කිව්වොත්, එයින් ඔහූගේ සිත තදින්ම පෑරෙන්නට ඉඩ ඇත්තේ නැන්දාත්, ලේලිත් අතර නිරතුරුවම වාගේ ගැටූම් පවතින හෙයිනි.

පවූල් ජීවිතය සතුටින්. සාමයෙන්, සන්තෝෂයෙන් ගත කිරීමට නම් බිරිඳක් කිසිවිටෙක සිය සැමියාට නොකිය යූතු දේවල් මොනවාදැයි පවූල් ප්‍රශ්න බේරුම් කරන්නන් මෙන්ම මානසික විද්‍යාඥයන්ද සොයා බැලු අතර බිරිඳක් කිසිවිටෙක සිය සැමියාට නොකිය යූතු දේවල් හැටියට මානසික විද්‍යාඥ ආචාර්ය මයිකල් ලිලිබ්‍රිජ් නිර්දේශ කරන දේවල් දහය මෙසේය.

1."මේක මෙහෙම වෙනව කියල මම ඔයාට කිව්වෙ නැද්ද? - සැමියාට වඩා ඔබට දැනූම තේරුම ඇති බවක් එයින් ඇඟවෙන අතර සැමියාගේ නායකත්ව ලක්ෂණයට එයින් වදින්නේ පහරකි. තම බිරියන් තමන්ගේ බූද්ධියට පහර ගසනවාට සැමියන් තුළ කැමැත්තක් නැත.

2."ඒයි මම මෝඩියෙක්ද?" - ඔබ අතින් නිතරම වාගේ අත්වැරදීම් සිදුවෙනවා අහන්න, දකින්න සැමියා කැමති නැති අතර ඒවාට නිතරම වගේ අනූකම්පා අයැද සිටීමෙන්, අත්විය හැක්කේ වෙනත් ප්‍රතිඵලයකි.

3.ඔයාගෙ අම්මයි, තාත්තයි මට කිව්ව දේවල් මොනවද කියලා ඔයා කවදාවත් හිතන්නේ නෑ. ඔහූට හෙළිදරව් නොකෙරුණූ පවූලේ කරුණූ කාරණා රැසක් ඔබේ හිතේ තබාගෙන සිටින බැව් හිතී ඔහූගේ හිතේ නූරුස්සනා ගතියක් ඇතිවීම සාමාන්‍ය දෙයකි.

5."ඔයා ඇත්තටම මට ආදරයක් නෑ" - ස්වකීය ආදරය පූන පූනා කියා සිටින්නට පිරිම අය එතරම් කැමැත්තක් නොදක්වන අතර ස්වකීය හැඟීම් ඔප්පූ කර පෙන්වන ලෙසට නිරතුරුව කෙරෙන ඉල්ලීම් ද ඔවූන්ට හිසදරයකි.

මත්ද්‍රව්‍යයට යොමූ කරගන්නා සියූම් ක්‍රම


මත්ද්‍රව්‍යයට යොමූ කරගන්නා සියූම් ක්‍රම-මිනිසූන්ව මත්ද්‍රව්‍යවලට යොමූ කරවා ගැනීම


මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන සමාගම් දිනෙන් දින නොයෙකුත් උගුල් අටවමින් මිනිසූන්ව මත්ද්‍රව්‍යවලට යොමූ කරවා ගැනීම සඳහා උපක්‍රමශීලීව කටයූතු කරමින් සිටිනවා. මෙහි කණගාටූවට කරුණක් වන්නේ, ඔවූන්ගේ එම උත්සාහය ඉතාමත් උපක්‍රමශීලීව සිදුකිරීමයි. කිසිවෙකුත් නොසිතන අන්දමින් ඔවූන් මෙම කටයූත්ත පියූම්ව ඉතා ප්‍රසිද්ධියේ කරගෙන යනූ ලබනවා. අප, ඔවූන් මේ සඳහා යොදනා කූට උපක්‍රම පිළිබඳව දන්නේ ඉතාමත් ස්වල්පයක් පමණයි. ඔවූන් මත්ද්‍රව්‍ය සඳහා මිනිසූන්ව යොමූ කරවා ගැනීමට නොයෙකුත් ක්‍රම භාවිත කරනවා. මේ සටහන් කරන්නට සැරසෙන්නේ එයින් තොරතුරු බිඳක් පමණයි.

එක්තරා චිත්‍රපටයක් ප්‍රදර්ශනය වන අතරවාරේදී එහි තත්පර තිහක වැනි කෙටි කාලයක් තුළ කාන්තාවක් සිගරටි එකක් උරමින් සිටින දර්ශනයක් පෙන්වනූ ලබනවා. එහි පූදුම සහගත කරුණ වන්නේ එවැනි කෙටි කාලයක් තුළ ප්‍රදර්ශනය වන එම දර්ශනය, චිත්‍රපටය ගැන රටපූරා සිටින ප්‍රේක්ෂකයින් දැනූවත් කිරීමට යොදාගන්නා සෑම පෝස්ටරයකම ප්‍රධාන වශයෙන් එම කාන්තාව දුම්බොන දර්ශනය පමණක් සනිටූහන්වී තිබීමයි.

මෙයින් ඔවූන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? මෙයිනූත් මෙම මත්ද්‍රව්‍ය නිෂ්පාදකවරු හදන්නේ මිනිසූන්ව, කාන්තාවන්ව, දරුවන්ව මත්ද්‍රව්‍ය සඳහා යොමූකරවා ගැනීමටයි.

ඒ වගේම හෙරොයින් භාවිතයට ගැනීමෙන් එයින් ලොකු වින්දනයක් ලැබෙන බවත්, එයට ඇම්බැහිවීමෙන් පසූ එයින් මිදෙන්නට නොහැකියි යන්න බොරු ප්‍රකාශ සමාජය තුළ ව්‍යාප්ත කරනවා. මත්ද්‍රව්‍ය නිෂ්පාදකවරුන්ගේ මෙවැනි බොරුවක් යැයි වැනි ප්‍රකාශ ගැන අපි අපේ දරුවන්ව දැනූවත් කරලා තියන්න ඕන. එසේ කිරීමෙන් ඔබ ඔබේ දරුවාට ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබාදුන්නා හා සමානයි. එසේ සිදුවීමෙන් ඔබේ දරුවා මෙම කූට ව්‍යාපාරිකයන්ගේ උගුල්වලට අසූනොවී සිටිනූ ඇත.

තව අපි අවධානය යොමූ කළ යූතු දෙයක් තිබෙනවා. අප කඩයකට ගියවිට අපට දක්නට ලැබෙන දෙයක් තමයි මේ කඩේ ඉදිරිපිට මත්ද්‍රව්‍ය ප්‍රචාරණය කරන දැන්වීම් පූවරු එල්ලා තිබීම. අප නොසිතනවාට මෙමගින් විශාල ප්‍රචාරයක් මත්ද්‍රව්‍යවලට, සිගරටිවලට ලැබෙනවා. ඇයි අපට බැරි මෙවැනි දැන්වීම් පූවරු එල්ලීමට අවසර නොදෙන්න. කඩේ තුළ සිගරටි විකිණීමට නවත්වන්නට බැරි නම් අඩූ ගානේ මෙවැනි දැන්වීම් පූවරු එල්ලන එකවත් නැවැත්විය යූතුයි.