Tuesday, September 10, 2013

නොමිලේ 25$ සමග PAYPAL හා Fiverr මුදල් ඔබ අතටම ගන්න



විශේෂ- මෙමගින් ලබා ගන්නා සියලුම Payonerr card එකකටම 100$ වඩා වැඩි මුදලක් LOAD කල විට බෝනස් එකක් ලෙස නොමිලේ ඔබට 25$ ලබේ.

අපි හැමෝම දන්නව පේපෑල් එක ලංකාවට සපෝර්ට් කරන්නේ නෑ කියලා.ඒ කියන්නේ ලංකාව send only කියන ගොඩටයි අයත් වෙන්නේ.ඒ නිසා අපි පේපෑල් එක හදනකොට වෙන රටක විදියට හදන්න ඕන.දැන් ගොඩක් දෙනෙක් දන්නවා මැලේසියන් විදියට පේපෑල් එක හදන්න.දන්නැති කවුරු හරි ඉන්නව නම් මෙතනින් IPLUS BLOG එකට ගිහින් පේපෑල් එකක් නිවරදිව හදන්න ඉගෙන ගන්න. අපි කොහෙම හරි මැලේසියන් විදියට පේපෑල් එක හදාගෙන ‍සල්ලි කීයක් හරි දාගත්තට පසසේ අපිට තියෙන ප්‍රශ්නෙ තමයි කොහොමද ලංකාවට සල්ලි ගන්නේ කියන එක.මොකද අපි පේපෑල් එක හදන්නේ වෙන රටක විස්තර දීල දැන් අපි ඉන්නේ ලංකාවෙ. පේපෑල් එකේ සල්ලි ලංකාවට ගන්න විවිධ ක්‍රම කීපයක් අනුගමනය කරන්න පුළුවන් HNB කාර්ඩ් එක වගේ ලංකාවේ බැංකුවකින් නිකුත් කරන කාර්ඩ් එකකින් ගන්ක පුළුවන් නැත්නම් පිටරට ඉන්න කාටහරි සල්ලි යවල ගෙන්න ගන්න පුළුවන් ඒහෙමත් නැතිනම් ඉතින් අදුනන අයට ඩොලර් විකුණන පුළුයන්.ෆේස්බුක් ගෘප්වලින් ඩොලර් අවශ්‍ය අය හොයාගන්න පුළුවන්. ඒත් HNB එකෙන් සල්ලි ගන්න ගියාම කාලයක් යනවා සමහර වෙලාවට මාසයක් දෙකක් ඉන්න වෙනවා කාර්ඩ් එකට සල්ලි ගන්න.කාර්ඩ් එකට සල්ලි දැම්මට පස්සේ එයිද නැද්ද කියලා බල බලා හිතේ ගින්දරින් ඉන්න ඕන.අනික ලංකාවේ අයට ඩොලර් විකුණන්න ගියාම කුණුකොල්ලට අහන්නේ ලොකුගාණක් රුපියල් කරන්න ඒ විදියට බෑ.
 ලංකාවට සල්ලි ගන්න හොදම ක්‍රමය විදියට මම දකින්නේ payoneer එකෙන් දෙන US Payment Service එක.ඒ කියන්නේ අපිට payoneer එකෙන් අපිට USA Bank account එකක් ආරම්භ කරන්න අවස්ථාව ලබල දෙනවා. මේ තුළින් දවස් දෙක තුනක් ඇතුළත පේපෑල් එකේ සල්ලි ලංකාවේ ඕනෙම ATM එකකින් payoneer කාර්ඩ් එකෙන් නීත්‍යානුකූලවම ගන්න පුළුවන්.payoneer කාර්ඩ් එකක් අරගෙන US Payment Service එක verified කරගන්නේ කොහෙමද කියල ඊළගට බලමු. මුලින්ම payoneer එකට ගිහින් ලියාපදිංචි වෙලා කාර්ඩ් එකක් ගෙදරට ගෙන්න ගන්න.මේ සදහා oDesk හෝ Plimus භාවිතා කිරීම අවශ්‍ය වන්නේ නෑ.අපිට කෙළින්ම payoneer එකෙන් ගන්න පුළුටන්.මම ගත්තෙත් ඒ විදියට.ඒ නිසා පහළ ලින්ක් එකෙන් ගිහින් රෙජිස්ටර් වෙන්න. රෙජිස්ටර් වෙන්න මෙතනින් යන්න දැන් sign up button එක ක්ලික් කරලා ඊළගට ඇති ස්ටෙප් 3 යටතේ ඇති විස්තර ඇතුළත් කරන්න

මතක ඇතුව නිවැරදි තොරතුරු පමනක් ඇතුලත් කරන්න. බොරු තොරතුරු ඇතුලත් කලොත් ඔයා අමරුවේ..
හරියට රෙජිස්ටර් වුණා නම් පහළ තියෙන ඊමේල් එක එනවා
ඊළග වැඩ ටික කරන්න වෙන්නේ කාර්ඩ් එක ගෙදරට ආවට පස්සේ. කාර්ඩ් එක ආවට පස්සේ මුලින්ම කාර්ඩ් එක ඇක්ටිව් කරගෙන ඉන්න ඕනෙ.ඒ සදහා $10 යනවා.කාර්ඩ් එක ඇක්ටිව් කරන විදිය ගැන iplus බ්ලොග් එකේ තියෙනවා. ඔයාලා කාර්ඩ් එක ගන්න රෙජිස්ටර් වෙලා ටික දවසකට පස්සේ පහත දැක්වෙන විදියේ ඊමේල් එකක් එනවා.ඒ එන්නේ US Payment Service ගැන අදුන්වා දීමක් විදියට.අපි ඒකට අපේ විස්තර එක්ක රිප්ලයි එකක් යවන්න ඕනෙ.
ඊළගට අපි ඉහළ ඇති ආකාරයට 1 සහ 2 යන ස්ථාන වල ක්ලික් කරලා අපේ විස්තර දෙන්න ඕනෙ. US Payment Service Questionnaire යටතේ අපිට දෙන්න තියෙන්නේ මුදල් උපයන ආකාරය පිළිබද විස්තර
01.ඔබ වැඩ කරන අදාළ ක්ෂේත්‍රය තෝරන්න 02.ඔබ වැඩ කරන වෙබ් අඩවියට අදාළ ඔබගේ profile link එක. උදා.http://fiverr.com/crorkservice 03.ඔබ කරන වැඩ පිළිබදව හැදින්වීමක් government-issued photo ID යටතේ අපිට දෙන්න වෙන්නේ අපේ Passport එක හරි Driver's License එක හරි Scan කරලා.මොකද National ID එක දෙනන බෑ මොකද ඒක සිංහලෙන් තියෙන්නේ.
02.මෙතනට Account Screenshot තෝරලා අපේ පේපෑල් එකවුන්ට් එකේ Screenshot එකක් දාන්න. Screenshot ගන්නකොට ෆුල් Screenshot ගන්න.කොම්පියුටර් එකේ දිනේ වෙලාව වැදෙන්නත් එක්ක.ඊට පස්සේ submit your Answer එකයි Upload එකයි ක්ලික් කරන්න. ඊට පස්සේ අර US Payment Service එක ගැන තිබුණ ඊමේල් එකට රිප්ලයි එක්ක යවන්න ඔයා US Payment Service එක ගන්න කැමතියි කියලා.මම නම් එහෙම යවන කොට ආයෙත් ෆයිවර් එකේ Revenues වලයි profile එකේ Screenshot එකකුයි යැව්වා.මම දන්නේ නෑ එහෙම කරන්න ඕනෙද කියලා ඒත් යාළුවෙක් කිව්ව නිසයි එහෙම කළේ. Account වල Screenshot ගද්දි සල්ලි තියෙන ඒවගෙ Screenshot ගන්න. වැඩ කරන සයිට් එකේ profile එකේ Screenshot ගද්දි තමන්ගේ නමත් එක්ක අහුවෙන්න ගහන්න.මම පහළ දිල තියෙන Screenshot බලන්න.
ඊට පස්සේ US Payment Service එක verified කරන කම් ඉන්න වෙනවා.මේකට නම් මාසයක් වත් ඉන්න වෙනවා.ඒත් ඒකටත් කරන්න පොඩි වැඩක් තියෙනවා.එක පාර $ 100 වැඩි ගාණක් දැම්ම නම් ඉක්මනට වෙරිෆයි කරගන්න පුළුවන්.මම මුලින් $10 වෙරිෆයි වෙන්න කලින් ගත්ත ඒත වෙරිෆයි වුනේ නෑ ඊට පස්සේ $200 එක පාර දැම්ම ඕන දෙයක් වෙන්න කියලා.අනිත් පහුවදාම වැඩේ ගොඩ. US Payment Service එක verified වෙන්න කලින් ඔයාලට පුළුවන් ඕනෙ නම් පොඩි ගාණක් කාර්ඩ් එකට දාල ටෙස්ට් කරලා බලන්න.බයවෙන්න එපා ඒක කාර්ඩ් එකට එනවා.ඒ වගේම වෙරිෆයි වෙන්න කලින් එකවුන්ට් නම්බර් එනවා.payoneer එකට ලොග් වෙලා Service වල US Payment Service බලන්න විස්තර ඇති. ඊට කලින් අපි බලමු කොහමද US Payment Service විස්තර පේපෑල් එකට දාන්නේ කියලා.මුලින්ම payoneer එකට ලොග් වෙලා එහි service යටතේ ඇති US Payment Service එකට යන්න.එතකොට ඔයාලට පහත දැක්වෙන ආකාරයේ විස්තර කීපයක් දක්නට ලැබේවි.
ඊළගට අපි මේ විස්තර පේපෑල් එකට ඇතුළත් කරන්න ඕන.ඒ සදහා පේපෑල් එකට ගිහින් profile යටතේ ඇති Add Bank Account යන්න ක්ලික් කරන්න.ඊට පස්සේ පහළ විස්තර දෙන්න.
01.Country - United state 02.Bank Name- First Century Bank 03.Account Type- Savings 05.Routing Number- US Payment Service යටතේ ඔබට අදාල අංකය ඇත 06.Account Number- US Payment Service යටතේ ඔබට අදාල අංකය ඇත දැන් ඉතින් පේපෑල් එකෙන් withdraw කරනකොට අපේ බැංකු ගිණුමට withdraw කරන එකයි තියෙන්නේ.එතකොට payoneer card එක load වෙනවා.අපිට තියෙන්නේ ATM එකට ගිහින් ගන්න විතරයි.මුලින්ම පොඩි ගාණක් withdraw කරල බලන්න.US Payment Service එක verified නැතත් සල්ලි එනවා.එතකොට ඊමේල් එක්ක එනවා US Payment Service එක තාම verified නැත්නම්.මේ තියෙන්නේ මට ආව ඊමේල් එක.
ඊට පස්සේ $200 දැම්ම ඕන දෙයක් වෙන්න කියලා එවලේ ආව ඊමේල් එකට රිප්ලයි කළාම තමයි වැඩේ ගොඩ ගියේ.
වෙරිෆයි වුණාම මෙහෙම ඊමේල් එකක් එනවා
දැන් ඉතින් අවුලක් නැතිව payoneer එකෙන් පේපෑල් සල්ලි ලංකාවට අදින්න පුළුවන්. මම හිතන්නේ US Payment Service එක තමයි පේපෑල් සල්ලි ගන්න තියෙන වඩාත් විශ්වාසවන්ත හා ඉක්මන්ම ක්‍රමය.කැමති අය ඉන්නව නම් අදම රෙජිස්ටර් වෙලා කාර්ඩ් එක ගෙන්න ගන්න. රෙජිස්ටර් වෙන්න මම මේ ලිපිය ලිව්වේ මගේ දැනීමේ හැටියට මේ ගැන තව කවුරු හරි හරි වැඩි විස්තර දන්නව නම් කමන්ට් එකක් දාලම යන්න.ඒක අනිත් අයට උදව්වක් වේවි.ගැයළුවක් මතුවු‍ණොත් කමන්ට් එක්ක දාන්න පුළුවන් උදව්වක් කරන්නම්.

Sunday, August 4, 2013

Email එකක් අපු ගමන් sms එකකින් ඒක දැනගන්න

Email එකක් අපු ගමන් sms එකකින් ඒක දැනගන්න

මුලින්ම කියන්න ඕනේ මේක වැඩ කරන්නේ Gmail වලට විතරයි.තමන්ට email එකක් ආපු ගමන් ඒ ගැන sms එකක් එන විදිහට හද ගන්න හැටි තමා කියන්න යන්නේ.
ලිපිය ටිකක් දිගයි,ඒත් අවශ්ය අයට මේක සිරාම වැදගත්.

එන හැම email එකටම sms එන්ඩ ගත්තොත් ඒක වදයක් වෙනවනම් තමන්ට අවශ්‍ය අයගෙන් විතරක් email එකක් ආවම විතරක් දැනුම්දෙන විදිහට උනත් මේක හදාගන්න පුළුවන්.මම ඒක කරන හැටි පියවර වශයෙන් කියන්නම්!
මේකෙදි වෙන්නේ ඔයාලට email එකක් ආවම ඒක google calender එකට reminder එකක් විදිහට ඇතුලත් වෙනවා.ඊට පස්සේ ඒ reminder ඒක ගැන sms එකක් එනවා.
මේ විදිහට email notifications දෙන sites තියනවා.එත් ඒ හැම එකකටම සල්ලි ඉල්ලනවා.ඒ නිසයි මේ ක්‍රමේ හොයා ගන්න මම try කරේ.එහෙනම් දැන් වැඩේට බහිමුකො.

01. මුලින්ම Gmail එකට log වෙලා එකේ දකුණු පැත්තේ උඩ තියන gear icon එක click කරලා settings වලට යන්ඩ.ඊට පස්සේ label tab එකට ගිහිං එකෙන් "Create new label" කියන එකට යන්න.

02. ඊට පස්සේ sendsms කියලා නම දීල label එකක් හද ගන්ඩ.(නම වෙනස් කරන්ඩ එපා.මේකේ පොඩි program එකෙක් කියලා තියෙන්නේ ඔය නමට)

03. ඊළගට Filter Tab එකට ගිහිං Create a new filter කියන එකෙන් ගිහිං filter එකක් හදා ගන්න.ඔයාට හැම email එකක්ම ආව ගමන් sms එකක් එන්ඩ ඕනෙනං has the words කියන තැන is:inbox කියලා type කරන්න.එහෙම නැතුව කවුරු හරි විශේෂ කෙනෙක්ගෙන් විතරක් එන email වලට sms එන්ඩ ඕනෙනම් From කියන තැන එයාගේ email address එක ලියන්න.



04. Create filter with this search කියන එක click කරලා ඉස්සරහට යන්ඩ.එතකොට එන window එකේ apply the label එකට පොඩි ටික් එකක් දාලා එකෙන් sendsms කියන එක තෝරලා දෙන්න.ඊට පස්සේ create filter කියන එක click කරන්න.

05. දැන් google docs වලට log වෙන්න

06. ඊළගට මෙතන click කරලා ඉස්සරහට යද්දී එන එකේ yes, make a copy කියලා දෙන්න.

07. දැන් එකේ tools වල Script editor එකට යන්න.ඊළගට එකේ Resources කියන එකට ගිහිං එකේ Current Projects triggers එකට ගිහිං click here to add one now කියන එක click කරලා from spreadsheet කියන එක වෙනුවට Time-driven කියන එක දෙන්න.ඊට පස්සේ hour timer කියන එක වෙනුවට minutes timer කියලා දීල save කරන්න.ඊට පස්සේ එන එකේ Authorize කියන එක click කරන්න.ඊටත් පස්සේ Grant access කියන එක දෙන්න.

08. දැන් මෙතනින් google calender එකට යන්න.දැන් එකේ settings වලට යන්න.ගිහින් එකේ mobile setup කියන tab එකටත් යන්ඩකෝ.ඊට පස්සේ phone number කියන තැනට ඔයාලගේ phone number එක දෙන්න(+94 කියන country code එක ඉස්සරහට දාන්න)

09. ඊට පස්සේ send verification code කියලා දෙන්න.එතකොට ඔයාලගේ phone එකට pin අංකයක් එනවා.ඒක vrrification code කියන තැන ලියලා Finish setup කියලා දෙන්න.

දැන් ඉතින් වැඩේ හරි.email එකක් ඇවිත් විනාඩි 5ක් ඇතුලත ඔයාලට sms එකක් එයි.

( වැඩ කරේ නැත්තන් ඔයාලගේ notifications එන්න හදලා ඇත්තේ email විදිහට වෙන්න ඇති.ඒ නිසා sms වලින් notifications එවන්න කියල google calander එකේ settings හදන්න.)

ෆිල්ම් වල DVDRip, CAM , BDRip, TS, SRC ෆෝමැට් ගැන දැන ගන්න.

චිත්‍රපට බලන්න අපි කවුරුත් කැමතියි.ඒ නිසාම අන්තර්ජාලය භාවිතා කරන අප බොහෝ දෙනාඅප කැමති චිත්‍රපට සොයා බාගත කරගන්න උත්සුක වනවා. මෙයටපහසුම හාවිශ්වාසදායීම ක්‍රමය නම් ටොරන්ට් හරහා අදාල චිත්‍රපටය බාගත කිරීමයි.කෙහෙන් චිත්‍රපටයක් ඩවුන්ලෝඩ් කළත් ඒ සම්බන්ධව නිතරම අහන්න දකින්න ලැබෙනවචන මාලාවක් තියනවා. ඒ තමයි CAM, DVD Rip, TS, SRC වැනි ඒවා.
නමුත් ඔබහරියාකාරවම මේ කෙටි යෙදුම් වල අර්ථයන් දන්නවාද ? නොදන්නවානම් ඊළඟචිත්‍රපටය බාගත කිරීමට කලින් මෙය කියවන්න. මේ කෙටි යෙදුම් වලින් චිත්‍රපටයේගුණාත්මක භාවය හඳුනා ගන්නට පුළුවන්. එමගින් අර්ථ ගන්වා තිබෙන්නේ ඔබ බාගතකිරීමට සූදානම් වන චිත්‍රපටයේ අදාළ පිටපත පිටපත් ගන්වා තිබෙන ආකාරයයි.බෝහෝ අවස්ථා වළදී මෙය නීති විරෝධී කටයුත්තක්.
නමුත් චිත්‍රපට බැලීම සඳහාවූ ලාභදායීම ක්‍රමය එය වනවා.



CAM
අප පොදු වහරේදී කැමරා කොපි ලෙසහඳුන්වන්නේ මේ ඛාණ්ඩයේ චිත්‍රපට පිටපත්. බොහෝ අවස්ථා වලදී මෙවැනි පිටපත්සාදන්නේ චිත්‍රපට ශාලාවට වීඩියෝ කැමරාවක් ගෙන ගොස්චිත්‍රපට ශාලාවේචිත්‍රපටය පෙන්වන තිරය රූගත කිරීමෙනුයි. සමහර අවස්ථා වල කුඩා තෙපා භාවිතාකොට තිබුණත් බොහෝ අවස්ථාවල තිරය චලනය වනු දැකිය හැකියි. එමෙන්ම රූගතකරන්නා වාඩිවන ස්ථානය අනුව තිරය පෙනෙන කෝණයද වෙනස් වනවා. තිරයේ ඇති අකුරුවැනි දෑ කියවීමට අපහසුයි. හඬ ලබා ගැනීම සඳහා කැමරාවේම ඇති මයික් එක භාවිතාකරනවා. කළාතුරකින් අවස්ථාවකදී හැරුණු කොට cam ගුණාත්මක භාවයෙන් ඉතාමත් පහළමට්ටමකයි පවතින්නේ. චිත්‍රපටයක් නිකුත් වී සතියක් යාමට මත්තෙන් මේ වර්ගයටඅයත් පිටපතක් බාගත හැකියි.

TELESYNC (TS)
මෙයත් බොහෝ දුරට cam වලම ගති ලක්ෂණඋසුලනවා. නමුත් මෙහි ඇති විශේෂත්වය වන්නේ හඬ ලබාගන්නේ කැමරාවේ ඇතිමයික්‍රෝෆෝනයෙන් නොව පැහැදිළි හඬ පටයක් ජැක් එකක් මාර්ගයෙන් කැමරාවටසම්බන්ධ කිරීමෙන් වීමයි. විදේශීය සිනමා ශලා වල ඇසීම අඩු අයට ශ්‍රවණය කිරීමසඳහා තම ආසනයේ හෙඩ් ෆෝන් සවිකර තිබෙනවා. එම ජැක් භාවිතා කරමින් කැමරාවට හඬඇතුල් කිරීම සිදු වනවා. මේ නිසා cam වලදී මෙන් නොව TS වලදී හඬ පැහැදිළිවඇසීමට පුළුවන්.පින්තූර වල ගුණාත්මක භාවය cam ආකාරයමයි.

TELECINE (TC)

TC ආකාරයට නිකුත්වන චිත්‍රපට පිටපත්අපට වැඩියෙන් දකින්න ලැබෙන්නේ නැහැ. සිනමා ශාලාවේ චිත්‍රපටය පෙන්වීම සඳහාභාවිතා කරන reels ඩිජිටල් පිටපත් බවට හරවා නිකුත් කරන පිටපත් TC ලෙසහඳුන්වනවා. මේ කාර්‍ය කිරීම සඳහා අවශ්‍ය උපකරණ හිඟ වීමත්, දුශ්කර භාවයත්නිසා බොහෝ අවස්ථා වල දැක ගැනීමට නොහැකියි. නමුත් හඬ සහ පින්තූර වලගුණාත්මක භාවය ඉහල මට්ටමක පවතිනවා.

SCREENER (SCR)

චිත්‍රපටයක් නිකුත් වූ විට එහිපිටපත් preview එකක් ලෙස VHS ආකාරයෙන් විවිධ ස්ථාන වලට යැවෙනවා. මේ VHS ටේප් එකකින් ඩිජිටල් කරණය කරන ලද පිටපත් scr ලෙස හඳුන්වනවා. VHS එක අලුත්නම් පිටපත පැහැදිළි වනවා. නමුත් ප්‍රකාශන අයිතිය සඳහන් වැකි, කොපි කරඇත්නම් දැනුම් දෙන්න යැයි පවසන වැකි ආදිය චිත්‍රපටය පුරාවට දර්ශනය වියහැකියි.

DVD-SCREENER (DVDscr)
SRC මෙන් නොව මෙය පෙර සඳහන් කළ පරිදියවන DVD එකකින් උපුටා ගනු ලබනවා. නමුත් ප්‍රකාශන අයිතිය සඳහන් වැකි, කොපිකර ඇත්නම් දැනුම් දෙන්න යැයි පවසන වැකි ආදිය මෙහිදීත් චිත්‍රපටය පුරාවටදර්ශනය විය හැකියි.

DVDRip
ජනප්‍රියම පිටපත් ක්‍රමය යැයිකිවහොත් නිවැරදියි. චිත්‍රපටය සිනමා ශාලාවල ප්‍රදර්ශනය කොට අවසානයේ මිළ දීගැනීම සඳහා නිකුත් කරන DVD තැටි වලින් මේ පිටපත් නිර්මාණය වනවා. හඬ මෙන්මරූප වලද ගුණාත්මක භාවය ඉහලයි. නමුත් මෙහි ප්‍රධානම අවාසිය වන්නේ චිත්‍රපටයනිකුත්වී DVD නිකුත් වන තුරු විශාල කාලයක් බලා සිටීමමට සිදු වීමයි.

VHSRip
DVDRip ලෙස චිතපටය සිනමා ශාලාවල ප්‍රදර්ශනය කොට අවසානයේ මිළ දී ගැනීම සඳහා නිකුත් කරන VHS වලින් මේ පිටපත් නිර්මාණය වනවා.

BDRip
මිළදී ගැනීම සඳහා නිකුත් කළ BluRay තැටියකින් පිටපත් කරන ලද පිටපත් මෙළෙස හඳුන්වනවා. ගුණාත්මක භාවය DVDRip වලට වඩා ඉහලයි. (1080p හෝ 720p)

TVRip
රූපවාහිනියේ විකාශය වන අතරතුටග්‍රහණය කරගන්නා ලද හෝ චන්ද්‍රිකා මගින් රූපවාහිනී නාලිකා වලට විකාශය වීමටනියමිත චිත්‍රපට එවමින් සිටිනා අතරතුර ග්‍රහණය කරගන්නා ලද පිටපත් මේ ලෙසහඳුන්වනවා. සමහ අවස්ථා වල තිත් වැනි දෑ දර්ශනය විය හැකියි.

HDRip

HD TV මාර්ගයෙන් පිටපත් කරගන්නා ලද සිනමා පිටපත් HDRip වනවා. TVRip වලට වඩා ගුණාත්මක භාවය ඉහළ වුනත් BDRip වලට වඩා අඩුයි.

DivX Re-Enc
චිත්‍රපටය DVD හෝ VCD තැටියකින්ලබාගෙන පමාණයෙන් කුඩා DivX ෆයිල් එකකට හරවා මේ පිටපත් නිම කරනවා. බොහෝඅවස්ථාඅ වල 350mb, 200mb ලෙස ප්‍රසිද්ධව ඇත්තේ මේවායි.

DivX / XviD
DivX හෝ Xvid ලෙස හඳුන්වන්නේ මෙතෙක්සඳහන් කළ පිටපත් වර්ගයක් නොව මහු මාධ්‍ය සඳහා වූ ෆයිල් ෆෝමැට් එකක්. මෙහි codecs වර්ග දෙකක් භාවිතා වනවා. ඒ low motion හා high motion වශයෙන්. දැන්බොහෝ විට යොදා ගැනෙන්නේ high motion codecs පමණයි.

XVCD/XSVCD

පෙර සඳහන් කළ ලෙසම මෙයත් ෆයිල් ෆෝමැට් එකක්. වඩා වැඩි තිර විභේධනයකින් යුත් වීඩියෝ සඳහා යොදා ගැනෙනවා.

Monday, April 1, 2013

සින්දුවක කටහඬ අයින් කරමු





AV Music Morpher Gold v5 0 31 මේක නියම software එකක්. මේකෙන් අපිට ඕනිම සින්දුවක Vocals අයින් කරලා music track එක විතරක් save කරගන්න පුළුවන්.

වෙන softwarers වල වගේ දගලන්න ඕනි නැහැ පට්ට ලේසියි. Install කරගත්තාම ඔයාලට තේරෙයි කරන හැටි :) සිංහල සින්දු වල නම් settings ටිකක් වැඩිපුර හදන්න වෙනවා නැත්තම් sounds upset වෙනවා එත් අවුලක් නැහැ.ඉක්මනටම කරගන්න පුළුවන්.




බාගන්න(Download)

Screenshots

ඩොන්ගල් එකෙ දැනට තියන ෆර්ම් වෙයර් එක නියම විඩියට අප්ඩෙට් කරමු







මේක තමා Mobile Partner 16.ඔයාල දැනටමත් Mobile Partner භාවිතා කරන අය නම් මේක ගොඩාක් වටින දෙයක් වෙයි.(වැඩි පුරම ඉතින් Pre paid අයට තමා)මේකෙ ඔයාල ලග තියෙන එකට වඩා ගොඩාක් පහසුකම් ලබා දීල තියෙනවා.
විශේෂයෙන්ම මේකෙන් කෝල් වුනත් ගන්න පුලුවන් තරමටම දියුනු කරල තියෙනවා එ වගෙම ඔයලට විඩියො කොල්ස් උනත් ගන්න පහසුකම් තියෙනවා.ඔන්න එහෙනම් විස්තරෙ ඉවරයි.පල්ලෙහයින් තියෙන ලින්ක් එක උඩ ක්ලික් කරලා බා ගන්න.


බාගන්න(Download) මිඩියෆයර් ලින්ක් ..මෙක ඩව්න්ලොඩ් කරගෙන රාර් ෆිය්ල් එක එක්ස්ට්‍රැක්ට් කාරගන්න..ඉන්පසු එහි ඇති ෆඉල් එක රන් කරන්න..


මෙ ආකරයට ඔබටත් ඩ්යලොග් බො‍ක්ස් එකක් ලැබෙන අතර එහි I accept the agreement යන්න තොරා නෙක්ස්ට් යන්න ක්ලික් කරන්න..


ඉන්පසු සෙව්මක් වි ඔබගෙ ඩොන්ගල් එකට අදාල ඩ්‍රිය්වර්ස් ඉන්ස්ටාල් විම අරබෙනු ඇත.ඔබ මෙම වැඩසටහන හෙවත් ෆර්ම්වෙයාර් එක ප්‍රතම වතාවට ඉන්ස්ටල් කරන්නෙ නම් ඔබගෙන් පහත ආකරය්ට key එකක් ඉල්ලුවහොත්,


 මෙම සොෆ්ට්වෙයර් එක ඩොව්න්ලොඩ් කරගන්න..
බාගන්න(Download)
මෙම සොෆ්ට්වෙයර් එක ඩව්න්ලොඩ් විමෙන් පසුව ඔපන් කරගන්න..එවිට පගත ආකරයට වින්ඩො එකක් ලැබෙන අතර

 
එහි ඔබගෙ ඩොන්ග්ල් එකෙහි මොඩ්ල් එක තොරා calculate යන්න මත ක්ලික් කරන්න.එහිදි generate වන කිස් ඉහත වින්ඩො එකහි පාස්වර්ඩ් එක ඉල්ලන ඉස්තානයට ලබාදි නෙ‍ක්ස් යන්න මත ක්ලික් කරන්න..පසුව ඔබට පහත ආකරයට වින්ඩො එකක් ලබෙ නම් ඔබ සාර්තක ලෙස ෆර්ම්වෙයර් අප්ඩෙට් කරල තියනවා...:ඩ්


Monday, March 18, 2013

වෙන්වීම දරාගන්න අපහසූ ද??

වෙන්වීම දරාගන්න අපහසූ ද? සිතින් දුක් විඳිමින් ලත වෙන ඔබට


සාංකාව හෙවත් පාළු ගතිය මානසික රෝගයක් විදිහට සලකන්නේ නැහැ. සාංකා ගතිය බොහෝ වෙලාවට සිත් තුළ ඇති වෙන්නේ තමන් ඉතාම ළඟින් ඇසූරු කරන කෙනෙකුගෙන් වෙන්වෙන්න වූණාම, එවැනි පූද්ගලයෙක් ජීවිතයෙන් සමූගත්තාම වැනි අවස්ථාවලදී තමයි


වෙන්වීම කියන කාරණාව විවිධ දේ නිසා වෙන්න පූළුවන්. සබඳතා බිඳීම තුළින්, කෙනෙකු හැරයාම තුළින්, තමන් දුරස්ථවීමෙන් පවා මේ දෙය වෙන්න පූළුවන්. මෙතනදී වෙන්නේ මෙම තත්ත්වයට මූහූණ දෙන පූද්ගලයා තුළ යම් කිසි නොසන්සූන්බවක් ඇති වෙනවා. මෙය මනෝ විද්‍යාව තුළදී වියෝ දුක ලෙස හඳුන්වනවා. වියෝදුක ඇතිවීම සොබාවිකයි. මෙය රෝගී තත්ත්වයක් නෙවෙයි කියලා අපි හඳුන්වන්නේ ඒ නිසයි. හැබැයි මේ තත්ත්වය දිගින් දිගටම පැවතුණොත් රෝගී තත්ත්වයක් ලෙස වර්ධනය වෙන්න පූළුවන්.


සාමාන්‍යයෙන් කෙනෙකුට වියෝවක් වූ විට වියෝ දුක දෑනෙනවා. ඔවූන් එයට විවිධ විදිහට ප්‍රතිචාර දක්වනවා. අපි දන්නවා මරණයකදී කෙනෙකු වෙන්වීම නිසා මූල් මාස හයක කාලය තුළ වෙන්වීම නිසා ඇති වූ කම්පනය හේතුවෙන් එම පූද්ගලයා තුළ නොයෙක් නොයෙක් වෙනස්කම් ඇති කරන්න පූළුවන්. මෙය අපි මනෝ විද්‍යාව අනූව අවධි තුනකට බෙදනවා. මූල් අවධිය අපි හඳුන්වන්නේ වෙන්වීම බාර ගැනීම ප්‍රතික්ෂේප කරන අවධිය විදිහට. ඒ කියන්නේ එහෙම දෙයක් සිදුවූ බව පිළිගන්න ලැහැස්ති නැහැ. එහෙම දෙයක් නොවූණා සේ තමයි ඔවූන් හිතන්න කැමති. මෙම තත්ත්වය එක්තරා විදිහකට අපේ මනස රැක ගැනීමට පාවිච්චි කරන සංරක්ෂණ ප්‍රයෝගයක් ලෙසත් හඳුන්වනවා.


මෙවැනි තත්ත්වයකදී කෙනෙකුට බලාපොරොත්තු වන හැඟීම් පවා ඇති වෙන්නේ නැහැ. හැඟීම්වල මොටවීමක් පවා ඇතිවෙන්න පූළුවන්. නැත්නම් අපි මෙම අවස්ථාවේදී චිත්තවේගවල හිරි වැටීමක් ඇති වෙනවා කියලා හඳුන්වනවා. මෙය කායික හිරිවැටීමක් වගේ දුක දෑනෙන්නේ නැති වෙනවා. දුක දෑනෙන්නේ නැතිව කටයූතු කරන්න පූළුවන්. මෙය මූල් අවධිය ලෙස හඳුන්වනවා. මෙම තත්ත්වය පැය කිහිපයක සිට දින කිහිපයක් දක්වා තියෙන්න පූළුවන්.


ඊට පස්සේ එළඹෙන්නේ, දෙවන අවධියට. දෙවෙනි අවධියේදී තමයි දුක දෑනිලා යථාර්ථය අවබෝධ වෙන්නේ. කෙනෙකුගේ නැතිවීමේ අඩූව තේරෙනවා. දෑනෙන්න පටන් ගන්නවා. එතනදී ඇතිවන ප්‍රධානම දේ තමයි දුක. දුක ඇතිවීම තුළ කෙනෙකු අඬන්න පූළුවන්. වැලපෙන්න පූළුවන්. බලාගත් අතේ බලාගෙන ඉන්න පූළුවන්. ඒ වගේම වෙන්වූණ කෙනා නැතිවූණ කෙනා තමා ළඟ ඉන්නවා වගේ දෑනෙන්න පූළුවන්. තමන්ට එම පූද්ගලයාගේ කටහඬ ඇහෙන්න පූළුවන්. නැත්නම් අනෙක් අය අතරේ ඡායාව දකින්නත් පූළුවන්. සමහර විට වෙනත් පූද්ගලයන් ඒ හැටියට වරදවා තේරුම් ගන්න පූළුවන්. හූඟක් වෙලාවට මෙම අවදියේදී නින්ද අක්‍රමවත් වෙනවා. නිතර නිතර වෙන්වූණ කෙනා නැත්නම් වියෝ වූණ කෙනා ගැන හිතන්න පටන් ගන්නවා. මතක් කරමින් වැළපෙන්න ගන්නවා. මෙය වරින් වර එන තත්ත්වයක්. හරියටම කිව්වොත් මූහූදේ


රැල්ල වගේ. උදාරහණයක් විදිහට මළ ගෙදරක ගියාම අපට මෙම තත්ත්වයේ ඉන්න අය බලාගන්න පූළුවන්. එක පාරටම බලාගත්ත අතේ බලාගෙන ඉඳලා ඒ සැනින් කෑ ගහලා හඬන්න ගන්නේ දෙවැනි තත්ත්වයේ පසූවන අය.


තුන්වන තත්ත්වයේදී වෙන්නේ කෙනෙකු යථා තත්ත්වයට පත්වීමයි. දෑන් එතනදී මිය ගිය කෙනා හරි වෙන් වූණ කෙනා හෝ නැතිවූණ කෙනා නැතිව තමන්ගේ ජීවිතය සකස් කරගන්න පෙළඹෙනවා. අපි එම තත්ත්වයට හැඩ ගැසෙනවා. මෙම තත්ත්වයේදී වෙන කෙනෙකුගේ දෛනික කටයූතු ක්‍රමක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙන්න පටන් ගන්නවා. ඒ වගේම මිය ගිය පූද්ගලයා හෝ වෙන්වූන පූද්ගලයා ගැන හොඳ මතකයන් සිතමින් සතුටූවෙන්න පටන් ගන්නවා. එතකොට අනාගතය ගැන සිතමින් නැවත සැලසූම් සකස් කිරීම මෙම අවදියේදී සිද්ධ වෙනවා. අවසානයේදී තමන් වෙන්වීමට හැඩ ගැසිලා තමන්ගේ ජීවිතය නැවත සකස් කර ගන්නවා.


මෙම අවදි තුනම සූව වෙන්න පූළුවන්. විශේෂයෙන් වැදගත් වෙනවා දෙවැනි අවදියේදී දුක පිට කරගන්න එක. අඬන එක, වැළපෙන එක, ඒ ගැන කතා කරන එක, දුක තව කෙනෙක් එක්ක බෙදා ගන්න එක ඒ සියල්ලම වැදගත් වෙනවා. උදාහරණයක් විදිහට අපේ මළ ගෙදරක් වූණාම ඒ හා බැඳෙන චාරිත්‍ර සහ ආගමික කටයූතු හූඟක් උදව් වෙනවා වියෝ දුක පාලනය කරගන්න. ළඟපාත පිරිස එම නිවසට එකතු වෙන එක, ඥාතීන්ගේ පැමිණීම, මරණය ගැන සහ දුක ගැන කතාකිරීම, ආගමික කටයූතු කිරීම, දානමය පූණ්‍ය කර්ම බණ, පිරිත් වැනි දේවල් දුක තුනී කරගන්න හේතු වෙනවා.


මෙම තත්ත්වයම අපි දකිනවා සබඳතාවක් කැඩූනාමත්. මගේ ළඟට ළඟඳි ආවා විශ්ව විද්‍යාල ළමයෙක්. ඒ ළමයා විශ්ව විද්‍යාලයේම ළමයෙක් එක්ක සම්බන්ධයක් තිබිලා ඒක කැඩිලා. අන්තිමට ඔහූ කළකිරිලායි මාව හමූවෙන්න ආවේ. ඔහූ අධ්‍යාපන කටයූතු පවා අතහැර දමා තිබූණා. ඔහූ දෙවන අවධියයි පසූූකරමින් තිබූණේ. නමූත් ඔහූ දෙවන අවදියේ ඉදලා තෙවන අවදියට යනකොට තත්ත්වය තේරුම් අරගෙන කටයූතු කරන්න ගත්තා. වැදගත් වූණේ දුක පිටකරගන්න අවස්ථාව ලබාදෙන එක. දුක බෙදා ගන්න උදව් වීම තුළින් සහ ඔහූගේ දෛනික කටයූතුවල නිරතවෙන්න උදව් කිරීමෙන් තත්ත්වය හොඳ අතට ගන්න හැකියාව ලැබූණා. නින්ද නොයන තත්ත්වයක් නම් නින්ද යන්න බෙහෙත් ලබා දෙන්න ඕන. නැතිව විශේෂ බෙහෙත් අවශ්‍ය වෙන්නේ නැහැ. නමූත් මනෝ උපදේශනය ඉතාම හොඳයි. රෝගියා කෙරෙහි විශ්වාසනීයත්වය දිනා ගැනීම තුළින් ඔවූන්ගේ හැඟීම් තේරුම් ගෙන කටයූතු කිරීම ඉතාම වැදගත්. එම නිසයි අපි මනෝ උපදේශනයක වැදගත්කම පෙන්වා දෙන්නේ. මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමෙන් වියෝ දුකින් පෙළෙන කෙනෙකු යථා තත්ත්වයට පත් කළ හැකියි.

ස්ත්‍රීන්ගේ ශරීරාංගවලින් ඇගේ චරිතය


ස්ත්‍රීන්ගේ ශරීරාංගවලින් ඇගේ චරිතය





යූවතියකගේ වටිනාම වස්තුව ඇයගේ මූහූණය. එය මූසාවක් යැයි පැවසිය නොහැකිය. කාන්තාවකගේ මූහණේ ඇතිවන හැඟීම් ප්‍රකාශ කිරීම තුළින් දිනාගත නොහැකි දෙයක් ලොවෙහි නැතිය.


ඔබේ රූ සපූව අලංකාර කර ගැනීමට විමසිලිමත් වූවා මිසක මූහූණ හැඩය පිළිබඳව හා එහි පිහිටි හැඩය අනූව ඔබේ චරිත ලකෂණ හෙළිවන බව ඔබ මොහොතකට හෝ නොසිතන්නට ඇති.


ස්ත්‍රීන්ගේ ශරීරාංගවලින් ඇගේ චරිතය හෙළිවන බව දෛවඥයන් මෙන්ම මනෝ විද්‍යාඥයන් ද පිළිගනී. ශරීරාංගවලින් ඔබේ ගති ගුණ හෙළිකරන ග්‍රහයෝග යටතේ අද අප සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ ඔබේ මූහූණේ හැඩය අනූව හෙළිවන චරිත ලකෂණ පිළිබඳවයි.


කිසියම් කාන්තාවකගේ මූහූණ කෘෂ (කෙටිටූ) ස්වභායකින් යූතු නම් ඈ තරමක් දරුණූ ගති ස්වභාවයක් පෙන්නම් කරයි. එසේ වූව ද ඇය සිය මිතුරන් අතරේ පරිත්‍යාගශීලී තැනැක්තියක ලෙස ඉතා ජනප්‍රිය වේ.


සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඔබේ මූහූණ සිහින්ව පිහිටා තිබේ නම් ඔබ කළහකාරී ගති ගුණවලින් යූතු වන අතර ඔබේම සොයූරු සොයූරියන් සමග වූවද ගැටූම් ඇතිකර ගනී. මේ නිසා ඔබට මිතුරු මිතුරියන් අඩූවේ. මෙසේ වූව ද ඔබට දැඩි ආත්ම විශ්වාසයක් ඇති බව පෙනේ.


මාංශවලින් පිරුණූ මූහූණක් පවතින්නේ නම් ඔබ නිදහස් සිතුවිලි දරන්නියකි. වෙහෙස මහන්සිවී උපයා ගන්නා ඇය අර පරිස්සමින් විය පැහැදම් කිරිමේ ශක්තියක් සහජයෙන්ම ඔබ සතු වන අතර යමක් නිවැරදි අයූරින්ම වටහා ගැනීමේ ශක්තියක් ඇතිවාක් මෙන්ම අන් අය සමග සූහදව කටයූතු කරන සමාජශීලි තැනැක්තියකි.


ඔබේ මූහූණ රවූම් ආකාරයට පිහිටා ඇතිනම් ඔබ බෙහෙවින්ම අනූකම්පා සහගත යූවතියකි. අනූන්ගේ දුක අවබෝධ කරගත හැකි මෘදු මොළොක් හදවතකින් යූතු ඔබට කුඩා දරුවන් බෙහෙවින්ම ඇල්මක් දක්වයි. එමෙන්ම එවැනි කාන්තාවන්ට වාසනාවන්ත දරුවන් ද ලැබේ.


මූහූණ වටකුරුව, කුඩාවට පිහිටා ඇත්නම් ඔබට උසස් අධ්‍යාපනයක් ලැබීමේ වාසනාව ඇත. දාර්ශනික අදහස්වලින් පරිපූර්ණ ඔබ පූහූ ආටෝප වලින් තොරව චාම් සරල දිවිපෙවෙතක් ගත කරයි.


මූහූණ දිගටි හැඩයෙන් යූතු නම් ඔබේ දැහැමි සිතුවිලි හා ගතිගුණවලින් යූතු වූවත් දුක් කම්කටොලුවලටද ඇය ගොදුරු වෙයි. එසේ වූවත් ඇය නිර්භීත කාන්තාවක් ලෙසට හැඳින්විය හැකිවේ.


ඔබේ මූහූණ පිරිමියෙකු මෙන්ම දිස්වේ නම් ඔබ විවාහවීමේදී වඩාත් සැලකිලිමත් විය යූතුයි.


දැලි රැවූල පිහිටා තිබේනම් ඇයට දුක්කම්කටොලුවලට මූහූණදීමට සිදුවෙයි. එහෙත් දෙකම්මූල්වල සාමාන්‍ය රෝම කූප තියෙනවානම් ඉතාමත් වාසනාවන්තයි.


ඇතැම් කාන්තාවන්ගේ මූහූණ පළල් හැඩයකින් පිහිටා තිබේ. එවැනි කාන්තාවන් ව්‍යාපාර කටයූතුවලට දකෂ මෙන්ම දියූණූවීමේ වාසනාවද ඇය සතුව පවතී.